(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ත‍්‍රිපුද්ගල කමිටුවේ පළමු වාර්තාව ලබන සඳුදා (6) දිනයේදී ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතය.
එම වාර්තාවෙහි ලැබුණු පසු එහි ඇති නිර්දේශයන් අනුව ජනාධිපතිවරයා ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය කමිටු ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
ඔවුන් විසින් මේ වන විට 8 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති අතර තවත් 10 දෙනෙකු පමණ හමුවී තොරතුරු ලබාගෙන තිබෙන බව වාර්තා වී ඇතැයි ද තිලංග සුමතිපාල මහතා කීවේය. සුමතිපාල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය- රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ජනාධිපතිට දීලා මොනා කරන්නද? අවශ්‍යම එක එයාට දීලා තියෙන්නේ බෝම්බ පුපුරවලා අර අහිංසකයන් ඝාතනය වෙන්න ඉස්සරණේ.