දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මනත‍්‍රී ජෝශප් පරරාජසිංහමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලයාන්ට ඇප ඉල්ලා මඩකලපුව මහාධිකරණයට ගොනු කල පෙත්සම විභාගයට ගැනීම ලබන 28 වැනි දා තෙක් කල් දැමිණි.
2005.12.25 වැනි දා මඩකලපුව ශුද්ධවූ මරියා දෙවි මැදුරේ නත්තල් දේව මෙහෙය පැවති අවස්ථාවේ දී පරරාජසිංහමි මහතා වෙඩි තබා ඝාතනය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේ දී පිල්ලයාන් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුහ. යුද හමුදා බුද්ධි අංශ නිලධරයකු ද මීට මාසයකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක කරන්න එපා කරුණා, පිල්ලෙයාන් ලොකු උදවුවක් වුණ බව කොටි පරදන්න. හමුදාව එහෙන් ගහද්දි, මේ අය වෙනත් පැතිවලින් ගැහුවා කොටින්ට. (නි)
ඔහොම ගිහින් නිකම්ම නිදහස් වේවි (බ)