
(හර්ෂණ තුෂාර සිල්වා)
අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පොල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 70ක් ලෙසත්, වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65ක් ලෙසත් වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60ක් ලෙසත් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මේ අනුව ඉහත සඳහන් කර ඇති උපරිම මිලවලට වඩා ඉහළ මිලකට අලෙවි කිරීම, අලෙවිය පිණිස තැබීම හෝ අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම හෝ සිදු නොකළ යුතු බව නියෝග කරන බව ද අදාළ ගැසට් පත්‍රයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ප්‍රශ්නය ඉවරයි. සිම්පල් වැඩක්නේ...
මාරයිනේ..!!! පොල්ගෙඩියටත් අතිවිශේෂ ගැසට්පත්‍රයට ඇතුල් වෙන්න ලැබුණේ මුල් වරටද කියලා මගේ සීයා අහනවා. මගේ ආච්චි නම් කියන්නේ, පොල්ගන්න කඩේට යනකොට දැන් ඉතින් පොඩිඑකාගේ පොත්බෑග්එකේ තියෙන අඩිකෝදුවත්, ටේප්එකත් අරන් යන්න වේවි කියලයි. පොල්ගෙඩිය වෙනුවෙන් මේ වගේ විශ්මකර්ම වැඩකරන්න ඉතින් පෙන්ෂන් ගිය ආමි එකේ කෙනෙකුට ඇරෙන්න වෙන කාටද ඔහොම දෙයක් කරන්න පුළුවන් කියලා අහනවා. දැන් ඔබට සතුටුද? දැක්කද මගේ වැඩ කියලා අපේ අය අහනවා.
අඟල් ගණන මනින්නේ ලෙල්ලත් එක්කද? පොල් මුඩ්ඩත් එක්කද? නැතිනම් බාගෙට ලෙලි ගහලාද? ඒත් නැතිනම් පොල්කට්ට මතුවෙනකල් හොඳින් සුද්ද කරලාද? වැඩේ ටිකක් සංකීර්ණයි ජනරාල්තුමෝ...?
පසුගිය මැතිවරණ සමයේ වර්තමාන රජය ජනතාවට පොරොන්දු වුයේ පොල් කඩලා ගාලා දෙන්නම් කියා වුවත් මේ වනවිට රජය සූදානම් වන්නේ පොල් කිරලා මැනලා දෙන්නට බව පැහැදිලිය.
භාණඩල මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත කියලා මෙයට වසර 45 කට පමණ පෙර පාසැල් යන කාලේ මම ඉගෙන ගත්තා. මේ කාලේ පොල් හිඟය සහ ඉල්ලුම අනුව මිළ ගණන් ඉහළ ගොස් තියෙනවා. එහෙම තියෙද්දී පොල් වැවීමක් නැතිව අතීසාරෙට අමුඩ ගහනවා වගේ මිලක් නියමකර ගැසට් කරලා වැඩක් නැහැ. පොල් ඇමතිට පොල් කඩන්න වගේම වවන්නත් හිතක් පහළ වේවා!!!
දැන් හමුදාවද මේ වගේ මෝඩ තීරණ ගන්නේ? රටට ගිය කලක්. නායකයා නීති දානකොට ගෝලයෝ ඊට එහා.
හිටන් මීට වඩා හොඳයිනේ.. කරන විකාර දැක්කම..
පොල් වගේම පොල් පොහොර සහ අනෙකුත් ඒවත් දුන්නා නම්... මොකද පොල් වගාකරුවන් වැටිලා ඉන්න අමාරුවේ. මේවා කලට වෙලාවට නැති නිසා කවුරුත් දන්නෙත් නැහැ. වුවමනාවකුත් නැහැ.
පොල් ගෙඩියේ ප්‍රමාණය මැන ගැනීම සඳහා පොල් රාජ්‍ය අමාත්‍යාංශය රටපුරා පොල් පාර්භෝගිකයින් සඳහා නොමිලේ වර්නියර් කැලිපර් ලබාදීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත. වර්නියර් කැලිපරය කියවීම නොදන්නා අයට ඊට අදාල පුහුණුවක් ඔබ පළාතේ පොහොටුවේ ප්‍රාදේශීය, හිටපු පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ පොහොට්ටුවේ ශාඛාවේ නිලධාරි මහතකු මගීන් ලබාගත හැක.
දැන් පොල්ගන්න යද්දී රෙදි මනින යාරෙ ටේප් එකත් ගෙනියන්න වෙයි. අනේ රටට ගිය කලක්...
