යුද සමයේදී ආරක්ෂක හමුදාව විසින් පවරාගත් යාපනය පලාලි අධිආරක්ෂිත කලාපයේ වලිකාමම් උතුරු ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 200ක් දෙසතියකින් නිදහස් කිරීමට ආරක්ෂක හමුදාව තීරණය කර ඇතැයි යාපනය දිසා ලේකම් කාර්යයාලය සදහන් කරයි.
නව රජය බලයට පත්වීමෙන් පසු යාපනය දිස්ත්‍රීක්කයේ ඉඩම් අක්කර 1759ක් නිදහස් කර ඒවායෙහි අයිතිකරුවනට ලබා දී ඇත. උතුරු වලිකාමම්හි තෙල්ලිපලෙයි අක්කර 120කුත් මාවිට්ට පුරම්හි ඉඩම් අක්කර 80කුත් මෙලෙස නිදහස් කෙරේ. 2015 මාර්තු සිට නොවැම්බර් දක්වා තෙල්ලිපලෙයිහි අක්කර 658ක් සහ කෝපායිහි ඉඩම් අක්කර 400ක් නිදහස් කැරිණි. එමෙන්ම් 2015 දෙසැම්බර් මාසයේදී තෙල්ලිපලෙයි ප්‍රදේශයේම තවත් ඉඩම් අක්කර 479.7ක්ද නිදහස් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට කවදත් උදවු කළ අැමෙරිකාවෙන් පවා ගිය සතියේත් වාර්තාවක් නිකුත් කළා තවමත් කොටි ආර්ථික ජාලය ශක්තිමත් බවත්, උපයන මුදල් ආයුධ මිලදී ගැනීමට යොදවන බවත්. ඒ කිසිදෙයක් නොසළකා, ආරක්ෂක හමුදාව ඉඩම් නිදහස් කරන තැනට තල්ලු කරන මේ ක්‍රියාවන්ගේ පලවිපාක විඳින්න වෙන්නේ ඉස්සරහට. (නි)