දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති පිල්ලයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට මඩකලපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමණි සිවපාදම් මහත්මිය ඇප ලබා දීම බදාදා (18) ප්‍රතික්ෂේප කළාය. ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස පැවසීය.
පසුගිය 2016.12.25 දින ශුද්ධවූ මරිය දේවාලයේ නත්තල් පූජාවට එක් වූ ජෝසප් පරරාජසිංගම් ඝාතනය විය.
මේ සම්බන්ධයෙන් පිල්ලයාන් ඇතුළු හතර දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කල අයට කවදා හෝ දඬුවම් ලැබෙනු ඇත. (ර)