කොළඹ- මීගමුව මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේ බලපත්ලාභි මත්ද්‍රව්‍ය  අලවිසැළකින් රුපියල් හාරලක්ෂ අසු පන්දහසක් හා විවිධ වර්ගයේ මත්පැන් බෝතල්  8 ක්  අද (23) අලුයම සොරා ගෙන ගොස්  ඇතැයි  සීදුව පොලිසිය කියයි.


මිනුවන්ගොඩ ඕපාත දඩුගම් ඔයේ පාවෙමින් තිබු යකඩ  පෙට්ටියක් තිබී ටී 84 වර්ගයේ ගිනි අවි වලට  දමන පතුරම් 47 ක්,මැගසීන් දෙකක්, තුවක්කු පිරිසිදු කරන බ්‍රෂ් එකක් හා දුම්බෝම්බයක්  සොයාගත් බව පොලිසිය කියයි. 


ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ධාවනය වු ලොරියක් මාර්ගයෙන් ඉවතට  පැන පෙරළි ගොස් ගසක වැදී ඇතැයි පොලිිසිය කියයි.