කිරිබත්ගොඩ නගරයේදී සිකුරාදා මැදියම් රැය ආසන්නයේදී ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී චමින්ද කරුණාරත්න මහතාගේ රියේ පිටුපසින් ජීප් රියක් හැපුනු පසු ඔහුටද තර්ජනය කර එතනින් ගිය බව කියන රියදුරෙකු සොයා ගැනීමට පොලීසිය වෙහෙසෙයි.
මෙම පුද්ගලයා අනතුරින් පසු කරුණාරත්න මහතාව ඔහුගේ වාහනයට යට කරන්නට තැත් කළේ දැයි සැකයක් පවතින බවද පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්ත, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
දැන් අපේ රට චණ්ඩින්ගේ රජ දහනක් වෙලා. ඒ කියන්නේ දැලි පිහි අතට ගත් වඳුරෝ රට හැම තැනම. දවස් 21ක් ලංකාවේ ඉඳලා ආවත් එනකල් විස්වාසයක් තිබුනේ නැහැ. අවුරුදු 14 15 කොල්ලෝ පච්ච කොටාගෙන ගංජා බොනවා පොඩි කොල්ලෝ. පිටේයි අත් වලයි පච්ච කෙටු කෙල්ලෙකුත් මම දැක්කා. බොහොම පරිස්සමින් ඉඳලා ආවා. එ්ත් ලංකාවේ අයට නම් ගානක්වත් නැහැ. (නදී)
මේ අනතුර සිදුකර පලාගිය තැනැත්තාගේ ධනය , බලය, තරාතිරම අනුව අහල පහල තියන සි සි ටී වී වල මේ ගැන කිසිවක් රෙකෝඩ් වෙන්නේ නැහැ.(නදී0
කෙසේ හෝ අල්ලාගන්න. දේශපාලන ඇම්බැට්ටයෙක් විය හැකියි (නදී)
මේකත් ඇති ඩයස්පොරාවෙන් යැපෙන කන්ඩායමට ගානක් හම්බ කරගන්න.මාධ්‍ය මර්ධනය කියලා හෙට පෝස්ටර් ගහවි. (ස)
මෙතනට තනතුර අදාල නැහැනේ . රිය පදවන විට රියදුරන් දෙදෙනෙක් අතර ඇති උන සිද්දියක් පමණයි. දිනකට ඔවැනි සිද්දි කියක් මේ රටේ වෙනවද ? (නදී)
කොහෙද ලංකාවේ මාද්‍ය මර්දනයක් තියෙන්නේ. නිශාන්ත හීන දකිනවද? අපේ ප්‍රජතන්ත්‍රවාදය ස්විස්ටර්ලන්තයට වඩා හොඳයි. අපි හරිම සතුටින් ඉන්නේ. (නදී)
කතාව ඇත්ත බන්දුල. (නි)