ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ 4 වසර පන්තියේ දරුවෝ පොල්අතු මඩුවක උගනිති.
ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ඒ ජා ප මන්ත්‍රී දුමින්ද බණ්ඩාරනායක මහතා මෙම පාසල ගැන අපට කිවේය .
විදුහලේ ළමයි 56 දෙනකි .ගුරුවරු හත් දෙනකි .පොල් අතු මඩුවේ දරුවෝ අට දෙනෙක් උගනිති.පාසලේ දරුවන්ගෙන් බහුතරයක් ආර්ථික අපහසුතා ඇති පවුල් වල දරුවෝය .1975 දී සස්කෘතික ඇමැති ටි .බි .තෙන්නකෝන් මහතා මේ පාසල ඇරැඹිය.
විදුහල්පති ඩබ්ලිව් .ජි .වීරරත්න මහතා කියනුයේ මේ පාසලේ දරුවන්වන්ද දුවිලි නැති පුංචි හෝ ගොඩනැගිල්ලක් පාවහන් පැළඳ පාසල් උපකරණද ඇතිව ඉගෙනීමට කැමැති බවයි.පාසලට උදව් කිරීමට කැමති නම් 077 - 3 416 157 දුරකතනයෙන් අමතන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් වෙන්න එපා දුවේ පුතේ, (දී)
ලන්කපුත කොලුවෝ, නුබේ කටට සීනි ටිකක් දාන්න වටිනවා (දී)
මේ ඉන්නේ අගහරු මතට යන්න පුළුවන් තරම් සල්ලි කාරයින්ගේ ළමයි නොවෙයි (දී)
මේ ළමයින්ට යන කල මොකද්ද (දී)
අපිට මේ ඉස්කෝලේ ගෙන විස්තර ඊ මේල් l කරන්න. අපි උදව් කරන්න උත්සාහ කරන්නම්. අපි ගිය අවුරුද්දෙත් දුප්පත් ඉස්කෝල හතරක නංගිලා මල්ලිලා 400 දෙනෙකුට අවුරුද්දක් ලියන්න ඕන කරන පොත්පත් දුන්නා (නදී)
මේකට අත ගැහුවට වැඩි වාසියක් නැහැ. (නදී)
ළමා කාලයේ යම් යම් අඩුපාඩු හෝ මානසික වදහිංසා වලට ලක් උනොත් ඒ ළමය ලොකු උනාම සමාජයට වයිර කරන තත්වයකට පත් වෙනවා බන්දුල මහත්තයාට වෙලා තියෙන්නේ එකයි කියන එක මට අද තේරුනේ.
මේ ගැන බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු වියයුතුයි (දී)
මේවා දැක්කාම නම් පුදුම අසරණ කමක් දැනෙනවා (දී)
කොළඹ පාසල් විතරක් නොවෙයි මේවත් ජාතික පාසල් මට්ටමට ගෙන්න ඕනේ (දී)
අපි කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන් ,ඉන්දන වලින්,විදුලි බිලෙන් ගෙවන බදු මුදල්නම් 100% කින් වැඩි කරලයි තියෙන්නේ.මොනවා වෙනුවෙන්ද මේ බදු මුදල් වෙන් කරන්නේ? (දී)
මේ ලංකාවද? (දී)
මේකයි මෙතන වෙලා තියෙන්නේ. දේශපාලකයින්ට මේ පාසැල හදා වැඩක් නැහැ. මොකද ළමයින්ගෙන් ඡන්ද ගන්න බැරි නිසා. අනික මම නම් කැමති නැහැ පාසැලට උදව් කරන්න. ඒවාට උදව් කරන්න ඕනේ තරම් ඇමති වරු ඉන්නවා. මුදලුත් වෙන්කරලා තියනවා. නමුත් මම කැමතියි මේ ළමුන්ට උදව් කරන්න. කළ හැකි ක්‍රමයක් කියන්න. (නදී)
