වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර 2002.05.27 වැනිදා හෙරොයින් කුඩු ග්‍රෑම් 6.7 ක් ළඟ තබාගෙන අලෙවි කළැයි කියන සිද්ධියේ පොලිස් තොරතුරු පොත අතුරුදන් වීමට හිටපු පොලිස් ස්ථානාධිපති ඊ.ඇම්.සේනානායක වගකිව යුතු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ආර්.එල්.රණවීර මහතා ලලිත් ජයසූරිය මහාධිකරණ විනිසුරුට අද වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
දැනට විශ්‍රාම ගොස් සිටින සේනානායක එම පොත බාරදී නැතැයිද විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපදෙස් පතා ඇතැයිද රණවීර මහතා සඳහන් කළේය. මේ තත්ත්වය යටතේ නඩුව පවත්වාගෙන යා හැකිද නැද්ද ගැන නීතිපති උපදෙස් පතා නඩුව ලබන 16 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හිටපු පොලිස්පති කෙනෙක්නෙ . කොහොම හරි කාව හරි මාට්ටු කරලා වෙලේ සුදා නිදහස් කළා කියයි සාක්කි නැති නිසා . මේ ආණ්ඩුවේ කවුරුහරි ලොකු කෙරුමෙක් මේකට සම්බන්ධයි වගේ පෙනෙන්නේ මේ යට ගහන හැටියට. (බ)
පොතක් පරිස්සම් කරන්න බැරිනම් අහිංසකයෙක් වෙන්න බෑ (බ)
පවු අහිංසකයා! (නි)