මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරීන්ගේ වැටුප් විෂමතාවය නිරාකරණය කරගැනීම, ආහාර දීමනාව ගෙවීම නතර කිරීම, වෛද්‍ය ප්‍රසාද දීමනාව නොගෙවීමට තීරණය කිරීම ඇතුළු නොවිසඳුණු ගැටලු 7කට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අද(19) සිට දින පහක් පරිසර නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්ව ඇතැයි ප්‍රාදේශීය පරිසර නිලධාරින්ගේ සංගමයේ සභාපති අසංග ධර්මදාස මහතා පවසයි.
තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට කටයුතු කරන බවත් ඔවුහු කියති.
මෙම ගැටලු අතරින් එක් ගැටලුවක් වසර 10ක් පැරණි බවත් මේ දක්වා ගෙවන ලද දීමනා 3ක් කපා හැර ඇති බවත් ඒ අනුව දෙසැම්බර් 19 සිට 23 දක්වා සියලු දෙනා ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බවත් ධර්මදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල හිටියා කියලා පරිසරය රැකිලා තියෙනවද, නැහැනේ (නි)
මෙහෙම කට්ටියක් ලංකාවේ ඉන්නවද? අදනේ දන්නේ. මෙයාලා හරියට රාජකාරි කරනවා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. හැබැයි මෙයාලට රාජකාරි කරන්න දෙන්නේ නැද්ද අපි දන්නෙත් නැහැ (නි)