දරු උපතක් බලාපොරොත්තුවෙන් අනුරාධපුර රෝහලේ වාට්ටුවක සිටින දන්තුරේ නිරෝෂා විමලත්න (ඩිලානි) ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජ ශාලාවේ සුප්‍රසිද්ධ නයි නළඟන වෙනුවෙන් අද (06) උදේ සේවයට යොදවා සිටි කොස්තාපල්වරුන් දෙදෙනා පැයකින් පමණ ඉවත් කරගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි අයිත දුන්නොත් උද්ඝෝෂණය කරනවාද?
පව් දෙයියනේ හැමෝම හිතන්න ඕනේ තමන්ගේ කෙනෙක්ට මෙහෙම උනා නම් මේ වගේ කියනවාද කියලා (දී)
මමනම් මෙහි වැරද්දක් දක්කිනේ නැ. ඇය සමහරවිට පොලිස් ආරක්ෂාව ඉල්ලන්න ඇති.. (දී)
මේ මනුස්සයාට මේ හැටි මඩ ගහන්න එපා (දී)
අර නයාද දන්නේ නෑ තාත්තා (දී)
ඉපදෙන බබාට අයිතිවාසිකම් කියන්න ගොඩාක් තාත්තලා එයි කියලා වෙන්නැති ආරක්ෂාව දීලා තියෙන්නේ (දී)
ආරක්ෂාව ඉල්ලුවොත් ඕනෑම කෙනෙකුට එය ලබා දීම පොලීසියේ රාජකාරිය. මෙතන තොරතුරු පැහැදිලි මදි මොකද ඉල්ලපු ආරක්ෂාවද අරන් ගියේ කියන එක ගැන. ඉල්ලනේ නැතිව ආරක්ෂාව දුන්න නම් මොකක් හරි වයර් ලුස් එකක් විතරයි . පොඩි ළමුන් තමා සමහ අයගෙන් බේරා ගන්න ඕනේ. (දී)
පොලිස් ආරක්ෂාව දීල මෙයාගේ මොනවා ආරක්ෂා කරන්නද? (ස)
වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ කවුද මෙයාට පොලිස් ආරක්ෂාව දුන්නේ කියල. (ස)
අනිත් හැම කාන්තාවකටම වගේ මේ තැනැත්තියටත් මව් පදවිය ලබා ගන්න සාධාරණ අයිතියක් තියනවා. ඇගේ රැකියා තරාතිරම් හෝ වෙනත් පුද්ගලික ප්‍රශ්න ඊට අදාළ නැති බවයි මගේ ස්වාධීන අදහස. (ස)
අනේ සත්‍යා, එකඟ වෙන්න පුළුවන් දෙයක් කියන්න. බොරු තර්ක ගෙනෙන්න එපා. (නි)
මෙතන තියෙන කමෙන්ට්ස් දැකලා ලැජ්ජාවට අයින් කර ගන්න ඇති (දී)
පොලිසියේ ආරක්ෂාව එයාට දෙන්නත් ඉවත්කරන්නත් හේතුව පොලිසියේ ඇත්තෝ දන්නවා ඇති .සමහරවිට පෙරේරා කියන දේම වෙන්නත් පුළුවන්...(ස)
බබෙක් ලැබෙන්න ගියාම මොකටද පොලිස් ආරක්ෂාව...(ස)
සත්‍යාගේ කතාව හරි (නි)
මොකටද පොලිස් ආරක්ෂාව,, මෙයා ප්‍රභූවරයෙක්ද? අපේ මිනිස්සුන්ට නම් හොඳටම පිස්සු (දිල්)
ආරක්ෂාව ලබන්න සුදුසු ප්‍රභූ පැලැන්තිය විතරද? සාමාන්‍ය පුද්ගලයන්ට ආරක්ෂාව දෙන එක වරදක්ද? මෙයා පෙම්වතාගෙන් පවා පහරදීම් වලට ලක් වු කෙනෙක්. අපි වගේම මනුස්සයෙක්. එවැනි අවදානමක් නැවත දරුවාට හෝ එල්ල වනවාට ආරක්ෂාව දෙන එක වරදක්ද? බුද්ධිමත්ව සිතා බලන්න මේවගේ ඒවට ගොඩක් දුරට කොමන්ට් කරන්නෙ කී බෝර්ඩ් වීරයො... ආරක්ෂාව දුන්නම ඒකට බනිනනවා වගේම ආරක්ෂාව නොදී ඇයට අනතුරක් උනානම් බනිනන්නෙත් ඔය අයම තමයි පොලිසියට ඒක වත් කරගන්න බැරි උනා පොලිසිය මොකටද කියල? තේරුම්ගත යුතු දේ තමයි ආර්ක්ෂාව ලබා ගැනීමේ අයිතිය වැඩිපුරම තියෙන්නෙ ප්‍රභූ වරුන්ට වඩා සාමාන්‍ය ජනතාවට කියලා (නදී)
