‘‘අද පිල් මාරුව පාදඩ දේශපාලනයක් බවට පත් වෙලා. සල්ලි, තනතුරු, වරදාන හා වරප්‍රසාදවලට පිල් මාරු කරනවා. මගේ පියා ඇලික් අලුවිහාරේ පක්ෂය මාරු කළේ නැහැ. අපි පක්ෂය මාරු කරන බවට මාතලේ නියෝජ්‍ය ඇමතිවරයකු ප්‍රචාරය කරනවා. එය සම්පූර්ණ අසත්‍යයක්. අපේ පියාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෞරවයක් තියෙනවා. ඒ නිසා එතුමා ඔහුගේ සුව දුක් බැලීමට එනවා. නමුත් රජයට එක්වන ලෙස කිසි දිනෙක දන්වා නැහැ‘‘ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා මාතලේ මාධ්‍ය හමුවකදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට වැඩ කළ පක්ෂයක්. මේ රට සංවර්ධනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. අද විවෘත ආර්ථිකය ඇති කරලා අපි යම් දේවල් කළා. අද කෘෂිකර්මය අධ්‍යාපනය සෞඛ්‍ය ආදිය සැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. මේවා ගැන සොයන්න කවුරුත් නැහැ. අද සෑම කෙනෙක්ම මේ රටට ණය වෙලා. අද වන විට ආර්ථික වශයෙන් පිරිහීමට පත්වෙලා තියෙන්නේ. මේ තුළ තමයි ජිවත්වීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. අද පළමු වසරට ළමයෙක් ඇතුළත් කරන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් කටයුතු කරනවා. නමුත් ජනතාවට යහපතක් වෙලා නැහැ. මාර්ග කොන්ක්‍රිට් කරනවා. අධිවේගී මාර්ග හදනවා. නමුත් ඒවායින් විශාල වශයෙන් කොමිස් ගහනවා. අද සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමක් තියෙනවා. අද බඩු මිල වැඩි වෙලා. මිනිසුන්ට අද තුන්වේල කන්න බැරි තත්ත්වයට පත්වෙලා. මේ නිසා පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා මේ රටට සමෘද්ධිමත් අනාගතයක් ඇති කිරිමට සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතු බවද අලුවිහාරේ මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල් මාරු කිරීම පාදඩ වැඩක් තමයි.(හේ)
මෙහෙම කියන අයම තමයි ඊලග පාර යන්නේ.(හේ)
ඇත්ත තත්වය ඕක තමයි..ඇයි මේතරම් මේ පාදඩ දේශපාලනයක් කරන්න වෙලා තියෙන්නේ? ඉස්සර හිටියේ රටට ආදරයක් තිබුණු නායකයෝ, දැන්වාගේ සල්ලි බලය ඉදිරියේ වැඳ වැටෙන අය නෙවෙයී. (දී)
කතාව ටිකක් පරස්පරයි. ඔය කියන පාදඩ වැඩේ කරපු කෙනෙකුට ඡන්දේ දෙන්න කියලනේ ඔබතුමා ඔය කියන්නේ.(හේ)
නැහැ ධම්ම, එතුමා එජාපයට පැන්නේ නැහැ. තවමත් පරණ පක්ෂෙම තමයි. සන්දානය කියන්නේ එතුමාගේ පක්ෂේ නෙවෙයි. (නදී)
ධම්ම - මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂය මාරු කලේ නැහැ නේද? එතුමා පක්ෂෙන් අයින් වෙලා වෙනම සංධානයක් හැදුවා . ඒත් අනිත් අය අද මේ අහිංසක මිනිස්සුන්ගේ කෝටි ගනන් සල්ලි නේද මේ වියදම් කරන්නේ. (නදී)
පිල් මාරු කරාට කමක් නැහැ රට කන අයට එකතු වෙන්නේ නැතුව. (නදී)
ධම්ම කතා කරන විට තේරුම් ගෙන කතා කරන්න මෛත්‍රීපාල මැතිතුමා කිසිම පක්ෂයකට බැඳුනේ නැත (නදී)
දම්මි කටේ දාන්න ඕන මසුරන් (නදී)
ඔබ කියන විදියට පිල් මාරු කරන්නේ පාදඩයන් . හරියට හරි ඕක දැන්වත් තේරුන එක. (හේ)
සුගත්, ඔයා කියන දේ හරි (නි)
යන එකාගේ කෙසේ වෙතත් මේ අයට ඡන්දේ දීපු පාක්ෂිකයින්ගේ ප්‍රතිපත්ති බල්ලට දාන ක්‍රියාවක්.අපිත් හෙලා දකිමු!(හේ)
ඔබේ කතාව හරියටම හරි (දී)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ. අපි කියන්නෙත් ඒක තමයි. අපි අපේ ණය ගෙවන්නම්. මන්ත්‍රීතුමත් රටට වෙච්ච ණය ගෙවන්න. පක්ෂ මාරු කරන පාදඩයෝ දිහාවත් නොබලා ජනවාරි 8 වෙනිදට මහින්ද මහත්තයට ඡන්දෙත් දීල. සිරිකොතත් වැදගෙන මාතලේට යන්න බැරියැ. (නදී)
එතකොට දැනට පාදඩයන් ගණන හොයල බලමුද. (නදී)
කොයි කවුරුත් තමන්ගේ වාසිය විතරයි (දී)
ඇත්ත තත්වය ඕක තමයි. ඇයි මේතරම් මේ පාදඩ දේශපාලනයක් කරන්න තරම් තිරිසන් වෙලා තියෙන්නේ? ඉස්සර හිටියේ රටට ආදරයක් තිබුණු නායකයෝ, දැන්වාගේ සල්ලි බලය ඉදිරියේ බල්ලෝ වගේ වැඳ වැටෙන තිරිසන්නු නෙවෙයී. මේ රට අධමත්වයට ඇඳගෙන යන සියලූම දේශපාලකයින්ට ශාපවේවා. (නදී)
දම්මි නෙමෙයි බන් ධම්ම ඕක හරියට කොටන්න බලහන් මසුරන් දමන්න ඉස්සර (නදී)
පිල් මාරුකරන අපෙක්ෂකයන්ට ඡන්දෙ දෙන අපි කවුද ? (නදී)
ඔබ තුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා. (හේ)