බන්දු තඹවිට
රථවාහන වරදකට දඩ කොළයක් ලබාදීමට යාමේදී පොලිස් නිලධාරියාගේ දඩ පොත උදුරා ඉරාදමා පලා යමින් සිටි විශ්‍රාමික හමුදා සෙබලෙකු දක්ෂිණ අධිවේගී මාර්ගය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට බාරදී තිබේ.
බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබලෙකු සිය පවුලේ සාමාජිකයන් සමඟ මෝටර් රථයකින් ගාල්ල ප්‍රදේශයට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට වැලිපැන්න පිවිසුමට පැමිණ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන විට එහි සේවය කළ පොලිස් නිලධාරියකු එම මෝටර් රථය නවත්වා ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම නිසා දඩ කොළයක් ලබාදීමට කටයුතු කරන විට එම දඩ කොළ පොත උදුරා ඉරා දමා මෝටර් රථයේ නැගී ගාල්ල දෙසට පලාගොස් ඇත.
පසුව ගාල්ල පින්නදුව අධිවේගී පිටවීමේදී අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන වැලිපැන්න පොලිසියට බාරදී ඇත. වැලිපැන්න පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා, රණ විරුවන්ට බොරු චෝදනා ගේන්න එපා.
මේවා රණවිරු ක්රියාද?
පාර පුරාම ත්රීවීලර් මාර්ග නීති කඩනවා කවදාකවත් ඒ අයව අල්ලනවා මම දැකලා නැහැ. නමුත් අදායම් බලපත්‍රය පෙන්වා නැතිවීමයි මේගොල්ලන්ට ලොකු. ඇයි මේ නීති එකපැත්තකට පමණක් ක්රීයාත්මක වෙන්නේ? ඒකටත් හේතුවක් තිබෙනවා.