මත්කුඩු මිලි ග‍්‍රෑම් 60 ක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන 28 හැවිරිදි පුද්ගලයකු අනුරාධපුර දී  අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.


බණ්ඩාරගම රයිගම දී හා බණ්ඩාරගම බටහිර දී සේවය නිමවා යමින් සිටි තරුණියක් දෙදෙනකුගේ ගමන් මලු පැහැරගෙන ගිය බව කියන යතුරුපැදිකරුවකු සොයා පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි.

එසේ පැහැරගත් එක් ගමන් මල්ලක් බණ්ඩාරගම දී සොයා ගත් බවත් එහි තරුණියගේ ජාතික හැඳුනුම්පත තිබූ බවත් පොලිසිය කියයි.


ව්‍යාජ ලෙස සකස් කළ බරවාහන රියදුරු බලපත්‍රයක් සමග අයෙක් හමුවූ බවත් රුපියල් 10000ක මුදලකට ව්‍යාජ බලපත් සාදන්නකු මගින් එය සාදාගෙන ඇති බවට අනාවරණය කරගත් බවත් බණ්ඩාරගම පොලිසිය පවසයි.


මඩකලපුව කළුවන්චිකුඩියේ නිවසකට දවාලේ ඇතුළු වූ හොරු කණ්ඩායමක් නිවසේ තිබූ බව කියන රුපියල් හාරලක්ෂ හැත්තෑ දහසක් වටිනා පවුම් දහයක රන් ආභරණ හොරකම් කර ඇතැයි පොලිසිය කියයි.