සුරේෂ් කේ පෙරේරා
පොලිතින් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය වලක්වාලීම සඳහා පොලිතින් නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බව පරිසරවේදී පාහිංගල ආනන්ද සාගර හිමියෝ කියති. පොලිතින් භාවිතය නැවැත්වීමේ තීරණය ආපසු හැරවීමට පියවර ගන්නේ නම් ඊට එරෙහිව ජනතාව පෙළගස්වන බව ද ඒ හිමියෝ පවසූහ.
ආනන්ද සාගර හිමියන් ඒ බව පැවසුවේ කොළඹ පුස්තකාල ප්රලේඛණ මණ්ඩලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.
(ඡායාරූපය සහ වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් උද්ඝෝෂණ කීපයක් ළඟදීම බලාපොරොත්තුවන්න. බැටන් පොලු, කඳුළු ගෑස්, වෝටර් කැනන් සුදානම්ව තබන්න.
ධම්ම. මේ තිිරනය ගන්නෙ ආණ්ඩුව. එය නවත්වන්න එපා කියලයි මෙයාල කියන්න. කොහෙඳ යන්නෙ මල්ලෙ පොල් වගේ කතා කියන්නෙපා.!
විකල්ප ඉදිරිපත් නොකර හිතෙන හිතෙන විදිහට ඕව කරන්න තහනම් කරන්න පුලුවන්ද ?
කරුණාකර මේ වැඩේවත් හරියට කරන්න
පොලිතින් දිරන කඩදාසි සමග දෙමුහුම් කරමු
හොඳ අදහසක් වුණාට එහෙම එකපාරට නවත්තන්න බැහැ. මේවා කරගෙන ජීවත් වෙන පවුල් වලට අවස්ථාවක් දෙන්න ඕනේ වෙන රැකියාවන් සොයා ගන්න. නැත්නම් රජය විකල්ප රැකියාවන් ලබාදෙන්න ඕනේ.
කොහොම හරි අපි පුරුදු වෙමු පොලිතින් තොර ජීවිතයකට. පොලිතින් නැහැ කියල මැතිවරණ පවත්වන්න බැහැ කියල කියයිද දන්නේ නැහැ .
අපි සියලුදෙනාම ඔබවහන්සේ සමග
අපත් ඔබ වහන්සේ සමගයි
දිවා ආහාර පාර්සල් විකුණන අයට විකල්පය කුමක්ද?
විකල්ප අහන අය අද ඉපදුන අයද? පොලිතීන් වලට කලින් කඩදාසි නිපදවන්නේ. අපි පොලිතින් භාවිතාව පටන් ගන්න කොටත් එහි ආදීනව දැකපු වෙනත් රටවල් ඔය "නොදන්න විකල්ප" ලෙස කඩදාසි බෑග් භාවිතාවට ගන්න පටන් ගත්තා. කෑම පැකට් විකුණන අයට මොකද වෙන්නෙ කියලා අහන එකට, දැනටමත් භාවිතාවට ගන්න රිජිෆෝම් නවතාවයකින් නිපදවලා කෙලින්ම භාවිතාවට ගන්න පුළුවන්. නැතිනම් නැවත භාවිතා කල හැකි ප්ලාස්ටික් බඳුන්(පොදු) නිපදවා, දැනට වීදුරු බෝතල් නැවත දෙන ආකාරයට හුවමාරු කරගත හැකියි. ගෙදරින් ආහාර ගෙන යන අයටත් එවැනි භාජනයක් ගෙන යා හැකියි.
පොලිතින් ගැටලුව ගැන මට හිතෙන්නේ පුදුම දුකක්. තහනම් නීති පනවා විසඳුමක් සොයා ගන්න තරම් දුරදිග ගිය එක. රටේ මිනිසුන්ට මේ පොලිතින් හා වෙනත් දේවල් හිතුමතේ සැම තැනකම විසිකර නගරය අපවිත්ර වෙන බව කවදා අවබෝධ වේවිද? සමහර අපේ මිනිසුන් ගැන මට ඇත්තේ විශාල කලකිරීමක්.
මෙයට හොඳම විසඳුම තමයි... කෙසෙල් ඇමතිකෙනෙක් පත්කර, මහපරිමාණයේ කෙසෙල් වගා කර, කෙසෙල් කොලවල කෑම එතීම...
මේක ක්රියාත්මක කරන්න කලින් මේ ආයතන වලට සහන කාලයක් ලබා දීය යුතුයි. නැත්නම් ඒවායේ සේවය කරන දහස් ගානක් අයටයි පවූල් වලටයි මොකද වෙන්නේ
හා