තමා සන්ධානයෙන් මෛත්‍රී පිලට ගිය නිසා නයිනමඩම බෝලවත්තේ බටහිර කම්හල කදුරුවැල්ලවත්තේ තාවකාලික නිවාස කිහිපයක් නාඳුනන පිරිසක් විසින් ගිනි තබන ලදැයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ෂෙරොන් ප්‍රනාන්දු මහතා කියයි.
ගිනි තැබුණු ගෙවල්වල අයිතිකරුවන් පැවසූයේ ෂෙරොන් ප්‍රනාන්දු මහතා තමනට නිවාස ලබා දීමට වෙහෙසුණු බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මෙච්චරයි ඉතින් කරන්න පුළුවන්. (නි)
මෙහෙමත් සමාජයක වෙසෙන මිනිසුන් ඉන්නවා නේද? මේ අය දේශපාලනය කරනවාද? බලධාරීන් මේවා දැක නැද්ද? (නි)
හෙට 8 වැනිදා වෙන්නේ නෑනේ, ඡන්දෙ දාන්ඩ යන්න (බ)
දින කිහිපයකට පසු අයිතිකරුවන් අපි විසින්ම ගිනි තබාගත්තා කියනු ඇත (බ)
ඡන්දයෙන් උත්තර දෙමු (බ)
කවුරු කළත්, මේවා නරකයි (නි)
බන්දුල පෙරේරාට ඇත්ත වැටහීම ගැන පුදුමයි (නි)
මේවා කවුරු කරන දේවල්ද කියලා අපි දන්නවා (නි)
සමහරු නම් දැනටමත් පරාජය බාරගෙන වගෙයි (නි)
පොලිස් නිල සුනඛයින්ගේ මාර්ගයෙන් හෝඩුවාවක්වත් සොයාගන්න බැරිද? (නි)
කෝ, ගෙවල් වල පිළිස්සුනු බඩු එහෙම කිසිදෙයක් නැහැනේ (නි)
බන්දුල පෙරේරා, නියම පීල්ලට වැටී ඇති බව පෙනේ. (ර)
ඇත්තටම බන්දුල අයියා 9 වෙනිදායින් පස්සේ එසැණහි අදහස් පළකිරීමෙන් වලකින එක ගැන කනගාටුයි. (ර)
මේකේ අදහස් සමහරකට හිනා යනවා. මේවා තනිකරම මඩ ගහන්න කරන දේවල් කියලයි මම නම් කියන්නේ (නි)
මෙි අවස්ථාවේ ඡන්ද දායකයා නෙත් ඇරගෙන සිටිය යුතු කාලයයි. ප්‍රතිවිරුද්ධ දේශපාලනයක කරන්නන්ට පහරදිම් පහරකෑම් සහ තමන්ටම පහර තමන් විසින් දීම සිදුවන කාලයයි. ආණ්ඩුවට මෙවැනි තීරණාත්මක අවස්ථාවකදි ප්‍රතිවාදින් වෙත පරදී තමන්ගේ ඡන්ද පදනම අඩු කර ගන්න තරම් බොළඳ දේශපාලනයක් ඇතැයි කියා සිතිමත් විහිලුවක්. මෙවැනි අවස්ථාවකදි මොනම දෙයක් කළත් බලයේ තිබෙන පාර්ශ්වය වෙතටයි ඇගිල්ල දිගුවන්නේ එබැවින් රජයේ ඡන්ද ප්‍රතිශතය බිදහෙලීමට ඇති ලේසිම ක්‍රමය තමන් විසින් තමන්ට තඩිබාගෙන ආණ්ඩුව තඩිබෑව බව පැවසීමයි. (බ)
මේ නිවාස අනවසර ඉදිකිරීම් වගේ මට නම් හිතෙන්නේ. බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
නිවාස වල හැටි දැක්කම දුක හිතෙනවා. (ර)
මෙවැනි පැල්පත් නිවාස අද ලංකාවේ කොහෙවත් නැත. තිබෙන්නේ මන්දිර පමණි. මෙය හිතා මතාම අපහසුවට පත් කිරීමට කල දෙයකි. (ර)
අනේ පව් අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් (නදී)
වැඩේ කැතයි මොනව උනන් දුප්පත් ම්නිහට තමයි හැම දෙයක්ම. මේ දේවල් කරන ආයට 8 වෙනිදට පිලිතූරු ලැබෙයි (නදී)
වෙන්නප්පුව වැනි දියුණු පළාතක මෙවැනි ගෙවල් වල ජිවත් වෙන ජනතාවක් ඉන්නවද? මේවා ගැන ඇස් අර බලන්න කාලය.(නදී)
මේවා ජනප්‍රිය වීමටත් අනුකම්පාව ලබා ගැනීමටත් කළ දේවල් නොවෙයිද.? (නදී)
මේවා බොරු දේවල් මම හිතන්නේ නැහැ මේක කවුරුත් කළ දෙයක් කියා (නදී)_
මේ පැල්පත්ද ගෙවල් කියල දීල තියෙන්නේ ? (නදී)
බන්දුලට මොළය පෑදිලා. ජය වේවා! (නි)
මේවා මම නම් පිළිගන්නේ නැහැ (නි)
බඩු මුට්ටු තියෙන මිනිස්සු මේ වගේ තැන්වල ඉන්නවද උදිත (නදී)
පාලකයෝ රජ මාලිගා වල සුර සැප විදිනවා ..අහිංසකයන්ගේ පොල් අතු පැලට ගිනි තියෙනවා ...(අ)
මෙහෙම දේවල් දිගින් දිගටම වුණොත් පරාජයේ ඡන්ද ප්‍රතිශතය තමයි ඉහළ යන්නේ (නි)
මේවා නම් කැත වැඩ. (නි)
ඔන්න ඕක තමයි වෛරී දේශපාලනය කියන්නේ. ඇත්ත මොකක්ද කියලා මටත් පස්සේ හරි තේරුණ හින්දා තමයි මමත් පිල් මාරුකරන්න තීරණය කළේ (නි)
ඕවා ඉතින් හිතේ අමාරුවට කරන දේවල්. (නි)
අපි මේවාට නිසි පිළිතුරු දෙමු (නි)
දේශපාලනය ගැන මෙතන කතාකරන කට්ටිය 100% පිරිසුදු අය නෙමෙයි නේද? ඒ හින්දා දෙපාරක් හිතන්න වෙනවා අපිට. (නි)