අහෝ අපේ පොලිසිය.... (දී)
ලංකාවේ ළමයි ලැබෙන්න ඉන්න සියළු දෙනාටම මේ විදියට පොලිස් ආරක්ෂාව දෙන්න ඕනේ.(නදී)
ලංකාවේ පොලිසියට ගියකලක් ,ක්ලබ් වල නටල බබාලා හම්බවෙන්න එන අයට ආරක්ෂාවට ත් පොලිස් ආරක්ෂාව . (දී)
ඩි.න්.ඒ පරික්‍ෂා කර තාත්තා ව හොයන්න ඕන මෙයාට පෝලිස් මුර දෙන්නනම වටිනා කෙනෙක් තමයි (දී)
ආරක්ෂාව ඉල්ලනවානම් දෙන්න ඕනේ. හොරුන්ට මිනීමරුවන්ට ආරක්ෂාව දෙනන් පුලුවනිනම් ළමයෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට ආරක්ෂාව දෙන්න බැරි මොකද? (දී)
සත්‍යා, මෝඩ කතා කියන්න එපා. ඔහොම ආරක්ෂාව දෙනවනම් කි දෙනෙක්ට ආරක්ෂාව දෙන්න ඕනෙද? පෙම්වතාගෙන් පහර කපු එකට ආණ්ඩුව හරි පොලිසියහරි පලිද? ඒ වගේ සිද්ධි ලංකාවේ ඕන තරම් වෙන්නේ. මෙහෙම ආරක්ෂාව දෙන්න ගියොත් පොලිසියට වෙන වැඩක් නැතිවෙයි. හැම තිස්සිම ආණ්ඩුව කරන එකට විරුද්ධ වෙන එක තමයි සත්‍යාගේ වැඩේ. හරි මොකක්ද තියල ඔය තියෙන ඇබිත්තක් හරි මොලෙන් හිතල බලන්න. (දී)
මෙයා පොලිසියේ අය ලවා කොස් කඩවලා පොල් ලෙලි ගස්සවලා මල් වලට වතුර දම්මවලා .ඒක නිසා පොලිස් ආරක්ෂකයෝ ඉවත් කරලා. (දී)
හා ...හා ...කවුරුත් දැනගන්නවා හොදයි , මෙයාට ලැබෙන්න ඉන්න දරුවාගේ පීයා ප්‍රභූවරයෙක් ......... (දී)
ඕනෑම තරාතිරමක රටවැසියෙකුට තමාගේ ජිවිතයට යම් තර්ජනයක් තිබේනම් ඔහුට හෝ ඇයට තම ආරක්ෂාව සඳහා පොලිසියේ පිහිට පැතිය හැකිය. පොලිසිය රටවැසියාගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය සඳහා කටයුතු කිරීමට බැඳී සිටි. එය ප්‍රභූ පැලැන්තියට සහ ධනවතුන්ට පමණක් සීමාවූ සේවයක් නොවේ. (දී)
එහෙනම් අයි පොලිසියේ අංකල්ලා දෙන්නා අයින් කලේ බන්ඩෝ (දී)
ඉපදෙන්න ඉන්න දරුවගේ පියා නාගරාජයාද......? (දී)
මටනම් පෙන්නේ මෝඩ කතා කියන්නනේ සත්‍ය නෙමේ ඉන්දික .ආණ්ඩුවට බලේන්න්ම කඩේ යන්න හදනවා වගේ. (දී)
පොලිසියේ පිහිට පතන්න අම්මෝ මට නම් එපා. දෙවියන්ගේ පිහිටයි පොලිසියේ පිහිට පතන කෙනාගේ. පොඩි මිනිහෙක් පැමිණිල්ලක් කරන්න ගියත් කනට දෙකක් ගහල තමයි හේතුව අහන්නේ (නදී)
