දඹුල්ල කණ්ඩලම හන්දියේ මුස්ලිම් පල්ලිය ඉවත් කැර දඹුලු පූජා භූමියෙන් පිට ස්ථානයක පල්ලියක් ඉදිකරන බව දි. මු ජයරත්න අගමැති කියයි. රජයේ මුස්ලිම් ඇමැතිවරු පිරිසක් අද එහි ගොස් මේ ගැන සොයා බැලූහ. මිරිස් ගෝනියාව පාලමද, දඹුලු ඔයද කළු පාලමද මායිම් වූ දඹුලු පුද බිමෙන් පිට තැනෙක දේවස්ථානයක් ඉදිකිරීම ගැන සුබ පතන බවත් එහි ප්‍රථම පරිත්‍යාගය කිරීමට දඹුලු පන්සල ඉදිරිපත් වීමට අමතරව ඇරයුම් ලදොත් මුල් ගල තැබීමේ උත්සවයට සහභාගී වීමට කැමති බවත් බෞද්ධ උරුමය රැක ගැනීම හැර අන්‍යාගම් විරෝධයක් නැති බවත් සියම් නිකායේ දඹුලු පාර්ශ්වයේ මහා නායක ඉනාමළුවේ සුමංගල මාහිමියෝ කියති. දඹුල්ලේ මැර කණ්ඩායමක් පසුගියදා උද්ඝෝෂණයක් කළැයි රජයේ ඇමැතිවරයකු කී බවට පළවූ කතාව ඉල්ලා අස්කැරගත යුතු යැයි ද, බෞද්ධ පිරිසක් සිය උරුමය රැක ගැනීමේ උද්ඝෝෂණයක් කළ බව ඔහු නොදන්නවා විය හැකි යැයිද මහා නාහිමියෝ පවසති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි. ආණ්ඩුව මීට කලින් කන් දුන්නනම් කිසිම දෙයක් වෙන්නේ නෑ. ඉනාමළුවේ හාමුදුරුවන්ගේ ප්‍රතිචාරත් පැසසුම් කළ යුතුයි.
අති විශිෂ්ටයි. ඒත් එහෙම බලෙන් පල්ලියක් ඉදිකරන්න බැහැ නේ ? කොහොමද ඒක කරේ කියලා හොයලා බලන්න ඕන, නැත්තම් මේ වගේ දේවල් ඉදිරියත් ඇතිවේවි