එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට නොදීමට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 134කින් අද සම්මත විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 144ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 10ක් පමණි.
දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ සංශෝධනය පිළි නොගැනීම නිසා ඡන්දය ආරම්භයේ දී එහි මන්ත්‍රීවරු පිටව ගියහ.
මන්ත්‍රීවරු 33 දෙනෙක් ඡන්දයට පැමිණ නොසිටියහ. මන්ත්‍රීවරු 37 දෙනෙක් ඡන්දය නුදුන්හ.
සභාවෙන් පිටව ගිය අගමැති ඡන්දය දීමට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ස්වාධීනයි. අපි කාටවත් බයවෙන්න තරම් වැරැද්දක් කරලා නැහැ (නි)
කාටවත් ඕනෑ විදියට නටන්න ඕනෑ නැහැ. ඒත් සුළුජාතික ප්‍රශ්න වගකීමකින් විසඳන්න ඕනෑ. (නි)
මගේ රටට විදේශ වලින් එන්න තියෙන බලපෑම් සියල්ල විනාශ කරන්න (දී)
මෙතනත් අදහස් දමන පිල්ලේගේ පිල්ලි වෙන වෙන නම් වලින් එළියට එන හැටි අපිට පෙනෙනවා (නි)
රනිල් මහත්තයා හැමදාම ගන්නේ නිවැරදි තීරණ (නි)
ජාත්‍යන්තරය ඉදිරියේ අපිට තැනක් නැති වුණාට කමක් නැහැ. ජාත්‍යන්තරය ඔය නටන්නේ කාට ඕනෑ විදිහටද කියලා අපි දන්නවා. එම නිසා අපි අපේ මතයේ සිටිමු. (නි)
අපිට එක එක්කෙනා කියන විදියට නටන්න අවශ්‍ය නැහැනේ. අපි කරදරේ වැටුණ වෙලාවේ ඔය කවුරුත් හිිටියද? (නි)
අම්මෝ! විදුෂක දන්නා දේවල්? (නි)
හරියට කරුණු දැනගෙන කතා කරන්න සිල්වා මහත්තයෝ. (නි)
ධම්මික මේ ප්‍රශ්නේදී නරිය කවුද කුකුලෝ කවුද? ඔබ වැටෙන්නේ නරි කොටසටද කුකුළු කොටසටද? අඩු ගන්නේ දෙවැනි ප්‍රශ්නයට වත් පිළිතුරක් දෙන්න. ඔය කියන නරි නොසිටියා නම් කුකුලෝ අපට කොටලා බොහොම කල් (නදී)
ඉදිරියේදී මොනවා වෙයිද? (නදී)
3 න 2 ක් පාර්ලිමේන්තුවක් හදා ගෙන ඕනෑම යෝජනාවක් සම්මත කර ගත්තට කමක් නැහැ ජාත්‍යන්තරයට ප්‍රශ්නයක් නොවී. තමන්ගේ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න තිබුන හොද අවස්ථාවක් නේද නැතිකර ගත්තේ? (නදී)
