දඹානේ හා පොල්ලේබැද්දේ ශ්‍රී ලංකාවේ ආදී වාසීහු ජීවත් වෙති. ගාමිණී අතුකෝරළ මහතා මහවැලි ඇමැති සමයේ ආදිවාසීන්ට ඉඩම් ලබාදුන්නේය.
පොල්ලෙබැද්දේ වෙසෙන ආදිවාසීන් කෙරෙහි ඇති සැලකිල්ල බෙහෙවින් අඩුය.
මහඔය පොල්ලේබැද්දේ ආදිවාසි උපනායක දනිගම බන්දාරලගේ ගමා ඇත්තන් දානිගම බන්දාරලගේ සුද වන්නියෑල ඇත්තන් ඇතුළු ආදිවාසින් පිරිසක් පොල්ලේබැද්දේ සිට මහනුවර ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයට පැමිණ ඔවුන්ගේ චාරිත්‍ර අනුව සුදා වන්නියාලෑඇත්තෝ ආදිවාසි තරුණියක සමග ඔවුන්ගේ චාරිත්‍රානුකුලව විවාහ වීමේ මංගල උත්සවය රඟ දැක්වූහ.
ආදිවාසි උපනායක බණ්ඩාර ඇත්තා විසින් මංගල යුවළට සුබාශිංසන කර දුන්නත් ඊ තලයත් දෑවැද්දට පරිත්‍යාග කළේය. පොල්ලේබැද්දේ වනන්තරයේ මායිම් පෙන්නා සිටිමින් ඔවුන්ට රිසි සේ දඩයම් කර ජිවත් වීමේ අවස්ථාව උදා කර දෙන බවද ඔහු කියයි.
ආදිවාසී සිරිත් විරිත් ප්‍රදර්ශනයක් ලෙස සංචාරක ප්‍රවර්ධන ඒකකය මගින් ග්රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ මුලිකත්වයෙන් මෙය සිදුකැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලන්කන් වෙඩින් කියලා හොඳ ප්‍රසිද්ධියක් දුන්නා නම් කොහොම වේවිද?(හේ)
අපි මේ සංස්කෘතිය ලෝකයට පෙන්නලා මොකක්ද දෙන පණිවුඩය. අපි තාමත් වනචාරීන් කියලද, හැබැයි ලංකාවේ රියදුරන් නම් තවම ඉන්නෙ මේ සංස්කෘතියේ තමයි.(ම)
මේ හොඳ වැඩක්.(හේ)
ලංකාවේ සංස්කෘතිය විදහා දක්වන හොඳ වැඩසටහනක්.(හේ)
මේ තමා ලංකාවේ නියම අයිතිකාරයෝ. අනිත් ඔක්කොම මෙහෙට ආපු විදේශිකයෝ. (බ)
බොරු කියල අපායේ ගියාම දිවේ කටු අනියි ඔයාලගේ. මං නම් කිව්වේ නෑ ඔන්න කොන්දේසි විරහිතව හොද වැඩක් කියල. ඒක මෙයා කියා ගත්ත එකක්. (බ)
එයාලගේ සංස්කෘතියට අනුව හැම දෙයක්ම චාරිත්‍ර සිද්ධ කරලා. බොහොම අගෙයි වැඩේ.(හේ)
අපේ සංස්කෘතිය ලොවට පෙන්වන්න හොඳ අවස්ථාවක්.(හේ)