මේ අසරණ දරුවන් වෙනුවෙන් කැප වෙන ගුරුවරු හත් දෙනා ගැන මම ඉතාමත් ආඩම්බර වෙනවා.(දී)
බන්දුල පෙරේරා, රන්ජිත් බෝගොඩ තමුන්නන්සේලා ගැන හරිම කනගාටුයි...තමුන්ගේ දරුවෝ කොළඹ පාසල් වල ඉගෙන ගන්නවා ඇති. මේ දරුවෝ ඉල්ලන දේ හරියට බලලා තමුන්ගේ කුහකත්වය පෙන්නන්න. ලංකාදීපයට ස්තුති මෙවන් දේ රටට පෙන්වීම ගැන... (දී)
සමහරු හරිම කුහකයි . හරියට වැඩවසම් කාලයේ වලව්වේ හාමුලා වගේ . කඹුරන උදවියගේ ළමයින්ට මොන කලිසම් සපත්තුද ඇහුවා වගේ . මේ ළමයින් ඉල්ලන්නේ තෙමෙන්නේ නැති ගොඩනැගිල්ලක් , සාමාන්‍ය පාසල් උපකරණ ! අපිට නම් ඉගෙන ගන්න අපහසුතා තිබුනේ නැහැ . ඉගෙන ගත්තේ කොළඹ ,. දෙමව්පියොත් කුහක නොවී අනුන්ට උදව් කරන්න කියලා දුන්න. (දී)
රට පුරාම ප්‍රාදේශිය සභා පළාත් සභා තිබෙනවා නමුත් ඒ අයට ගමේ මිනිසුන්ව මතක්වෙන්නේ ඡන්දය ගන්න විතරයි. (දී)
කොහොමද කොළඹ පාසලකට ඔහොම උනානම් (දී)
කව්රු හරි මේකට උදව්කරනවා නම් මමත් කැමති වහලට හෙවිල්ලන්න උළු 2000ක් දෙන්න. (ස)
ආණ්ඩුවේ ඉන්න මිනිස්සු නිදි වැදිලද දුප්පත් මිනිස්සුන්ගෙන් චන්දෙ අරන් වෙන වැඩ රටකට ගිය කලක් (දී)
රේගුවෙන් අල්ලපුවා ඒ වෙලාවට විතරයි නේ. ඊට පස්සේ ඒ බඩු වලට වෙන්නේ මොනවද කියල, ඒ බඩු වත් දන්නැති රටේ. මේ අසරණ දරු පැටව් ගැන කවර නං කතාද? (දී)
මමත් පොල් අතු මඩුවක ඉගෙනගත්ත. අපි අපේ දරුවොත් පොල් අතු මඩුවල ඉගන ගන්නවා බලන් ඉන්නවා. එක උදලු තලයක් ගෙනත් දුන්නම කාට හරි චන්දය දෙනවා. අපිට මොනවද වෙලා තියෙන්නේ (දී)
දැක්කත් දුකයි (දී)
අහිංසක ලමයි (දී)
රට පුරාම ප්‍රාදේශිය සභා පළාත් සභා තිබෙනවා නමුත් ඒ අයට ගමේ මිනිසුන්ව මතක්වෙන්නේ ඡන්දය ගන්න විතරයි.(දී)
මේ රටට ගිය කලක්. (දී)
වියදම් කරන අනවශ්‍ය සල්ලි වලින් මේ ළමයින්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න (දී)
මේ ප්‍රදේශය ප්‍රාදේශීය සභාවකට වත් පළාත් සභාවකට වත් අයිතිත් නැහැ.එකයි, නැත්නම් මේක පෙන්නේ නැති පොට්ට මන්ත්‍රී වරු ඉන්නවද? (දී)
ලංකාවේ නෙමෙයි නේද? (නදී)
මෙහෙමත් සිද්ද වෙනවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ (දී)
ලංකාවේ දිස්ත්‍රික්ක දෙක තුනක හැරෙන්න අනිකුත් පාසල් සියල්ලම මේවගේ තමයි. (නදී)