පොල් අඟල හරියට මනින්න. මොකද මුඩ්ඩත් මනිනවා. 69ට මුඩ්ඩ ඕනෑවුණාට අපිට එපා.
පොල් වවන අයගේ ආදායම ඉහළ යන්න ඕනෙ නැද්ද? හැමදාම පොල්වල මිල එකම අගයක තියෙන්න ඕනෑද? හිඟන්නාගේ පවා ආදායම වැඩිවෙලා තියෙද්දී පොල්ගෙඩියකට ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වෙන්න දීලා හිටියා නම් ඉවරයි.
පොල්ගස් කැපීම, පොල් ඉඩම් කට්ටිකර විකිණීම තහනම් කරන්න පුළුවන්. මණ්ඩලේ අයගේත්, පොල් සංවර්ධන අමාත්‍යාංශයේත් කාර්ය සාධනය බලන්න පොල් වගාවට හානිකරන සතුන් සහ සොරුන් පිළිබඳව තීරණ ගන්න. ඒ වගේම පොල්ගස් නගින්නන්ගේ මිල ගණන් ගැන අවධානය යොමුකරන්න.
ආණ්ඩුව අනවශ්‍ය දේට හොටදානවා. පොල්මිල තීන්දු වෙන්නේ තිබෙන ප්‍රමාණය හා අවශ්‍යතාවය මතයි. මගේ වත්තේ පොල් තියෙනවා. ගෙඩියක් 80යි. කැමැති නම් අරන් යන්න. අකමැති නම් නිකන් ඉන්න. පොල් වේලුණාම මම තෙල් හින්දා ගන්නවා. එහෙ ගමේ මිනිස්සු කාර් ගත්තාම මෙහෙ අපි පාරවල් ලොකු කරන්න ඉඩම් දෙන්න ඕනේ.. ඒ වගේම පොල්වතු කැබැලිකර අරගෙන පොල් ගස් කපලා ගෙවල් හදාගත්තාම එන පොල් හිඟයට අපි ලාබෙට පොල් දෙන්න ඕනේ. නාලා වරෙන්කෝ...
මේ කරන අය මොනතරම් මෝඩද? පොල්කටුව පිටින් මුඩ්ඩ හැර කිරුවාම ගණනක් කියනවා නම් ඉවරයිනේ... දැනටමත් සමහර පළාත්වල පොල් කිරලා දෙන්නේ..
අපේ ගමේ පොල් හොරකම් කරන කෙනා ළඟදී මැරුණා. හිටියා නම් කෝටිපතියෙන් වෙන්න තිබුණා. හරිම කණගාටුයි.
පොල් ඇමති කෙනෙකුත් පත් කරන්නයි තියෙන්නේ... රටකට ගිය කලක්..
බමුණ කොළඹ, කුරුණෑගල හලාවත පොල් ත්‍රිකෝණයේ හෝ වෙන පැත්තක වුවත් ප්‍රශ්නයක් නැත. ඔබ විදේශගත සිටියද අපට කම් නැත. ඔබගේ පොල් ඉඩම තිබෙන ලංකාවේ ඕනෑම තැනකට පැමිණ පොල් ගැනීමට අප සූදානම්. ඔබගේ පොල් ඉඩම බලාකියාගන්න කණ්ඩායමට අවසරයක් දෙන්න. මේ පැමිණ තිබෙන පොල් අර්බුදයෙන් රට ගලවාගැනීමට අපට සහයෝගය දෙන්න. අඩුම ගණනේ ලක්ෂ 69ක ජනතාවට පොල්සම්බෝල සමග බත් හෝ පාන් කන්නවත් පුළුවන් වාතාවරණයක් සකසන්න අපට සහයෝගය දෙන්න. මේ වෙලාවේ බමුණ ඔබට සිතන්නට තිබෙන්නේ ඔබලා පත්කරගත් ගෝඨාගේ රජයට සහයෝගය දක්වන්නේ කෙසේද කියා කියමිස පොල් වැඩිමිලට විකුණා පව් සිද්ද කරගන්න අවස්ථාවක් නොවන බව අමතක නොකරන්න..
මම හිතාගෙන ඉන්නේ නම් ස්ටෙන්සිල් එකක් කප්පවාගෙන ගිහින් ඒවායින් පොල් ටෙස්ට් කර බලන එක.
හ හා ඔය එන්නේ, ඔය එන්නේ ඔහොම යමු, ඔහොම යමු.
දැන් රටට විහිළු සැපුයුවා හොඳටම ඇති.