සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නෝවන රෝග, පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකාරක වශයෙන් පත් කරනු ලැබ සිටි.
මහීපාල මහතාට නවදිල්ලි නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ දී සිකුරාදා (16) සිදු කෙරෙන අතර ඒ සඳහා ඔහු පත්වීම පිළිබඳ ලිපිය බාර ගැනීම සඳහා අද (15) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.
දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ රටවල් 11 ක බෝ නොවන රෝග, පෝෂණය සහ පාරිසරික සෞඛ්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානයා ලෙස පත්ව සිටියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති සමයේ 2011 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කරනු ලැබු ඔහුට එම තනතුරේ වැඩ කිරිමට වසර දෙකක් තිබියදී ඉවත් වීමට යයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවකු වන ඔහු මොරවක රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේය.
එතැන් සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වල වෛද්‍යවරයකු , විශේෂඥ වෛද්‍යවරයකු හා සෞඛ්‍ය පරිපාලකයකු ලෙස වසර 30 කට ආසන්න කාලයක් සේවය කළ ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස ද කලක් සේවය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ඉදිරිය ක්‍රියාකාරකම් වලින් පෙන්වූ කෙනෙක්. ඔබට ජය වේවා! (නි)
ලංකාවට කීර්තියක්! (බ)
මගේ ආචාරය ඔබතුමාට.. මෙහෙ ඉන්න කුහක මෝඩ නොමිනිස් කුක්කෝ එක්ක වැඩ කරලා ඔබතුමාට පලක් නැහැ රටට වැඩකුත් නැහැ.. ඔබතුමාට ජයෙන් ජයම වේවා .. ලංකාවට එන්න එපා මැතිතුමනී. ඔබගේ වටිනාකම මුළු ලොවටම තේරෙයි.. (බ)
හොඳයි.(හේ)
ආදරණීය මහතාණනි, ඔබ රටට කළ සේවය ඉමහත්ය. නිහතමානී මිනිස් ගුණෙන් පිරි එම ගුණවත්කම අපට දුන් ඔබට හදපිරි ස්තුතිය! මිනිසත්කම ලොවට බෙදන්න ලැබූ මෙම අවස්ථාව අප රටට ගෞරවයක්. එහෙත් ඔබගේ වටිනාකම හඳුනා නොගත් අප රටේ මිනිසුන්ට කවදා හෝ වටිනාකම දැනේවි. කුහක මිනිසුන් නොමැති තැනක සේවය කරන්න. ජයෙන් ජයම වේවා! (නි)
හිතවත් පාලිත මැතිඳුනි, ඔබ මගේ පුංචි ශ්‍රී ලංකාවට මහත් අභිමානයක්. මුදල් පසුපස හඹායන සියලු ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ඔබ ආදර්ශයක්. මගෙත්, සුවහසක් රටට ආදරය කරන ශ්‍රී ලාංකික ජනතාවගේත් පැතුම, ඔබ මේ ලොවට දායාද කළ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ගොඩක් පින් සහ ඔබට තෙරුවන් සමඟ තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ! (නි)