ඉන්දික තමා මෝඩ කතා කියල තියෙන්නේ. තර්ජනයක් තියෙන ඕනෑම කෙනෙකුට පොලිසිය ආරක්ෂාව දිය යුතුයි. පොලිසියට වැටුප් ගෙවන්නේ සාමාන්‍ය ජනතාව කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ හෝ අමතක වෙලා.(නදී)
මෙම තැනැත්තියට අපහාස වෙන විදියටත් හාස්‍යට ලක් වෙන විදියටත් ලියන එක වැරදියි. මෙයා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් කියල කිසියම් ගරු සරුවක් තිබිය යුතුයි. දරුවාගේ පියා ගැන සමහරු කලබල වෙලා ඉන්නේ ඇයි කියල මට හිතා ගන්න බැහැ. (නදී)
සරසවිවලට මැර කණ්ඩායම් යවලා දරුවන්ගේ ඔලු පලන කොට විපක්ෂ මන්ත්‍රීලට පිස්තෝල වලින් වෙඩි තියන්න යනකොට ආරක්ෂාව දෙන්න නෙමේ පොලෝසිය තියෙන්නේ. (නදී)
ඇයට මොකක් හරි ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති . සාමාන්‍ය ගෘහිනියක් හෝ කාර්යාල සේවයක් කරගෙන ඉඳලා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නෙවෙයිනේ. ආරක්ෂාව ඉල්ලුවේ ඇයි කියා පසුව සමහරවිට එලිවෙවී. එතකන් ඉතින් මව් පදවිය ලබන්න යන්න කාන්තාවක් නිසා අපි මධ්‍යස්තව ඒ ගැන සිතමු. . (දී)
සත්‍යාගේ අදහස එතරම් දුරට නිවැරදියි කියල නම් කියන්න බැහැ. හැබැයි මම අද කාලෙට ඉතා ගැලපෙන වචනයක් ඉගෙන ගත්තා "කී බෝඩ් වීරයෝ" කියලා. (ස)
වරද නයෙක් තියා ගත්ත එකද ? එතොකොට අපේ අලි සම්පත විනාස කරන එක හොඳද ? මේ වගේ රටවල් ලෝකේ තව කීයක් තියෙනවද ? පුලුවන්නම් හොයල බලන්න. (ස)
හරි... හරි... අපේ ලංකාවේ පොලිසිය තියෙන්නේ ජීවිත තර්ජන සහ වෙනත් තර්ජන තියෙන මහජනතාවගේ ආරක්ෂාව පතා නෙමෙයි...... මහජනතාවගේ වටිනා චන්දයෙන් බලයට පත්වී, ඊට පස්සේ ඒ මහජනතාවගේම පරිභෝජනයට ගෙන එන අල ගෙඩියෙන්, ළූණු ගෙඩියෙන්, සුදු ළූණු බිකෙන්, පොඩි එකාට එන කිරි පැකට් එකෙන්, විදුලිය ඒකකයෙන්.... එකී මෙකී නොකී සියලු භාණ්ඩ හා මහජන සේවා වලින් අය කෙරෙන බදු වලින් සිය හත්මුතු පරම්පරාවටම මහජන මුදල් වලින් සලකල, එක්කෙනෙකුට පාරේ යන්න වාහන 10-15 ක ඩීසල් පුච්චගෙන, පාරේ පයින් සහ බස් වලින යන මහජනතාව කාණුවට තල්ලු කරගෙන ඉගිලෙන පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා,නගර සභා ආදී දේශපාලකයින් සහ ඔවුන්ගේ පරිවාර වන්දිභට්ටයින්ට පමණි! අහෝ අපේ ධර්මද්වීපයට ගිය කල! (ස)
මෙතැනදී ආරක්ෂාව අවශ්‍ය මේ තැනැත්තියටත් වඩා මෙතන අදහස් දාන අපිවගේ අනුන්ගේ දේවල් හොයන මිනිස්සු ඔතනට ඇතුල් වෙලා රෝහල් රාජකාරි වලට කරන බාධාව වලක්වා ගැනීමටයි. (ස)
අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)