(රංජන් කස්තුරි)
පොලිතීන් ආනයනය,විකිණීම හා භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දේශපාලන,ආගමික සහ සංස්කෘතික උත්සවවලදී පොලිතින් භාවිතය තහනම් වන අතර මයික්‍රෝන 20ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
පිසූ ආහාර එතීමට,භාණ්ඩ ඇසුරුම් කිරීමට පොලිතින් මලු භාවිතය තහනම් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැදගත් තීරණ ගන්න ප්‍රමාද වෙන එකයි දුක
තරුණ උපාධිධාරීන්ට දෙන ගණනින් කඩදාසි බෑග් හදන කම්හල් ටිකක් දාගන්න කියමුද?
පොලිතීන් මෙන්ම පරිසරය දූෂණය සිදුකරන තවත් එක දෙයක් නම් විසිකර දමන පරණ බැටරි වර්ගයන්ය. බැටරි වල ඇති විස රසායනික බර ලෝහ භූගත ජලයට මුසුව විවිධ ලෙඩ රෝග ඇති කරයි. මේ ගැනත් සොයා බලන්න.
මොකද්ද මේ මයික්‍රෝන කතාව නැවත වතාවක්. පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න. පිටරටවල් වාගේ කඩදාසි කවර භාවිතයට ගන්න සැලසුම් කරන්න. ලංකාවේ අලි බෙටි වලින් සාදන කොල පිටරට වලට යවනවා නම් ඇයි ඒවා ලංකාවේ පාවිච්චියට ගන්න බැරි.
ලියා අවසන් පෑන් බට ආපසු ගන්න කියලත් ඒ සමාගම් වලට කියමුද?.
ඇයි පොලිතීන් සම්පුර්ණයෙන්ම තහනම් නොකරන්නේ. මයික්‍රෝන 20ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතින් භාවිතය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ යන්නෙන් පැහැදිලි වෙන්නේ මෙම නීතියෙනුත් රිංගන්න අවශ්‍ය අයට රිංගන්න අවස්ථාවක් දීලා තියෙනවා කියලයි. අපි කඩේට ගිහින් පොලිතින් බැග් එකක් ගත්තම අපි කොහොමද දන්නේ ඒකේ මයික්‍රෝන ගාන. මයික්‍රෝන 20ට සමාන හෝ ඊට අඩු කියාලා අනෙක් පොලිතිනුත් ඒවා අතරට දාලා විකුනාවී අපි දන්නවනේ අපේ රටේ වෙළෙන්දන්ගේ හැටි කලිනුත් නීතියක් ගෙනාව නේද තුනී පොලිතින් වල බත් ඔතන්න එපා ගනකම ඒවා පාවිච්චි කරන්න කියලා කෝ දැන් එම නීතිය ක්‍රියාත්මක වෙනවද. කොහොමත් අපේ රටේ නීති හැම එකක්ම වගේ නීති පොත්වලට විතරයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිහට විතරයි.
කඩදාසි බෑග් හදන කම්හල් ඇඹිලිපිටියේ තියෙනවා මලකඩ කාල යකඩත් කපාගෙන ගිහින්