(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පෙරියකුලමේදී පොලිස් ජීප් රථයක් හා බස් රථයක් ගැටී ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.
සහකාර පොලිස් අධිකාරිවරයා නවගත්තේගම පොලිස්ථානයේ අද (30 ) උදෑසන පැවති අර්ධ වාර්ෂික පරික්ෂණයට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවද කියයි.
රථවාහන පොලිස් නිළධාරින් පැවසුවේ ගමන් කරමින් සිටි ජීප් රථය ඉදිරියෙන් ගවයින් රැළක් හදිසියේ මාරුවී ඇති නිසා එය වළක්වා ගැනිමට යාමේදි ජීප් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ අනෙක් පසින් ගමන් ගත් බස් රථයක ගැටිමේන් මෙම අනතුර සිදුව ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු බලපත්‍ර ලබාගන්නා විට ලංකාව වැනි රටවල නිදැල්ලේ හැසිරෙන සතුන් බහුල නිසා(මිනිසුන් ඇතිකරන සතුන්) ඒ ඒ සතුන් මාර්ගයේ ඇති විට ධාවනය කලයුතු අයුරු ගැන අදහසක් දෙනවා. හදිස්සියේ ගවරැලක් මාර්ගය හරහා පනිනවා කියන්නේ, "හදිසි" බවට පත්වෙන්න කෙතරම් වේගයක් තියෙන්න ඕනද? රැලෙන් එකෙක් රියදුරු රස්සාව කරලා වගේ.
කවුද ගවයින් කියල මම කල්පනා කලේ.
සාමාන්‍ය රියදුරෙක් මෙම අනතුරට පත්ව්නන්ම් අනිවාරයෙන්න්ම අදික වේගයෙන් දාවනය කිරීම, යන චෝදනාව යටතේ නඩු දානවා නොවේද? නීතිය කොහෙද ?
ගව රැලක් පාරේ ඉන්නවා දුටුවිට පොලිස් රථ රිය්දුරගේන්ත් සාමානය බුද්දිය නැතිවී අමන රියදුරන්ගේ තත්වයට වැටිලාද ?
මේ ගව රැල හදිසියේ පාරට මතුවෙලා තියෙන්නේ කොහොම නවත්වන්නද? හරි හෙමින් ආවේ රැලෙන් එකෙක් රියදුරු රස්සාව කලානම් අද එතන අනතුරක් නැ
ලංකාවේ ගවයෝ කවුද කියල හැමෝම දන්නවා ....!!!
ඉක්මන් සුවය ලැබෙන්න ඒඑස්පී මහතාට
ලංකා, කිසිවෙක් සිතා මතා අනතුරු සිදු නොකරන බව සැබෑය(රක්ෂණාවරණ වංචාවක් නොකරන්නේනම්). ඔබ තරමක් පිටිසරබද පළාතකට ගිහින් බලන්න ගවයින් ගමන් කරන විදිහ. ගවයන් යනු මද කිපුණු හස්තියන් නොවේ. එක ගවයෙකූගේ ඇඟේ ගැටුන වාහනයකට අනිත් ගවයින් එකතුව අපේ මිනිසුන් මෙන් පහර දෙන්නේද නැත. අනවශ්‍ය ලෙස කලබල වන්නේද නැත. නමුත් වාහනය දෙස බලන්න. චායාරූප බලා උපකල්පනය කිරීමට තරම් බුද්ධිය පහල වේවා!
එස්.පී. මහත්තයාව මම හොඳින් දන්නවා. එතුමා හරිම හොඳ මහත්තයෙක්.... ඉක්මන් සුවය ලැබේවා !!!
ඒ.එස්.පී. මහත්තයාගේ නම මොකක්ද? මමත් සමහරවිට දන්නවා ඇති...