දඹදිව කුසිනාරා නුවර ජපන් ශ්‍රි ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති හාරත දේශයේ ප්‍රධාන සංඝ නායක මොරටුව පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ විහාරාධිකාරි හල්විටිගල අස්සජී හිමියන්ගේ පරිත්‍යාගයෙන් මොරටුව පල්ලියගොඩැල්ල විහාර භූමියේ ඉදිකළ හෝමියෝපති නිදහස් ආරෝග්‍ය ශාලාව අද (18) ශ්‍රි කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පිඹුරේ උදිත නා හිමියන් අතින් විවෘත කැරිණි.
පල්ලියගොඩැල්ල පුරාන විහාරයේ විහාරාධිපති ඌරගහ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ කෙරැණ මෙම හෝමියෝපති නිදහස් ආරෝග්‍ය ශාලවේදී ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමක් නොමිලේ ප්‍රතිකාර සිදු කිරිමට නියමිතය.
ජපන් හිමිවරැන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර දාන ශාලාවට හා භික්ෂු නේවාසිකාගාරයට මුල්ගල් තැබීමද සිදු කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද්බාවයෙන්ම කළා නම් හොඳ පින්කමක්. මාර්ගඵල ලැබීමට වාසනාව උදාවේවා! (නි)
මුළු හදවතින්ම මෙම කාර්යයට සුබ පතමි! (නි)
බොහොම පින් වැඩක් තමා මේ සත් ක්‍රියාව . සම්බන්ධ වෙන්න දුරකථන අංකයක් තියනවද ? (ම)