(විනීතා එම් ගමගේ)
ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම හේතුවෙන් පාරිසරික ගැටළු ගණනාවක් මතුව ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
කුරුණෑගල දිස්ත්‍රීක්කයේ රිදිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටි මෙම කඳු පන්තියේ කළු ගල් වැඩපොළවල් රාශියක් පවත්වාගෙන යන බව එහි කළ අධ්‍යයන චාරිකාවල දී හෙළි වූ බව එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
මූලික පරිසර තක්සේරු වාර්තාවක් හෝ සිදු නොකර ගල් කැඞීම සඳහා අවසර දී ඇතැයි ද මේ වන තුරු මෙම පරිසර හානිය සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමුව නැතැයි ද ඒ මහතා පවසයි.
මෙම විනාශයට එරෙහිව මානව හිමිකම් කොමිසමට අද (21) පැමිණිලි කළ බව කී කාරියවසම් මහතා මෙම විනාශයට එරෙහිව පරිසර සංවිධාන දිගටම සටන් කරන බව ද ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරට බැස්සොත් දුම් කෝච්චි ,ගරාජ් එකක් දැක්කොත් කානු වලට තෙල් ටික හලනවා ,කර්මාන්තයක් දැක්කොත් අපද්‍රව්‍ය ගඟට හරවල,ගෙදරක් දැක්කොත් තියෙන පොලිතින් ,ප්ලාස්ටික් ඔක්කොම පාරේ අයිනට හලලා ගෙදර අැතුල විතරක් ලස්සනට තියාගෙන ,ඒ අතරේ කැලෑ ටික පාලු කරනවා,රටේ ඉන්න 225ක මන්ත්රිලයි.පලාත්සභාවල හොරුයි ,ප්‍රාදේශීය සභාවල හොරුයි,මෙයාලගේ හෙන්චයියෝයි එකතුවෙලා රටට කරන විනාශය අායේ මේ කපේට නිවැරදි කරන්න හම්බවෙන්නේ නැහැ.මුතුන් මිත්තන් ලස්සනට අපිට බාර දුන්නු රට අනාගත පරපුරට අපි බාර දෙන්නේ ජීවත් වෙන්න බැරි පරිසරයක් එක්ක සියලුම සොභාදහමේ සම්පත් ටික විනාශ කරලා .වෙනත් රටවල් තමන්ගේ රටේ පරිසරය රැකගන්න දරන වෙහෙස ,කරන කැපකිරීම් දැක්කහම බෞද්ධ ආගමෙන් පෝෂණය වුනු ,පරිසරය ට ආදරය කරපු අතීතයක් තිබුණු අපි දැන් මොනවද කරන්නේ කියල හිතෙනවා
හලෝ කළුගල් ඉන්දියාවෙන් ගෙනෙන්න, මේ ගල් කඳු නිකන් වේලි වේලි අවුරුදු සියගානක් තිබුනා රටට වැඩක් නැතිව, දැන් එකපාරට පරිසර කාරයන්න්ට උන හැදිලා හැම එකටම හොම්බ දානවා.