පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හි අංක 60 රූ ඩෙ ඛෙල් ෆලස් හි  සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ   කඨින පිංකම නොවැම්බර්   02  වැනි ඉරුදින උදේ 10ට ආරම්භ වීමට නියමිතය.

 විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පිංකමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ ගුරු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමි, ජර්මනියේ බර්ලින් සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ › සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේනාධිපති ශාස්ත්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද  හිමි, ස්විට්සර්ලන්තයේ ඡිනීවා නුවර බෞද්ධ විහාරාධිපති   හල්යාලේ විමලරතන හිමි , මහරගම ධර්මායතනයේ  දියතලාවේ පියදස්සි හිමි, වතුරගම වේළුවනාරාමයේ   ගම්පහ සිරිසීවලී හිමි,  සූරිච් බෞද්ධ විහාරයේ කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ගාල්ල තලංගල්ලේ › සුබෝධාරාමාධිපති පණ්ඩිත පාන්තියේ පියදස්සි හිමි,  මිරිසවැටිය විහාරවාසි නෙකටුනවැවේ ඥාණරතන හිමි,  කඩුවෙල බෝමිරියේ විහාරයේ කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුන් ද මේ පින්කමට සහභාගී වීමට නියමිතය..

    එදිනට ධාතු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. දහවල් දන්සැලෙන් හා කඨින පෙරහැරෙන් පසු කඨින චීවර පුජාවද  අනතුරුව සවස පවත්වන අටවිසි බුද්ධ පූජාව හා ධර්ම දේශනා වලින් පසු පිංකමේ කටයුතු අවසන්වේ.