IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි

(නිමල් ජයරත්න)

පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීහු පිරිසක් පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අද දින සොයා බැලූහ

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් පරිදි මෙම නිරික්ෂණ චාරිකාවට එක් වූහ.

පොළොන්නරුව  මහා පරිමාණ වී තොග රැස් කරන හා සහල් නිෂ්පාදනය කරනු ලබන මින්නේරිය සී.පි.පුර ප්‍රදේශයේ පිහිට් නිපුන සහල් නිෂ්පාදන ආයතනය හා වැලිකන්ද,සිංහපුර ප්‍රදේශයේ පිහිටි රත්න සහල් නිෂ්පාදන ආයතනයේ මේවනවිට පවතින වී තොග සහ සහල් තොග පරීක්ෂාවට ලක්කර එම සහල් හා වී තොගවල  දත්ත රැස් කළේය.

මෙහිදී නිපුන සහල් ආයතනයේ සභාපති සිරිපාල ගම්ලත් මහතා මෙම පරීක්ෂාව සදහා පැමිණි පාරිභෝගික නිලධාරීන් වෙත පවසා සිටියේ තම ආයතනය වෙත රජයේ පාලන මිළට සහල් වෙළදපොල වෙත අඛණ්ඩව ලබා දෙන බවත් රජයේ පාලන මිළට වඩා අඩුවෙන් රුලියල් 219 ක් වැනි මිළකට තොග වෙලදුන් වෙත සහල් අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් වන රජයේ පාලන මිළට පාරිභෝගිකයින්ට සහල් අලෙවි කල හැකි බවයි.

තමන්ට නාඩු සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සදහා රුපියල් 225ක මුදලක් වැය වෙන බවත් රුපියල් 219ක් වන මෙම මිළ ගණන් යටතේ සහල් අලෙවි කිරීමෙන් එක් සහල් කිලෝවකින් රුපියල් 6ක පාඩුවක් සිදුවන බවත් එම පාඩුව දරා ගණිමින් රජයේ පාලන මිළට සහල් අලෙවි කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ පිහිටි අනෙකුත් මහා පරිමාණ වී මෝල් වන වැලිකන්ද රත්න සහල් ආයතනයේ හා පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි අරලිය සහල් ආයතනවලටද පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගොස් එම ආයතන වල ගබඩා කර ඇති වී හා සහල් ප්‍රමාණයන්හි සංචිත පිලිබද තොරතුරු සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට කටයුතු කරනු ලැබූහ.



අදහස් (4)

පොලොන්නරුවේ සහල් තොග ගැන පාරිභෝගික අධිකාරිය සොයයි

රවන Sunday, 27 October 2024 11:00 PM

මෙවන් රංගන ගිය රජයේ හිටපු නිලධාරිනුත් කලා හාල් මිල අඩු වුණේ නෑ. නිලධාරින් කැමරා නැතිව ගිහිල්ලා හාල්මිල අඩු කරලා පෙන්නන්න.

:       0       1

kumara Monday, 28 October 2024 03:01 AM

සගවා ඇති තැන දැක්කාම කියන්න පුලුවන්. ඔය ගොඩවල් අයින් කළාම ඒවා යට වෙනම බංකරයක් වගේ එකක් ඇති. ඕවා අයින් කරවන්න වෙනත් තැනකට. ඔතනම තමා සගවපු තොග ඇත්තේ.

:       0       2

Lalla Monday, 28 October 2024 07:31 AM

තොග තමන්ගේම ගබඩාවල තිබුනේ අතීතයේ. දැන් ගොවීන් සහල් මෝල් සමග බද්ධ වෙලා අවසන්.තොග පවත්වාගෙන යාමට ගොවීන් උදව් වෙනව.අනෙක රජය නොදෙන දේවල් ලොකු සහල් ව්‍යාපාර ගොවීන්ට කරල දෙනබව ආරංචිය. සී සෑම පටන් අස්වනු නෙලීම දක්වාම...

:       0       8

prasanna Tuesday, 29 October 2024 04:03 PM

හංගපල්ලා, මිනිස්සු දැන් පුන්නක්කු කන්නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site