බම්බලපිටිය පොලිස් කි‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති 78 වැනි පොලිස් අන්තර් කොට්ටාස මලල කී‍්‍රඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්විය. එහි අනුශූරතාව හිමිකරගත්තේ විශේෂ කාර්ය බළකායයි.
මෙම තරගාවලියේ අවසන් තරගය ලෙසින් පැවති කඹ ඇදීමේ අවසන් මහ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර එක් තරග වටයක් මිනිත්තු 10 කට වැඩි වේලාවක් පැවති මෙම තරගය ජය ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශ කණ්ඩායම සමත්වූයේ විශේෂ කාර්ය බළකා කණ්ඩායම තරග වට 2-0 ක් ලෙස පරාජයට පත්කරමිනි.
පොලිස් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ සමාප්ති උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා සහභාගීවිය. ඔහුට අමතරව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න යන මහත්වරුද ත්‍යාග ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.
ඡයාරූපය - ශානුක අරවින්ද
කඹ ඇදීමේ තරගය ජයගත් ජනාධිපති ආරක්ෂක අංශ කණ්ඩායම තරගයේ නියැලෙමින්
කඹ ඇදීමේ තරගයේ අනුශූරතාව දිනාගත් විශේෂ කාර්ය බළකා කණ්ඩායම තරගයේ නියැලෙමින්
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් අන්තර් කොට්ඨාස මලල කී‍්‍රඩා තරගාවලියේදී ජනාධිපති ආරක්ෂක අංශය සමස්ත ශූරතාව දිනාගනී
දිසා Thursday, 28 March 2013 10:26 AM
අපිට නම් ආරංචි වුනේ එස්.ටී.එප් එකට සිය කැමැත්තෙන්ම දිනුම පූජා කළා කියලා. මොකද අනාගත අයි.ජී.පී මහත්තයා හින්දා.(නදී)
පාලින්ද Thursday, 28 March 2013 12:38 PM
සුභපැතුම් (දී)
ජානක Thursday, 28 March 2013 03:44 PM
නියමයි....නියමයි....(දී)