කොස්ලන්ද ඌව මාවෙලගම නිවසක සඟවා  තිබු ඝාතනය කරන ලද ගෝනකුගේ හිසක්, අං තට්ටුවක්, ගෝන හමක්, ගිනි අවියක් සමඟ පුද්ගලයකු (57) අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.   


මරදන්කඩවල කැලැපුලියන්කුලම ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි බෝර 12 ක තුවක්කුවක් පෙන්වා පුද්ගලයකුට මරණිය තර්ජනය එල්ල කළ අයෙක් (48) අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි.


වාලච්චේන-මඩකලපුව පාරේ ඒරාවූර්හි දී යතුරු පැදියක ගැටීමෙන් කාන්තාවක(71) මරණයට පත් වූ බව පොලිසිය කියයි.

 


හික්කඩුව පටුවන දී නවතා තිබූ කොට ලොරියක ත්‍රී රෝද රථයක් ගැටී ත්‍රී රෝද රථය පැදවූ ගාල්ල පොලිසියේ කොස්තාපල්වරයකු මිය ගිය බවත් බරපතල තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය කියයි.