යුද්ධයකදී මානව හිමිකම් එලෙසින්ම ආරක්ෂා නොවීම බොහෝ විට සිදුවන දෙයක්. එත් යුද්ධය නිම වීමන් පසුවත් මානව හිමිකම් කඩවීම කනගාටුවක්. එක්සත් ජාතීන් සොයා බැලිය යුත්තේ යුද්ධයෙන් පසුව අද සිදුවන මානව හිමිකම් කඩවීම් ගැනයි. මානව හිමිකම් කඩවෙන්නේ පොලිසිය හමුදාව අතින්ම පමණක් නොවෙයි. හෙද සංගම් වෛද්‍ය සංගම් වැඩ වර්ජන කිරීමේදී, නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබීම සඳහා ගෙවියයුතු බදු මුදල් නිසි ලෙස ගෙවූ පුරවැසියන් රෝගීන් ලෙස ප්‍රතිකාර නොලැබී මිය ගියා. යුද්ධය නිමවීමෙන් පසුව දේශපාලඥයන් හා රාජ්‍ය නිලධරීන්, ඊනියා වෘත්තීය සංගම් අතින් මෙරට සිදුවූ දැනටත් සිදුවන මානව හිමිකම් කඩවීම ගැන පරීක්ෂණයක් කොට වගකිවයුත්තන් හට නීති ප්‍රකාරව උපරිම දඩුවම් පැමිණවිය යුතුයි. (නදී)
කැමති වුනත් අකමැති වුනත්, ප්‍රතිපලය පැහැදිලියි. ඉන් පස්සේ මොනවාද වෙන්නේ කියල දේශප්‍රේමියෝ ටික අපිට කියනවද ?. මම දන්නා විදියට මෙම වාර්තාව පදනම් කොට ඇමෙරිකාව සහ යුරෝපා හවුල ආර්ථික සම්භාධක පුද්ගලික මට්ටමින් ගේනවා. එය රුසියාවටවත් , චීනයටවත් නවත්වන්න බෑ. එතකොට ජාතික ආදායමෙන් 40% ඉවරයි. මැද පෙරදිග රටවල් මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්නය පිලිබඳ කනස්සල්ල රාජ තාන්ත්‍රික මට්ටමෙන් පල කොට තිබෙනවා. විදේශ රැකියා ගියොත් තවත් 20% ක් විතර ඉවරයි. මතක තියා ගන්න තේ වැඩිපුර ගන්නේ මැද පෙරදිග රටවල්. එතකොටනම් ඔක්කොම ඉවරයි. (නදී)
මහජනතාවට කරදරයක් නැත නම් හොඳයි. ඇමතිවරුන්ට රට යන එකත් නවතුවොත් පිල්ලේ නාව වගේම හොඳයි. (අ)
දැන් මොකද වෙන්නේ (අ)
පෙරේරාගේ කතාවට මමත් එකඟයි (නදී)
දැන් අපිට පේනවා පිල්ලේගේ මෙහෙ ඉන්න පිල්ලි මොනවද කියල. (අ)
පෙරේරලාට තේරෙන දේ ආණ්ඩුවට තේරෙන්නේ නැති හැටි අම්මපා.! (නදී)
පිල්ලි වලට දොර වැහුවා වගේ නෙවෙයි. මානව හිමිකම් ප්‍රශ්නයේදී අපේ පැත්තට හිටපු රටවල් ටිකත් බේරුවල් කලබලේ නිසා විමතියට පත් වෙලා. අපේ පුරවැසියෙකුට රාජකාරි කටයුත්තකට හෝ කෙටි සංචාරයකට විසා ගැනීමේදීත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මැදපෙරදිග රටවල් අනාධිමත් කාලයක සිට අප සමග සැමදා සහයෝගයෙන් වෙළඳ කටයුතු කළා. මේ ප්‍රශ්නයේදී මොලයෙන් මිසක් ගමේ චන්ඩියා වගේ අතින් පයින් වැඩ පෙන්නන්න ගිහින් බැහැ. (නදී)
ජේවීපි එක ලංකාවටම පිල්ලියකි ,,(අ)
සියලු සුළු ජාතීන් පිල්ලේට සහාය දිය යුතුයි. මොකද දැන් තියෙන්නේ ජාති වාදය නිසා. (නදී)
