මහනුවර කුණ්ඩසාලේ ගලපිට අඹේ පිලවල ගමේ පිහිටි ඓතිහාසික සියඹලා ගස මැරි යාමේ අවදානමක් ඇතිවි තිබෙන බව ගැමියෝ කියති
විවිධ දැන්වීම් එල්ලීම සඳහා යකඩ ඇණ මෙම වෘක්ෂයට ගැසීම මෙම තත්වයට ප්‍රධාන හේතුව වු බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගස වසර 300ක් පැරණි බවද ද දුම්බර මිටියාවතට අධිගෘහිතවු නාථ දෙවියන් ද මෙම සියඹලා රුක මුල ගිමන් හල බවද ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජුගේ මල් උයන මෙම වෘක්ෂය අසලින් තිබු බවදයේ කියැවේ.
මධ්‍යම පරිසර අධිකාරියෙන් මෙම වෘක්ෂය සංරක්ෂණය කිරිමට කටයුතු කර ඇති බවට දැන්වීම් පුවරුවක් ද මේ අසළ ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගහේ ආයු කාලය ලගදීම ඉවර වෙයි වගේ. කොයි වෙලාවෙ බැලුවත් මේකෙ දැන්වීම් ගහල තියෙන්නෙ. (අ)
කවුරු හිටියත් වැඩක් නැහැ ගමේ එකාලා ඔය ගහ විනාස කරන්ට කටයුතු කරනවානම් සහ ඔය ඓතිහාසික ගහ ගැන කැක්කුමක් ආදරයක් නැතිනම්. (නදී)
මධ්‍යම පරිසර අධිකාරියෙන් දැන්වීම් පුවරුවක් දමා පහසුවෙන් මෙම වෘක්ෂය සංරක්ෂණය කිරිමට කටයුතු කිරීම ගැන අපි ආඩම්බර වෙන්න ඕන. දැන්වීම් පුවරුව මේ ගහ හොදින් රැකබල ගනීවිනේ.... අනේ කාලේ වනේවාසේ ..... " (දිල්)
මේ වගේ තැන් වලට හොද නිළධාරීන් පත් කළ යුතුයි (දිල්)
ගසේ ආයුකාලය-අපේ ආයුකාලය අවසන්ද ? (නදී)