පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රෙෂාන් ප‍්‍රනාන්දු (25) අධ්‍යක්ෂණය කළ
”ග්ලූමි බෝයි” නැමති සංගීත විඩියෝ චිත‍්‍රපටිය විශේෂ වන්නේය.
මෙම කෙටි චිත‍්‍රපටියේ සියලූ කටයුතු සිදුකර ඇත්තේ 5 එස් අයිපෝනයකිනි.
සංගීතය හා සංස්කරනය යන සියලූ දේ සිදුකර ඇත්තේද ඒ වර්ගයේම ජංගම දුරකථනයකිනි. සංගීතයට පමනක් උචිත ලෙස රචනය වූ තිර කථාවක් මගින් සංගීත විඩියෝ නිර්මාණය වීම ලොව නවතම විලාසිතාවකි.ඒ අනුව යුරෝපයේ බෙහෙවින් දක්නට ලැබෙන මව හා පියා විරසක වීමේ ඛේදවාචකයට ලක්වූ පවුලක හුදෙකලාවූ ළදරුවෙකු වටා ගොඩ නැගුණු අපුර්වතම කතා වස්තුක් මෙයට තේමාවී ඇත්තේය.
වයස අවුරුදු 10ක් වයැසැති ප‍්‍රංශ ජාතික එලී පුංචි පිරිමි දරුවා ප්‍රධාන චරිතයට පන පොවන්නේය. මෙම සංගීත වීඩියෝ චිත‍්‍රපටියේ සියලූම රූප රාමු පැරිස් අගනගරයේ සිදුකර ඇත්තේය. ෆොලොයිඞ් බීට්ස් සංගීතයට රෙෂාන් ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය, නිශ්පාදනය හා සංස්කරණය සිදුකොට ඇත්තේය.
මොහුගේ මෙවැනිම නිර්මාණයක් වූ 2009 දි එළි දැක්වූ ”මැයි 20” කෙටි චිත‍්‍රපටිය ඇමෙරිකාවේ අයිඑස්එෆ්එෆ් 2009 අන්තර් ජාතික චිත‍්‍රපටි උළෙලටද තේරී පත් වී බ්‍රෙවර්ලි හිල්ස්හී බ්‍රෙවර්ලි ග්‍රෝලෑන්ඞ් සිනමා ශාලාවේ තිරගත වුයේය.
මෙවර ඇමෙරිකාවේ හොලිවුඞ් හී පිහිටි බ්‍රෙවර්ලිහිල්ස් හී පැවැත්වීමට නියමිත පස්වන අයිෆෝන් කෙටි චිත‍්‍රපටි උළෙල නියෝජනය කිරීම සදහා ‘ග්ලූමි බෝයි‘ හෙවත් ඛේදජනක පිරිමි ළමයා තෝරා ගෙන ඇති අතර ප‍්‍රංශයෙන්ම ඒ සදහා තෝරා ගෙන ඇත්තේ චිත‍්‍රපටි දෙකක් පමණි. ඒ අතර රෙෂාන්ගේ චිත‍්‍රපටියද වෙයි. එලී නම් පුංචි දරුවාගේ මනා රංගන කුසලතාවයද ඉහත නියෝජනයට රුකුලක්වී ඇත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම දක්ෂයෙක් (නි)
ප්‍රංශයේ සිට දැනුම දියුනු කරගෙන කරපු දේවල් ගැන අපිට ආඩම්බරයි. ඔබ දුරකතනයෙන් හෝ විස්තර කියන්න අනිත් තරුණයනටත් ආදර්ශයක් ගන්න (නදී)
ආඩම්බරයි තරුණ ඔබේ හැකියාව පිලිබදව, රටට ගෞරවයක් ගෙන්න වැඩ කරන එක ලොකු සතුටක්. (ර)
අපේ දක්ෂයෝ ඉන්නේ පිටරට (නි)
මෙන්න නියම වැඩකාරයෝ. (ර)