විනීතා එම් ගමගේ
දේශීය වශයෙන් පරිභෝජනය කරනු ලබන පළතුරු වලින් සියයට 80%ක්ම පිටරටින් ගෙන්වනු ලබන ඒවා යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
වසරකට වරක් දෙකක් හට ගන්නා පළතුරු වසර පුරා විකුණන්නේ කල් තබාගෙන බවත් ඒ ඒ රටවල මෙම පළතුරු කල් තබා ගැනීමට යොදා ගන්නේ මොනවාද යන්න අපි කිසිසේත්ම නොදන්නා බවත් හෙතෙම කියා සිටියේය.
එසේ මාස ගණන් කල් තබා ගන්නා පළතුරු මිලදී නොගෙන දේශීය වශයෙන් පලතුරු අවශ්‍ය තරම් වවා ගත හැකි යැයි කී අමාත්‍යවරයා තම ව්‍යායාමය පළතුරු ධාන්‍ය වර්ග සහ අල ලූණු වැනි ආහාර වර්ග දේශීයව හැකි තරම් වවාගෙන පිටරටට යන විශාල මුදල අවම කර ගැනීම යැයි ද කීය.
අමරවීර මහතා මේ අදහස් පළ කළේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ අද (8) පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.
කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් ආරමභ කරනු ලබන ‘‘අපි වවලයි අපි කන්නේ’’ නමැති කෘෂිකාර්මික කේෂත්රයේ සංවර්ධනය සඳහා වූ ඉදිරි කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරින් දැනුම්වත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
2017 දි පැණි දොඩම් මෙට්‍රික් ටොන් 8686 ක් ගෙන්වා ඇති අතර මිලියන 958 ක් ඒ සඳහා වැය කර තිබෙනවා. මිදි මෙට්‍රික් ටොන් 9687 ක් ගෙන්වා ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 2766 ක් වැය කර තිබෙනවා.
ඉඟුරු හා කහ ගෙන්වීමට රුපියල් මිලියන 1315 ක් වැය කර තිබෙනවා. ලොකු ලූණු ගෙන්වීමට රුපියල් 2776 ක් ද අල සඳහා මිලියන 5753 ක් ද වැය කර තිබෙනවා. මේ මුදල් වලින් විශාල ප්‍රමාණයක් ඉතිරිකර ගත හැකියි.
ඉඟුරු කහ වගේ දේවල් පුත්තලමේ වවන්න පුළුවන්. ඉඟුරු කිලෝවක් රුපියල් 1000 යි. වවන්න රුපියල් දෙසීයක් වත් යන්නේ නැහැ. කෘෂි කලාප ස්ථාපිත කරන්නයි අපි අරමුණු කරන්නේ.
දැන් රටේ සිදුවන්නේ හැමදේම හැමතැනම වවන එකයි. වැවිය යුතු මොනවාදැයි ගොවින්ට අවබෝධයක් නැහැ. මේ නිසා වගාවන් අලෙවි කරගැනීමේ දී ප්‍රශ්න ඇති වෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂි කේෂත්රයේ දායකත්වය 29% තිබුණත් එය මේ වනවිට සියයට 7.7 ක්ව තිබෙනවා. එය යළි ඉහළ නැංවීම මේ සියලූ උත්සාහයන් හී අරමුණයි යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමති ගාමිණි තිලකසිරි, වයඹ පළාත් කෘෂිකර්ම ඇමති සුමල් තිසේරා, මධ්‍යම පළාත් කෘෂිකර්ම ඇමති එම් රමේෂ් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් බී විජේරත්න, යන මහත්වරු සහ අමාත්‍යංශයේ හා අනුබද්ධ ආයතනයන්හි නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජාන තාක්ෂණය දියුනුයි වසර පුරා අස්වැන්න ලැබෙන පළතුරු වර්ග නිශ්පාදනය කරනවා ඒවා තමයි ආනයනය කරන්නේ එහෙම නැතිව වසරකට දෙවාරයක් අස්වැන්න ලැබෙන පළතුරු නොවෙයි. අපිත් එවැනි ක්‍රම භාවිතා කරලා අපේ අස්වැන්න වැඩි කරගන්න උනන්දු විය යුතුයි. නැත්නම් අපිට හැමදාම ආහාර හා පළතුරු පිට රටින් ගෙන් වීමට සිදු වෙයි.
ඉදල ඉදලා මාර සොයා ගැනීමක්නෙ කරලා තියෙන්නේ.
කතාව දෝලාවෙන්, ඒ වුනාට ගමන ඉබි ගමනෙනුත් නෙමෙයි රට ආපස්සට යනවා. දැන් මිනිස්සුන්ට කෘෂි කර්මාන්තය වහකදුරු වගේ වෙලා , රජයෙන් කෙරෙන කෙනෙහිලිකම් නිසා. ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගෙනෙනවා. අලවලට , ළුණු වලටත් එහෙමයි. ගොවියෝ වැඩිදෙනා අන්ත දුප්පත්තු. කන්න දෙකක් මේ විදියට වුනාම ඒ මිනිස්සු වගාව කරන්නේ නැහැ, ගෙදර තියෙන හැමදේම විකුනලා හිගන්නෝ වෙලා. ඒ මිනිස්සු කුලියක් කරලා ජිවත් වෙන්න හිතනවා.
