ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් පියවරේ දී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් විශේෂඥයෝ තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.
ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි අතිසාරි, නවසීලන්තයේ හිටපු ආණ්ඩුකාර සිල්වියා කාර්ට් රයිට් හා පකිස්තාන නීතීඥ අස්මා ජහංගීර් ඔවුහුය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කැරෙන කමිටුවට මේ විශේෂඥයන් තිදෙනා අනියුක්ත කිරීමට නියමිතය.
ඔවුන් එම කණ්ඩායමට උපදෙස් දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්ද්‍රා බීඩාස් කියන්නීය.
මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම ජූලි මැදදී සිදුවීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ යෝජනාවක් අනුව මෙම කමිටුව පත් කැරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම කියල තියෙන දේ හරිම හරි.පිල්ලේ කියන්නේ ලංකාව දෙකට කඩන්න යන නපුරු රාක්ෂියක්. ලංකාවේ නිමාවුණ යුද ගිනි මර බිය නැවතත් ඇතිකිරීමට පිල්ලේගේ ලේ කකියන එක ඉවසන්න පුළුවන් එත් මේ තම රට ජාතිය වෙනුවෙන් කිසිම හැගීමක් නැතිව අදහස් ඵලකරන අය ගැන නම් හරිම කනගාටුයි. (දී)
මම මගේ රට වෙනුවෙන් ජීවිතය කැප කරනවා (දී)
ලංකා තිලක්, ඔයා ජීවත්වන්නේ මනෝ ලෝකයක.මේ පරීක්ෂණයෙන් පසු වෙන දේ බලාගෙන ඉන්න (නි)
කිසිම ගැටලුවක් නැ ජාති වාදයට හා අන්තවාදයට උඩ ගෙඩි දුන් හා ඒ වෙනුවෙන් අදහස් දක්වපු ජාති මාමකයෝ මේ වෙනුවෙන් ඉදිරිපත් වී රට හමුවේ මෙතෙක් ඇති උන ප්‍රබලම අබියෝගය ජය ගනී කියලා මම හිතනවා . සියලුම සේනාවන්ට ජය වේවා . (දී)
මේ ගමන්ම අංගොඩ යවල පරික්ෂා කරවලා හරියාකාරව නේවාසිකව තබා නියම ප්‍රතිකාර කළෝත් කාටත් සහනයක් වේවි(අ)
ලංකා මාතාවට ජයවේවා (දී)
පකිස්ථානයේ සමජිකයා ගැන මම දන්නේ නැහැ, නමුත් අනිත් දෙදෙනාම කොටි පිල්ලි. කොටි පකිස්තානු සමජිකයටත් හොඳ ගානක් දෙයි නම ගන්න. කොටි ඇමෙරිකාවේ, කැනඩාවේ ,එංගලන්තේ දේශපාලකයන්ට කරල තියෙනව වගේ. (ස)
අනේ මටත් විසා එකක් දෙන්නකෝ , මමත් ඇවිත් හොඳට සාක්කි දෙන්නම්!(දී)
ඔය සුද්දෝ කරන්නේ නැති ප්‍රශ්න ඇති කරන එකයි. බල්ලන්න ලිබියාවට, ඉරාකෙට, සිරියාවට කරලා තියන දේ. බලන්න වෙනිසුලවට කරන හදනේ දේ. (ස)
කවුද ලුම්බිණි කියන්නේ වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕන නැහැ කියල. ඔයාව ට්‍රැෆික් රාලහාමි කෙනෙක් අල්ලලා ජරාවක් නොලැබෙන කොට දඩ කොලයක් ලිව්වා. ඔයා හොදටම දන්නවා ඔයා වරදක් කලේ නැහැ කියලා. නමුත් ඔයාට දඩ කොලේ ගෙවන්නම වෙනවා. නැත්නම් උසාවි යන්න වෙනවා. උසාවියෙන් ඔයාගේ පැත්ත ගන්නෙත් නැහැ. ඔයා වරද කාරයාම වෙනවා.නැත්නම් මෙහෙම හිතමු. ඔයා කලබල වෙලාවේ ධර්ග ටවුන් එක මැද්දෙන් වාහනේ අරන් යනවා. ඔයා සර්ව ආගමිකයෙක් කියල අහිංසකයෙක් කියල වැරදි කරලා නැහැ කියල කිව්වට කට්ටිය ඔයාව අත අරිවිද. වැරදි නොවී යුද්ධ කරපු රටක් තියෙනවද? යුද්ධ කරන්නේ මනුස්සයෝ.මිනිස්සු අතින් වැරදි වෙනවා.සිල් රෙදි ඇදන් සිල් අරන් යුද්ධ කරන්න බැහැ.එහෙම කරලා සාමාන්‍ය මිනිස්සු අස්සේ ඉන්න ත්‍රස්තවාදී සාන්විධානයක් එක්ක යුද්ධ කරන්න කොහොමටවත් බැහැ. ලෝකේ රවුම් කියල අපිත් දන්නවා. ඔවුන්ට එන්න ඉඩ නොදෙන්නේ මේ රට මේක පිළිගන්නේ නැහැ කියල ලෝකෙට කියන්න.. මේ චෝදනා ප්‍රතිෂේප කරනවා කියල ලෝකෙට කියන්න. එතකොට එයාලගේ තීන්දුව එක පාර්ශවිකයි. එන්න දීල දෙන තීන්දුව ප්‍රතික්ෂේප කරනවට වඩා මේ ක්‍රමේ හොඳයි.මේ රට ලිබියාවක් ඉරාකයක් සිරියාවක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් වුනු අදටත් බහුතර මහජන මතය කැමැත්ත හිමි රජයක්. පිල්ලේ මොන චෝදනා ගෙනාවත් ඔප්පු කරන්න හැදුවත් ඒක මත කටයුතු කරන්න ඕන ආරක්ෂක මණ්ඩලයේ කැමැත්ත ඇතුව. ඒ කැමැත්ත කව දාවත් මේ රටේ වර්තමාන තත්වය දකින අපිට හිතැති රටවල් ඉන්න ඒ මණ්ඩලෙන් ලැබෙන්නේ නැහැ. ඔය යකාට අපි බය නොවී හිටියොත් යකා අකුලා ගනී..බය බව පෙන්නුවොත් යකා හැමදාමත් අපිව බය කර කර කප්පං ඉල්ලාවී. (ස)
පකිස්ථානයේ මානව හිමිකම් කඩ වෙන්නෙම නැද්ද ආ ? (දී)
මැත කාලයේ තිබුන සියලුම රජයන් යුද්දය අඩු වැඩි වශයෙන් කල. එත් මෙතන පරීක්ෂණය කරනේ අවසාන කලේ උන දේවල් පමණි..මෙයාලට තියන ලොකුම අමාරුව මේ යුද්දේ අවසාන කල එක තමා. (දී)
තුනක් නම් හොඳටම මදි . (දී)
රජය ඉල්ලගෙන කන පරිප්පු නේද? අහිංසක විශ්ව විද්‍යාල දරුවන් අත් අඩංගුවට ගන්නවා, පාලකයෝ හරියට එයාලගේ මුදල් ප්‍රතිපාදන වලින් අධ්‍යාපනය දෙනවා වගේ තමයි කතාව. මේවා ගෙන කතා කරන්න කෙනෙක් නැහැ. (ස)
මහානාම ඔබ අදහස් කරන දේ කරුණාකරල තව පැහැදිලි කරනවද?(අ)
පිල්ලි එවන්න ඕන මානව හිමිකම් කමිටුවක් නෙමෙයි මැටිය හිමිකම් කමිටුවක්. (අ)
පිල්ලේට කරන්න පුළුවන් දෙයක් නැහැ (දී)
අපි ඔය කියන විදියේ වැරදි කරලා නැත්තම් ඇයි අපි බය වෙන්නේ මේ කමිටුවට? මේකෙනුත් දේශපාලන වාසි ගන්න තමයි හැමෝම බලන්නේ. එන්න කියන්න ඇවිත් ඕනේ එකක් බලන්න කියන්න. අපි බය වෙන්න ඕනේ නෑ කාටවත් (දී)
ලංකාවට වින කටින්න කාටවත් ඉඩ තියන්න එපා (දී)
මහානාම,නරකද සෙත් ශාන්තියක් කර ගත්තොත්.?? (දී)
පිල්ලි නෝනා විශ්‍රාම යන්න හදන්නේ තියෙන ඔක්කොම විනාස කරගෙන වෙන්න ඇති, එයාට කොහේ ගියත් විඳවන්න වෙනවා. (ස)
පිල්ලේ ආවහම බොරුවට උද්ගෝෂණ තියන්න එපා එන්න කලින් ප්‍රශ්නේ විසදමු (දී)
මේගොල්ලෝ යද්දී අපට මොනතරම් ලෙඩ දීලා යයිද දන්නෙ නැහැ. 1948 සුදු මහත්වරු මේ රටෙන් යද්දී දීලා ගියා වගේ. එහි ප්‍රතිඵල අපි තවමත් විඳිමින් ඉන්නවා. (නි)
විදේශ කුමන්ත්‍රණ වලට හසුවෙන්න එපා (දී)
එළ එළ ඔහොම යං.ඔහොම යං (අ)
මෙම තුන්දෙනාට අපේ සිංහල ආගන්තුක සත්කාර නොඅඩුවම සලකා අපේ සිංහලකම පෙන්වමු. (අ)
අපි යුද්දේ දින්නා බලන් ඉන්න අමාරුද පිල්ලේ නෝනා (දී)
පිල්ලේ නෝනගේ කෙනහිලිකම් ඉවරයක් නැහැ , නරකට දඬුවම් දෙන කාලි මතා දෙවියෝ බලාගෙන ඉන්නවා ඇයට නිසි අච්චුව දෙන්න. මගේ පැතුමත් එයයි (අ)
ඔබව සාදරයෙන් පිලිගනිමි...(දී)
මොකද මේකට කවුරුත් අකමැති? අපි වරදක් කරලා නැත්නම් කුමට බය වෙන්නද? (අ)
අපි බය නැහැ අපි වරදක් කරලා නැහැ කියලා අපේ හදවත දන්නවා (දී)
ජාතිය විනාශ කරන්නට පෙර ජාතියේ ස්වෛරීබව වෙනුවෙන් මේ ගැන තීරණයක් ගනිමු (නි)
අපි හැමෝම එකතුවෙලා අපේ රට රකින්න ඉන්න සියලුම දෙවි දේවතාවුන්ට කන්නලවු කරලා කියමු පිල්ලේ නෝනා ඇතුළු අපිට විනකරන සැවොම දෙවියන්ගේ නාමෙන් බලාගන්න කියලා (නි)
මම හිතන විදිහට මේ අය ලංකාවට එන්නේ නැහැ. වෙන රටක ඉදලා ස්කයිප් තාක්ෂණයෙන් පැමිණිලි ආදිය සටහන්කරගෙන, සාක්ෂි කරුවන් කියන දේ අසා, මේ පරීක්ෂණය කරගෙන යාවි..මොනවා වුනත් මට නොතේරෙන එක දෙයක් තියෙනවා. ඇයි අපේ රට මේ පරීක්ෂකයන්ට එන්න නොදෙන්නේ..? ඒ අයට එන්නම ඕන නම් එන එක එ්තරම් දෙයක් නොවෙයි. බොරුවට කෑගැහුවට ඒවා නවත්වන්න තාක්ෂණිකව අපිට බැහැ.. අපි වැරදි කරලා නැතිනම් ඇයි අපි බය..? අනෙක ඒ පරීක්ෂකයින් ලංකාවට නොපැමිණීම ...පරීක්ෂණයන්ට බාධාවක් නොවෙයි ... ලොකුම ප්‍රශ්නය මෙන්න මේකයි...බැන්කිමූන් දුන් ගිවිසුම අත්සන් කරපු අපි... ඇයි දැන් ඒ ගිවිසුමේ තිබුන කොන්දේසි ඉටු කරන්න මැලිවෙන්නේ...? රජ්‍යතන්ත්රිකයන්ගේ ඉංගිරිසි දැනුම පිළිබද ප්‍රශ්නයක්ද...?නැතිනම් අපේ උද්දච්චකමද? අපි අමතක කරන්න හොද නැහැ ...ලෝකය තියෙන්නේ ලංකාව තුල නොව අපේ පුංචි ලංකාව තියෙන්නේ මේ මහා ලෝකය තුල බව . සමහරු මේ අදහසට විරුද්ධ වේවි...මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. ඒ හැර ඔබටවත් මටවත් කරන්න කිසිම දෙයක් නැහැ. මොකද අපි අනාගෙන ඉවරයි...(ස)
එන්න කියන්න අපි බය නැහැ (දී)
පිටබැද්දර ජයා - නිකන් හරි දෙවි දේවතාවුන් අපේ කන්නලව්ව ඇහුවොත් එහෙම....(දී)
දැන් සිදුවිය යුතු සියල්ල සිදුවෙලා අවසන්.අපි ..තවමත් කෑගහනවා. එයින් මේ පරීක්ෂණයට සුළුවෙන් හෝ ප්‍රස්නයක් වෙන්නේ නැහැ.මම හිතන්නේ ඒ අය රටින් පිට සිට පරීක්ෂණය කරාවි. මේක අපිට අමතක නොවෙන පාඩමක් කියලාදෙනවා...මිට පස්සෙවත් මේ වාගේ ගිවිසුම් අත්සන් කරද්දී ඉංගිරිසි භාෂාව පිලිබඳ හොද පරිචයක් ඇති අය ඒවා අත්සන් කල යුතුයි.. (දී)
පුළුවන් නම් අපේ රටේ මිනිස්සු වසර 30 විඳපු දුක පෙන්නන්න (දී)