චාමික ඔබේ අදහස් වලට මගේ ප්‍රණාමය. 100% නිවැරදියි. යු.එන්.පී එකේ හොඳ මිනිස්සුත් ඉන්නවා නමුත් ජේ.වී.පී එකේ නම් කවුරුවත් නෑ. ජේ.වී.පී එකට හිතට එකඟව මානව හිමිකම් ගැන කතා කරන්න බෑ. මොකද 71, 88/89 මොන තරම් අහිංසක මිනිස්සුන් බල්ලෝ වගේ පාරවල් ගානේ මරල දාපු අය මොන කටින්ද දැන් මානව හිමිකම් ගැන කතා කරන්නේ. (නදී)
දැන් පිල්ලේගේ කණ්ඩායම, ශ්‍රී ලංකාවට පැමිණීම නතර වෙයිද? (නදී)
රාජ්‍ය විරෝදී වන්දි බට්ටයන් කටමැත දොඩවන බව පේනවා . අද බලන්න ලිබියාවට ඉරාකයට මොනවද වෙලා තියෙන්නේ කියලා. වියට්නාමයටත් ඔයදේ කරන්න අවා. ඔය ඉලව් මානව හිමිකන් කාරයන්ට අඩියක් තියන්න වියට්නාමය ඉඩදුන්නේ නැහැ (නදී)
දැන් අපට හොදටම පැහැදිලියි කොටින්ට කිරි පොවන ඩයස් පෝරාවට කත් අදින හා රට අරාජිත කරවීමට කටයුතු කරන්නේ කවුද කියා. ජේ වී පී කියන්නේ කුහක කමින් පිරුණු පක්ෂයක්. කවදාවත් ජනතාව ගැන රට ගැන හිතන්නේ නැහැ. (නදී)
පිල්ලේට මුලින්ම යන්න තිබුනේ ලෝකයේ මහා අපරාද කාරයන් වෙතට. එදා සිටම සිංහලයා වැනසූ සුදු ත්‍රස්ත වාදයත් , කළු ත්‍රස්ත වාදයත් අදත් සිංහලය විනාස කරන්න හදනවා. වැදගත් තීරණයක් පාර්ලිමේන්තුව ගෙන ඇත.(නදී)
ජාති භේදයකින් හා පක්ෂ භේදයකින් තොරව රට ගැන හිතලා වැඩ කරන අය යෝජනාවට පක්ෂව ඡන්දය දීල තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්න අපිම විසදගන්න ඕන. මේ දේවල් වලින් මහජනතාවට හිතාගන්න පුළුවන් කවුද රට ගැන හිතන්නේ කියල. මහජනතාවගේ වටිනා ඡන්දය රට ගැන හිතන අයට පමණක් දිය යුතුය. (අ)
මෙය හරියට කුකුළු කොටුව වැනසූ නරියා තමා සොයන්නට කැළේට එන්නට ඉඩ නො දෙන්නෙමු යයි ප්‍රතිඥාවක් කැළේ ඉන්න අනෙක් සතුන්ගෙන් ගත්තා වැනි ය. නරියා නො දන්නා දේ වන්නේ කැළේ සතුන්ට වඩා මිනිසුන් බුද්ධිමත් බවයි. (අ)
පෙරේරා මහත්තයා, අපේ තේ වැඩිපුර ගන්නේ මැද පෙරදිග නොවේ. තව ටිකක් හොයල බලන්න. කියන ඔක්කොම නිවැරදි නොවේ. එදත් රුසියාව අදත් රුසියාව. (නදී)
පාර්ලිමේන්තුව තුල සිටින අය ගැන ජනතාවට අවබෝද කරගැනීමට ලැබුන හොදම අවස්ථාවක්, (අ)
ජේවීපි එක ලංකාවටම පිල්ලියක්. හරියටම හරි සිල්වා මහත්තයෝ මොවුන් ඒකාලෙත් කලේ රට සහ රටේ සම්පත් විනාශකරන එකමනේ. කොටි ප්‍රශ්නෙටත් වගකියන්න ඕන මේ ගොල්ලෝ (නදී)