දියුණු රටවල මිනිසුන් ඒ ඒ කාලෙට හැදෙන පලතුරු සහ එළවලු ආහාරයට ගන්නත්, වැඩිපුර ඇති දේ කල්තබා ගත හැකි විදිහට ඇසුරුම් කරන්නත් උත්සාහ කරනවා.. අපි ස්වභාවධර්මයට ආදරය කරනවා නම්, ස්වභාව ධර්මය අපිව රැකබලා ගන්නවා. ඒ ඒ කාලයට ගැලපෙන ආහාර අපට ලබා දෙනවා. අද කාලයේ තිබෙන නොයෙකුත් පිළිකාවලට මේ ජාන විකෘති කළ ආහාරත් හේතුවන බව පර්යේෂණ වලින් පෙන්වනවා. අපි ජීවත්විය යුත්තේ ස්වභාවධර්මයත් එක්කයි. අපට නැවත හැරී බලන්න. අපේ මුතුන් මිත්තන් කළ දේවල් ආදර්ශයට ගන්න කාලය ඇවිත්..
අමාත්‍ය තුමනි ! ඉස්සර තිබුන කෘෂි උපදේශක කියල තනතුරක්. ඔවුන් තමා ගොවියට උපදෙස් දුන්නේ . වවන භෝග ගැන, යොදන පොහොර, කෘමි නාශක ගැන, වගා සතුන් ගැන, ආදී ගොවි ජනතාව සමග එදිනෙද දුක සැප බෙදා ගත්තු උදවිය. දැන් ඒගොල්ලෝ කෝ? ජනතාවට වසවිස කවන ප්‍රමාණය අවම කිරීමටනම් , ප්‍රතිපල උපරිම මට්ටමකට ගෙන එන්නනම් එම කොටස ගැන අවදානය යොමු කලොත් ප්‍රතිපල ලැබේවි.
ඉතාමත් වැදගත් කාරණාවක් සොයාගත්තට ඔබතුමාට ස්තුතියි. මෑත ඉතිහාසයේ ලංකාවේ හොඳම සොයාගැනීම. මහත්තයෝ අපිත් පරම්පරාගත ගොවියෝ. ගොවිතැනෙන් ඉවත්වුනේ තවදුරටත් වගා කළා නම් දිවි නසා ගන්න වෙන නිසයි. මට තේරුණු විදියට ඔබතුමාට අවශ්‍ය වුනේ අපේ රටින් පිටට යන මුදල් කන්දරාව නවත්වා ගැනීමයි. අපි ඉස්සරවෙලාම අලි යන පාරවල් වහලා ඊට පස්සේ කූඹි යන පාරවල් වහමු. අපේ අතිවිශාල මුදලක් වියදම් වෙන්නේ ඔබතුමාලට අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන්න කියලා අපි හැමෝම දන්නවනේ. දැන් මේ රටේ යුද්ධයකුත් නැතිනිසා (සහජීවනයක් ඇති නිසා) ඔබ තුමාලත් සාමාන්‍ය වාහන භාවිතා කරන්න පටන් ගන්න. එතනින් අතිවිශාල මුදලක් ඉතිරි වෙනවා. ඊට පස්සේ පියවරෙන් පියවර දේශීය නිෂ්පාදන ඇති කරන ගමන් ආනයන සීමාකරමු. ජනතාව හැටියට අපි මේ කාර්යයේදී ඔබලත් සමග සිටිනවා. නමුත් පළමුව ඔබලා ජනතාවට ආදර්ශයක් දෙන්න. ජනතාවගේ විශ්වාසය දිනාගන්න. කටින් බතල කොළ සිටුවන දේශපාලකයන් ඕනෑ තරම් ඉන්නවා.
දී මූ විශල මුදලක් වියදම් කරලා, වගා ලංකා වගා : කියලා රට පුරාම විශාල බැනර් සහ බෝර්ඩ් ගැහැව්වා. නමුත් එයාගේ අස්නේ නාවලපිටිය පාරේ කුඹුරුගොඩ කරලා කඩා දැම්මා. මේ සේරම බොරු රඟපෑම්. ගොවි නිෂ්පාදන විකුණාගන්න වැඩ පිළිවලක් හඳුන්වාදෙන්න ඕනෑ. බයිලා වැඩක් නැහැ.
මෙහෙ පලතුරු කියලා අපි මොනවා කන්නද? අප රෙටේ අඹවලට ගහෙදීම බෙහෙත් ගහනවා කියලා අපට පෙනෙන්නේ. වරකා ගෙඩිය හැරෙන්න හැම පලතුරකටම ගැටකාලේම කඩලා බෙහෙත් ගහල විකුනන්නේ. මම වස්ගමුව ඉන්න කාලේ ඒ අවට තිබෙන ෆාම් එකකින් තමා පලතුරු ගත්තේ. මම ඇසුවා ඇයි මේ පැසුණ ඒවා වෙළෙන්දෝ ගෙනියන්නේ නැද්ද කියලා . නැහැ ඒගොල්ලෝ ගෙනියන්නේ නොපැසුණු ඒවා කියලා කීව. බෙහෙත් ගහලා ඉදොලා දෙනවා කීවා. ඉදුණ බව පෙනෙන පළතුරක් සුවඳ නැතිනම් ගන්න එපා