‘මේක හරියට කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන සදහන් කරමින් ප්‍රවීන නාට්‍යවේදී ජයලාල් රෝහණ මහතා පවසයි.
‘කියපු විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද? මිලියන ගණන් හොරකම් කරපු හොරුන්ටික අල්ලයිද? ජාතික ආණ්ඩුවක් කියන්නේ සත්භාවයෙන් කරනවා නම් ඉතා හොද දෙයක්. රට ගැන හිතලා ජාතික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න ඇමැති තනතුරු මොකටද? ඒකෙන්ම සත්භාවය තේරුම් ගන්න පුළුවන්නේ. අන්තිමට සිදුවූයේ මිලියන ගණන් හොරකම් කළ හොරු ටිකට හැංගෙන්න ජාතික ආණ්ඩුව කියන ගුහාව හොයා ගත්තා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව කැහි ගෑණියෙක්වත් හොටු ගැණියෙක්වත් නොව ඒඩ්ස් හැදුණු අබිසරුලියකි. අැගේ වෛරය පිරිමහ ගන්නේ ජාතියටම වින කැටීමෙනි. (බ)
පද්මිණි හරියටම හරි.(හේ)
නිමල් ඔහේ වගේ අයට මහින්ද කොහොමත් හොඳ වැඩි තමා, (ස)
මේ කතාවනම් පන්කාදුයි.(හේ)
රවිඳු, බුද්ධිමත් ජනතාව කිව්වේ මෙම රජයට ඡන්දෙ දුන් අයද? නුදුන් අයද? (නි)
අපිට බය කාස ලෙඩෙත් තියනවද කියල. (ස)
ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ කොයිවගේ අවශ්‍යතාවයකදී ද කියල මේ රටේ මිනිස්සුන්ට පැහැදිලි කරන්ඩ කෙනෙක් ඇත්තටම නැද්ද ? (ස)
අපිට මහින්දව නම් කොහොමත් එපා.හැබැයි 25 ට වැඩි ඇමතිවරු දාගෙන ජනතාවට වදදෙන ආණ්ඩුවකුත් එපා. (නි)
පද්මිණි යමක් කියන්න කලින් බුද්ධිමත්ව හිතට එකඟව හිතන්න. ඔයා, ඔය කලින් හිටපු අලිබබාට හොරා හොරා කිව්වට කළ හොරකමකුත් නැහැ අල්ලපු දේකුත් නැහැ නේද ?අඩුගණනේ රටේ තිබුන යුද්ධය හරි නැතිකළා. ඒකේ කෙළෙහිගුණයවත් තියන්න. (නි)
රවිඳු, ඔබ කෙසේ කිවුවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවංක දේශපාලනඥයෙක්. ශ්‍රී ලංකාව මහත් ව්‍යසනයකට පත්වෙමින් තිබුන අවස්ථාවක මේ රට බේරාගන්න ඉදිරිපත් වූ නිර්භීත නායකයෙක් එතුමා. බල තණ්හාවක් මෙතුමාට නැහැ. දැන් පවුල්වාදය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. (නි)
ඉතාමත් ලස්සනට ඔබ අද තිබෙන තත්වය පැහැදිලි කරා. (ර)
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තාය කියලා එයා කිවුවාට මම නම් කිවුවා නම් කියන්නේ ඊටත් වඩා හපන් වචනයක් (නි)
ඕකත් අහන්න දෙයක්ද කුරුවිට? ලණුගිලපු අයට අපි නම් හොඳ නමක් කියනවා. බුද්ධිමත් ජනතාව කියන්නේ නොරැවටී රටේ යහපත සළකමින් වගකීමෙන් තම ඡන්දය පාවිච්චි කළ 58 ලක්ෂයක් ජනතාවටයි. (නි)
නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත කියනවනේ. හැමෝම නොවුණත් දේශපාලකයෝ කවුරුත් අඩු වැඩි වශයෙන් වැරදි කරනවා. හිටපු ආණ්ඩුවේ වැරදි හොයනවට වඩා සමස්තයක් ලෙස රටට වඩාත් හිතකර දේ තෝරාගැනීමයි බුද්ධිමත්කම. හැබැයි හොඳ හිතින් වැරදි හදාගැනීමට කෙරෙන විවේචන කියන්නේ වෙනම කතාවක්. (නි)
කටේ මසුරන් දාන්න වටිනා කතාවක් (නි)
නියම කතාව! (නි)
නියමෙටම කියලා තිබෙනවා. අපි ලිවුවොත් පොතක් ලියයි, මෙතුමා වචන තුන හතරෙන් ඔක්කොම දේවල් කියලා! (නි)
කවුද? කොතනද? කියලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම අහෝසි කරනවා කියලා? එතකොට කවුද තනතුරු ගැන නොසිතා, රට ගැන පමණක් සිතා සත් භාවයෙන්ම දේශපාලනය කරන දේශපාලනඥයා? ඔය කොයි දේශපකයින්ගේ පැටිකිරියත් මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් දන්නවා. බලයට එනකොට කොහොමද? කෙරුවාව කොහොමද? යද්දී යන්නේ කොහොමද? කියලා කියන්න ජනතාවට හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි ඉතින් ඔය කැහි කට්ටියගෙනුයි, හොටු කට්ටියගෙනුයි බේරිලා අවංක දේශපාලනයක් කරන්න පුළුවන් කොයි දේශපාලකයටද කියන එක තමයි ප්‍රශ්නය හා ගැටලුව? (නි)
හරියට හරි. (ර)
හැමකෙනාම බලයට ආවට පස්සේ කියන සියලුදේ කණපිට. (ර)
නියම කතාව. (ර)
අලිබබා සහ හොරු සතලිහ වෙනුවට හීන්බබා සහ හොරු හැට.(හේ)
අපි නොදන්නා ජාතික ආණ්ඩු ...! (නි)