ගමට කැකිරි. නගරෙට ලම්බෝගිනි. (නදී)
ඉගෙන ගන්න කාලේදී සැප විදින්න හොද නැහැ.අපි ඉගෙන ගන්නකොටත් මීට වඩා හපන්.මේ දරුවන්ට වායු සමිකරන කරපු ගොඩනැගිලි දෙන්නද කියන්නේ? (දී)
අපිත් ඒ කාලේ ඔහොම තමයි ඉගෙන ගත්තේ (දී)
සෑම දවසකම කටුනායක ගුවන් තොටුපොලෙන් අල්ල ගන්න රත්තරන් "ටොන්" ගණනින් පුලුවන්න්නේ මේ වගේ පාසල් වල දරුවන්ගේ ජීවන තත්වය ඉහල දමන්න. (දී)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (දී)
පොල් අතු පැලේ උනත් කමක් නෑ මේ දරුවන් හොදින් ඉගෙන ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් හා චිත්ත ධෛර්යය වඩවන්න අවශය පහසුකම් සපයන්න. ළමයින්ටත් දුක වේදනාව තේරුනොත් තමයි කුඩා කාලයේ ඉදලා අභියෝග ජයගන්න පුලුවන් වෙන්නේ. හැම පහසුකමක්ම දුන්නම ඒ හැකියාව නැති වෙන්නත් පුලුවන් (නදී)
පොල් අතු පැලේ උනත් කමක් නෑ මේ දරුවන් හොදින් ඉගෙන ගන්නවා නම් ඒක තමයි වටින්නේ. ගුරැවරුන්ට අවශ්‍ය පහසුකම් හා චිත්ත ධෛර්යය වඩවන්න අවශය පහසුකම් සපයන්න. ළමයන්ටත් දුක වේදනාව තේරුනොත් තමයි කුඩා කාලයේ ඉදලා අභියෝග ජයගන්න පුලුවන් වෙන්නේ. හැම පහසුකමක්ම දුන්නම ඒ හැකියාව නැති වෙන්නත් පුලුවන් (නදී)
දුක හිතෙනවා පොඩි එවුන්ගේ මුණු ටික දැක්කම.අපි හැමෝම උදවු කරමු විදුහල්පති තුමාට පාසැල ගොඩ නගන්න. ලංකාවේ රජයේ සැලකිලි කොළඹට කිරි ගමට කැකිරි වගේ තමයි.මම මේ ලඟදි පත්තරයක දැක්ක ලංකාවේ ගොඩක්ම දුප්පත් මිනිස්සු හිටියේ දකුණු පළාතේ කියල.පොදුවේ බැලුවොත් ලංකාවේ බොන්න වතුර ටිකක්වත් හරියකට නැති මිනිස්සු ඉන්නේ උතුරු, උතරුමද පළාත්වල.දේසපාලන නියෝජිතයන්ගේ ඇස් පෑදේවා.(දී)
දැන් බලන්න මේ රට පුරාම දේසපාලුවෝ කතාකරන්නේ ආශ්චර්යය ,සංවර්දනය ජනතාවට ප්‍රතිලාබ වගේ දේවල්. පිස්සන් කොටුවේ පාවිච්චි කරන වචන වගයක්. ඒ ඔක්කොම බොරු බව මේ පාසලෙන්ම පෙනෙනවා. අහිංසක දරුවන්ට කිසියම් උදවුවක් කරන්න මමත් කැමතියි. (නදී)
දයට කිරුළ...? (අ)
පාලිත.අද වෙනකොට අතට හව්වෙන සෑම දෙයක්ම මුදල් කරන්නයි බලන්නේ.විශ්ව විද්‍යාල ටික බේරිලා තියෙන්නෙත් "අන්තරයට" පින් සිද්ද වෙන්නයි .නැතිනම් බලන්න තිබුන විශ්වවිද්දීයාල ටිකට වෙන දේ.(දී)
පසුගිය අවරුදු 4-5 ඇතුලත ගම්බද පාසල් 4000 ක් වහල දාලයි තියෙන්නේ.කාටද ආඩම්බර.? (දී)
අධ්‍යපනයට ඉන්න ඇමති වරුන්නේ ඇස ඇරේවා.(අ)
දැන් ඉතින් ට්වීටර් වැඩ රූපවාහිනියෙන් පෙන්නයි (නදී)
අපට අවශ්‍ය අධ්‍යපන ඇමැතිවරුනොවේ. අමැතිවරුන්ට අධ්‍යාපනයයි (අ)
මේ වගේ ඉස්කෝල ලංකාවේ ගොඩක් තියෙනවා. නරකද මේ වගේ ඉස්කෝල වලට උදව් කරන්න සංවිධානයක් පටන් ගත්තොත්. (අ)
වේල දෙවේලේ කුසගිනි නොබලා කඩමලු ඇන්දත් පින් කඳ බැබලෙනවා .අහිංසක දරුවන් දැක්කම නොදකින් දේශපාලුවෝ කියල හිතෙනවා. (ස)
කැමරා ඉදිරියේ දුප්පත් ගම්බද කුඩා දරුවන්ගේ හිස අතගාන හැම දේශපාලන අම්බරුවෙකුගේම නෙත ගැටීය යුතු ශෝචනීය දසුනක්. මේ දරුවන්ට හරියන්න ඉර බස්නාහිරෙන්ම පායන්න ඕනෙද ? ගමට කැකිරි කොළඹට කිරි නාට්‍යය අවසන් වන්නේ කවදාද? (ස)
මොකද්ද අපි මේ ඉන්න රට. හරියට ඉගැන්න ගන්න පාසලක් නැති දරුවෝ ඉන්න රටක්. කොහොමද ආශ්චර්ය ගැන අහන්නේ? ... ළමයින්ට හොදම දේ දෙන්න ඕන කියල කියපු පැරැන්නෝ හිටිය රටකට දෙශපාලුවෝ කල වින්නේහියක්. (නදී)
අදහස් වලින් නම් පෙන්නේ ඔබල ලංකාවේ උනත් තවමත් ලංකාවේ දුප්පත් දරුවන් ඉගෙන ගන්න හැටි නොදන්නා බවයි. මම පිටරටක හිටියත් ලංකාවට ගියාම දරුවන් සමග මීටත් වැඩ අන්ත අසරණ දරුවන ඉගෙනීම කරන පාසල්වලට පවා ඔවුන් සමග යනවා. මොකද ඒවා දැක්කම ඔවුන් ඔවුන්ගේ සෙල්ලම් බඩු පවා මේක ලංකාවට ගෙනිහින් දෙමු කියන වචනය කියන නිසා. මම, නොකීවත් දැන් ඔවුන් ලංකාවට යනකොට වැඩියෙන් ගෙනියන්නේ ළමයින්ට අවශ්‍ය දේවල්. ඇමතිලා කරන තුරු නොසිට අපි අපිට කල හැකි දේ කරමු! (දී)
මේවා පසුගිය ආත්මවල කල දේ නිසා ලැබී ඇති ප්‍රථිපලයි. මේවට අපට කල හැකි දෙයක් නැහැ, කරුමේ වෙනස් කරන්න බැහැනේ. (නදී)
ආශ්චර්යක තරම ! පුලුවන් නම් මේ පාසැල තියෙන දිස්ත්‍රික්කය හා ඡන්ද කොට්ටාශය සදහන් කර එම ප්‍රදේශයෙන් තේරී පත්වූ ඇමතිවරු හා මන්තීවරු ලයිස්තුවක් පලකරන්න. (නදී)
මෙය තරමක් හොඳ වැසිකිලි පහසුකම් සහිත පාසලක්. මං අහලා තියෙනවා මීටත් වඩා දුප්පත් පාසලුත් ලංකාවේ දුප්පත් ගම්මාන වල තිබෙනවා කියලා. මේ පාසල් වල විදුහල් පති වරුනට ලොකු විද්‍යාල වල විදුහල්පති වරුන්ට වගේ "ළමයි පළමු වසර පන්තියට බඳවා ගැනීම" පිළිබඳව ගැටළු නැතිව ඇති නිසා දුප්පත් විදියට පාඩුවේ ඉන්න පුළුවන්.(දී)
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා (නදී)
ගුවන් තොටුපළවල් හදන වෙලාවේ මේ අහිංසක දරුවන්ට ඉගෙන ගන්න පාසලක් හැදුවනම් ? එත් ඉතින් හම්බ කරන්න බැහැ නේද? (ස)
"යකා විදිහටලු විමානේ". රටේම තත්වය ඕක තමයි. දුක් වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (නදී)
අධ්‍යාපනයට 6% ක් වෙන්න කරන්න කියල විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු උද්ඝෝෂණය කල වෙලාවේදී අපේම පිරිසක් පොලවේ පස් කාල 6% ක් වෙන් කරන්න අප කිව්වා මතකද? (නදී)
සෝබන කියනවා වගේ මේවා ගිය ආත්ම වල කරුමේ පරිසන් දෙනවා වෙන්නත් පුළුවන්. (නදී)
ඔයාලට දුක හිතෙන්නේ නැද්ද මේ ළමයි ගැන (දී)
අනේ දරුවනේ! (ස)
දැක්කද ඉටි කටුගේ අපි හදපු? (ස)
සිංහලයින්ට අඩුවෙන්ම සලකන්නේ සිංහල චන්ද අරගෙන දියවන්නාවට යන හෙළයින්. (ස)
ලංකාවේදිස්ත්‍රික්ක 3-4 ක හැරෙන්න තේ කහට කෝප්පය බීල පාසල් යන දරුවන් ලක්ෂ ගානක් ඉන්නවා.හරි හමන් ඇදුමක්,සපත්තු දෙකක් නැතිව පාසල් යන දරුවන් ලක්ෂ ගානක් ඉන්නවා.එත් ලංකාවේ ඒක පුද්ගල අදායම ඩොලර් 2000 සිට ලබන වසරේදී ඩොලර් 4000 ක් වැඩි කරන්න බලා පොරොත්තු වෙනවලු. (දී)
කාට උනත් උගතමනා ශිල්පයමයි මතු රැකෙනා එකයි මේ (දී)
නිදහස් අධ්‍යාපනය කියන්නේ මේකද (දී)
රන්ජිත් බෝගොඩ.මේ දරුවන්ට කන්න අදින්න නැතිව දුක් විදිද්දී මොනවද මේ කියන කතා. ඔබගේ දරුවා යන්නේ කොළඹ විද්‍යාල වලට වෙන්න ඇති නේද ? (දී)
අනේ පවු. අධ්‍යාපනයට කරන වියදම අඩුයි කියල විපක්ෂ නායක කියන කතාව ඇත්ත වගේ. (නදී)
ආදරණීය දුවේ පුතේ බාදක දුක් කම්කටොලු මැද උගතුන් තම්යි ලෝකය දිනුවේ (නදී)
ඉස්කෝලේ ගැනනම් කරන්න දෙයක් නැහැ පාර කාර්පට් කරගන්න ඕනනම් දන්වන්න.(දී)
දර්ශන, ඒකට තමයි ටෙලිෆෝන් නොම්මරේ දාලා තියෙන්නේ. හිතේ හැටියට කෝල් කරලා ආධාර කරන්න පුළුවන්. (දී)
කොළඹත් එහෙනම් මේ වගේ කරන්න (දී)
බහුතරයක් ගම්බද පාසල් මේ විදිහයි (දී)
රටේ සාමාන්‍ය ජනතාවටම හැම දේයක්ම කරගන්න පුළුවන් නම් ඇයි පළාත් අධ්‍යාපන කාර්යාල, අමාත්‍යාංශ, ඇමතිවරු අපේ සල්ලිවලින් පවත්වාගන යන්නේ ? (දී)
මේ අපේ රට (දී)
බන්දුල පෙරේරා ගේ කුහක කම. ! තමන්ට නැහැ කියලා අනුන්ට යමක් ලැබෙනවාට කැමති නැහැ. මගේ පියා නැතිවෙනකොට මගේ වයස 10 . පුදුම දුකක් වින්ද ඉගෙන ගන්න . හිතුවෙම ඒ දුකෙන් ගොඩ ඇවිල්ල අනුන්ටත් උදව්කරනවා කියලා .අපි මේ ළමයින්ට උදව් කරනවා. පුළුවන් නම් නවත්තන්න .(දී)