ජවිපෙ 1971 සිට ඉදිරියට පියමන් කරමින් ගලා ගෙන ආ ඓතිහාසික විකාශයේ ප්‍රායෝගික වූ ජීවමය අත්දැකීම් වර්තමානයේ සිටින නායකයන් යයි කියාගන්නා කිසිවකුටත් නොමැති බැවින් තවදුරටත් ජවිපෙට ඉදිරියට එකී ජීවමය ගුණය කවමින් ඉදිරිය සාක්ෂාත් කරගත හැකිවේදැයි සිතීම පවා උගහටය. (අ)
පරගැති මානසිකත්වය තියෙන කට්ටිය ඉන්නකම් රට හදන්න බෑ. (ස)
තමන්ගෙ රට ජාතිය ආගම ගැන නොතකන සිංහල දේශපාලකයින් ගැන මහජනතාව දැනුවත් විය යුතුය.(නදී)
මේක හරියට අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අවලංගු කල යුතුයි කියා පලාත් සභාවකින් සම්මත කලා වගෙයි (නදී)
අනේ..දොන්... ශ්‍රී ලංකාවේ ඔයා ඕය කියන ජාති වාදයක් කොහෙත්ම නැ. මොලය විකාර උන සුළු පිරිසකගේ පහත් වැඩ නිසයි මිනිසුන් අතර බේදබින්න ඇති උනේ. මනුස්සකම දන්නා සිංහල දෙමල මුස්ලිම් සියලුම දෙනා රටේ හැමතැනකම එකා වගේ එකට එක බත්පත කාගෙන සමගියෙන් සතුටින් ඉන්නවා. ඔයාල වගේ අය තමයි රටේ සමගිය නැති කරන්න බොරු කටකතා කියන්නේ. පිල්ලේගේ රෙදි හෝදලා දෙන්න කැමතිනම් ගිහින් කරන්න.(නදී)
මේ සිද්දියේ සම්පූර්ණ පසුබිම බැලුවම, මධ්‍යස්ථව බලන මනුස්සයකුට මේකට ඡන්දය නොදුන්නා කියන එක මත යු.එන්.පි එක හෝ ජේ.වී.පි එක රටට විරුද්ද බලවේග කියල හංවඩු ගහන්න පුළුවන් කියල මට නම් හිතෙන්නේ නැහැ.(නදී)
මේක බුද්ධිමත් තීරණයක් නොවෙයි. එන්න දුන්නේ නැහැයි කියල යූඑන් එක නිකං ඉඳීයි කියල හිතනවද? සාමාන්‍ය ජනතාවට මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ. (නදී)
ඔය යෝජනා බොරු සෝබනේට. රනිල් මහත්තය අගමැති කාලේ රෝම ප්‍රඥ්ප්තියට (ගිවිසුමට) අත්සන් නොකළ නිසා මොන කමිටු ආවත් බයවෙන්න දෙයක් නැහැ. එතුමා දුරදිග බලා ක්‍රියා කරපු නිසා මේගොල්ලන්ට සෙල්ලන් දාන්න පුළුවන්. (නදී)
සමන්, එයා එ්ක අස්සන් නොකළේ ඇමරිකාව අත්සන් කරපු නැති හින්දයි. ඇමරිකාව අත්සන් කරානම් එයත් අත්සන් කරනවා. එයා බය උණා අත්සන් කරොත් ඇමරිකාවට තරහා යයි කියලා. මම නම් දන්නේ එහෙමයි (නදී)
ඡන්දය නොදුන් සැවොම මේ රටේ වාසය කිරීමට නුසුදුසු පුද්ගලයෝ හැටියටයි මම නම් දකින්නේ. මෙවන් අය දේශපාලන වාසි තකා රටම උනත් පාවා දෙන තමාගේ වාසිය තකා පමණක් වැඩ කරන පිරිසක්. මේ අවස්ථාවේදී රටට අවශ්‍ය දේ කරනවා ඇරෙන්න මග ඇරලා ඉන්න එක නෙමෙයි යුතුකම. (නදී)
