ගාලු මුවදොරදී මුහුදේ නෑමට ගිය කොල්ලුපිටියේ සිට පැමිණි 6 දෙනකුගෙන් අයකු (30) අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
කොල්ලුපිටිය පදිංචි සාදි මොහොමඩ් නමැති මොහු සොයා නාවික හමුදාව හා පොලිසියේ කිමිඳුම්කරුවන් මෙහෙයුමක් දියත් කර ඇතැයි පොලිසිය පවසයි.
කඩුගන්නාව, හේනාවල සිකුරාදා රාත්‍රියේ මුර සංචාරයේ යෙදෙමින් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියකු නුවර දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කඩුගන්නාව පොලිසිය කියයි.
පුත්තලම- අනුරාධපුර මාර්ගයේ අලුත්ගම 16 කණුවේදී අද(17) දින සවස 5ට පමණ ත්‍රිරෝද රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබළෙකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි. මෙම යුද හමුදා සෙබළා කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිට නොච්චියාගම හැළඹෑව ප්‍රදේශයේ පිහිටි සිය සේවා ස්ථානයට පදවාගෙන යමින් තිබූ ත්‍රිරෝද රථය හා කරුවලගස්වැව ප්‍රදේශයේ ගුරුවරියක විසින් අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට පදවාගෙන යමින් තිබූ බව කියන කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd