බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන එඩින්බර්ග්හි ආදිපාද පිලිප් කුමරු මෝටර් රථ අනතුරකට ලක්ව ඇත.
කුමරු විසින් පදවාගෙන ගිය මෝටර් රථය තවත් මෝටර් රථයක් සමඟ ගැටී කුමරු ගමන් ගත් ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථය පෙරළීගොස් ඇත.
බකිංහැම් මාලිගාව සමීපයේ ඇති සැන්ඩ්රිගම් වතුයාය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් 97 හැවිරිදි පිල්ප් කුමරු කම්පාවට සහ බියට පත්ව ඇති බව වාර්තා වේ.
පිල්ප් කුමරු හට බරපතළ තුවාල සිදුවී නොමැති බවත් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.
ඒ එෆ් පී ඇසුරෙනි
(63226)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මහත්තයාටත් ජනතා මුදල් වියදම් කරලා හෙලිකොප්ටර් එකෙන් යන්න තිබුනනේ! අනේ පවු. රජ සැප වුනත් හිතේ හැටියට විඳින්න දන්නේ නැති මෝඩ අහිංසක මනුස්සයෙක්.
ඔය වයසෙදි මොන ලැන්ඩ් රෝවර්ද? පිනක්, දහමක් කරන් ඉන්නැතුව. රිය ධාවනයට වයස වැඩියි.
වයස කියන්නේ නොම්මරයක් පමණයි
මොහු වයසින් වසර 100කට ආසන්න කෙනෙක්. ඕනෙම කෙනෙක් වයස්ගත වෙනකොට යම් හදිසි අවස්ථාවකට ප්‍රතික්‍රියා කිරීමේ ශක්තිය අඩුවෙනවා. මා සිතන්නේ මොහු වැනි කෙනෙක් රිය පැදවීම ඔහුටත්, පාරේ ගමන්කරන අනිකුත් අයටත් අවදානමකි.
සීයා තාම කුමාරය කියල හිතාගෙන ඉන්නේ. ඒකයි සිද්ධිය.
දැනගන්නට ඕනෑ වයසේ හැටියට ඉන්න.