මානව හිමිකම් කොමිසමට ලංකාවට එන්න දෙන්නේ නෑ වගේම අපේ ඇමතිවරුන්ට කිසිම රටකට විසා දෙන්න එපා. එ්කෙන් ලංකාවට සල්ලි ගොඩක් ඉතුරු වෙනවා. (නදී)
පිල්ලේ ට එන්න නොදුන්නම ඇති වන අතුරු ප්‍රතිපල ගැන රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමතුන් සොයා බලනු ඇතැයි මම සිතමි. මෙතෙක් අප සමග මිත්‍රව කටයුතු කල රටවල් පවා ශ්‍රී ලාංකිකයන්ට විසා නිකුත් කිරීමට පෙර සිතා බලන්න ඉඩ තියනවා. ආර්ථික සම්භාදක කඩාගෙන වැටෙන්න ඉඩ තිබෙනවා. මේ ප්‍රශ්නය මොලයෙන් මිසක් හදවතේ දේශාභිමානය පමණක් මුල් කරගෙන විසඳන්න අමාරුයි. (නදී)
අපි ඉතින් අදහස් දම දමා බලාගෙන ඉඳිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
යුද්ධය අවසන් වෙලා දවස් කීපයකින් බැන්කී මුන් ලංකාවට ඇවිල්ලා එහෙ මෙහෙ ඇවිදලා යන්න ගියා. මීට පස්සෙවත් හොඳට හිතලා මතලා අපි වැඩකරමු (නි)
සන්තෝසයි (දී)
අපි සියලු දෙනාම මේ වෙලාවේ එකතු වෙන්න ඕනෑ (නි)
මේක අපේ ජාතික ප්‍රශ්නයක් නිසා හැමෝම එකට එකතු විය යුතුයි (නි)
පිල්ලේ බලහත්කාරයෙන් නම් අපේ රටට ඇතුළු වෙන එකක් නැහැ. ඒත් ජාත්‍යන්තරය ඉදිරියේ අපිට තැනක් තිබෙනවද? (නි)
සිල්වා මහත්තයෝ,දැන් මිනිසුන් බුද්ධිමත් (නි)
කවදාවත් බලය වෙනුවෙන් රට පාවාදෙන්න එපා. (නි)
අපේ පුංචි රටට ජය වේවා! (නි)
යුද්දේ කාලේදී නෙවෙයි දැන්වත් මේ මානව හිමිකම් ප්‍රශ්නෙට නොගෑවී වැදගත් විදියට වැඩ කරන්න අපේ උදවිය දන්නවද ? දැන් ළඟදී සිද්ධ වුන දේවල් වලටත් හෙට අනිද්දාට තව පිල්ලියක් එවාවි. පිල්ලේ ගේ පැටිකිරිය විවේචනය කර කර ඉන්න වෙලාවේ ඉස්සරහට අපට අදින්න යන මර උගුල් ටික ගැන හිතලා දැන් කටයුතු කරන එක හොඳයි. (නදී)
දැන් පිල්ලේට මේ ගැන දැන්වූවාද? මොනවාද ලැබුණ ප්‍රතිචාර? (නි)
පිල්ලේ මේ ගැන මොනවා කියයිද දන්නෙ නැහැ නේද? (නි)
සමන්ට හරිම සතුටුයි වගේ (නි)
පිල්ලේ නෝනා මොනවා කරගනීද දන්නෙ නැහැ (නි)
අපි කිසිවෙකුටත් බියනොවී එඩිතරව ප්‍රශ්න වලට මුහුණ දෙමු (නි)
සමන්, ඔබ හරියට හරි. මම මොන පක්ෂයකට අයත් වුණත්, රනිල් මහතා ඉතා සුක්ෂම නායකයෙක් (නි)
දොරවල් වැහුවට කමක් නැහැ, නිවැරදි , සුදුසු දේ පමණක් කරන්න (නි)
අපි වැරදි කර නැත්නම් මොන පරීක්ෂණ කණ්ඩායම ආවත් මොකද? (නි)