පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන රෙෂාන් ප‍්‍රනාන්දු (25) අධ්‍යක්ෂණය කළ
”ග්ලූමි බෝයි” නැමති සංගීත විඩියෝ චිත‍්‍රපටිය විශේෂ වන්නේය.
මෙම කෙටි චිත‍්‍රපටියේ සියලූ කටයුතු සිදුකර ඇත්තේ 5 එස් අයිපෝනයකිනි.
සංගීතය හා සංස්කරනය යන සියලූ දේ සිදුකර ඇත්තේද ඒ වර්ගයේම ජංගම දුරකථනයකිනි. සංගීතයට පමනක් උචිත ලෙස රචනය වූ තිර කථාවක් මගින් සංගීත විඩියෝ නිර්මාණය වීම ලොව නවතම විලාසිතාවකි.ඒ අනුව යුරෝපයේ බෙහෙවින් දක්නට ලැබෙන මව හා පියා විරසක වීමේ ඛේදවාචකයට ලක්වූ පවුලක හුදෙකලාවූ ළදරුවෙකු වටා ගොඩ නැගුණු අපුර්වතම කතා වස්තුක් මෙයට තේමාවී ඇත්තේය.
වයස අවුරුදු 10ක් වයැසැති ප‍්‍රංශ ජාතික එලී පුංචි පිරිමි දරුවා ප්‍රධාන චරිතයට පන පොවන්නේය. මෙම සංගීත වීඩියෝ චිත‍්‍රපටියේ සියලූම රූප රාමු පැරිස් අගනගරයේ සිදුකර ඇත්තේය. ෆොලොයිඞ් බීට්ස් සංගීතයට රෙෂාන් ප‍්‍රනාන්දු අධ්‍යක්ෂණය, නිශ්පාදනය හා සංස්කරණය සිදුකොට ඇත්තේය.
මොහුගේ මෙවැනිම නිර්මාණයක් වූ 2009 දි එළි දැක්වූ ”මැයි 20” කෙටි චිත‍්‍රපටිය ඇමෙරිකාවේ අයිඑස්එෆ්එෆ් 2009 අන්තර් ජාතික චිත‍්‍රපටි උළෙලටද තේරී පත් වී බ්‍රෙවර්ලි හිල්ස්හී බ්‍රෙවර්ලි ග්‍රෝලෑන්ඞ් සිනමා ශාලාවේ තිරගත වුයේය.
මෙවර ඇමෙරිකාවේ හොලිවුඞ් හී පිහිටි බ්‍රෙවර්ලිහිල්ස් හී පැවැත්වීමට නියමිත පස්වන අයිෆෝන් කෙටි චිත‍්‍රපටි උළෙල නියෝජනය කිරීම සදහා ‘ග්ලූමි බෝයි‘ හෙවත් ඛේදජනක පිරිමි ළමයා තෝරා ගෙන ඇති අතර ප‍්‍රංශයෙන්ම ඒ සදහා තෝරා ගෙන ඇත්තේ චිත‍්‍රපටි දෙකක් පමණි. ඒ අතර රෙෂාන්ගේ චිත‍්‍රපටියද වෙයි. එලී නම් පුංචි දරුවාගේ මනා රංගන කුසලතාවයද ඉහත නියෝජනයට රුකුලක්වී ඇත්තේය.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරිසියේ ලක් තරුණයෙක් හොලිවුඩ් තිරයට
විජේදාස Monday, 02 February 2015 12:46 PM
ඇත්තෙන්ම දක්ෂයෙක් (නි)
පුෂ්පසිරි අල්විස් - පැරිස් Sunday, 01 February 2015 05:00 PM
ප්‍රංශයේ සිට දැනුම දියුනු කරගෙන කරපු දේවල් ගැන අපිට ආඩම්බරයි. ඔබ දුරකතනයෙන් හෝ විස්තර කියන්න අනිත් තරුණයනටත් ආදර්ශයක් ගන්න (නදී)
චමිල - පානදුර Sunday, 01 February 2015 12:00 PM
ආඩම්බරයි තරුණ ඔබේ හැකියාව පිලිබදව, රටට ගෞරවයක් ගෙන්න වැඩ කරන එක ලොකු සතුටක්. (ර)
විදුරන්ග Monday, 02 February 2015 11:00 PM
අපේ දක්ෂයෝ ඉන්නේ පිටරට (නි)
කසුන් - එංගලන්තය Sunday, 01 February 2015 01:04 PM
මෙන්න නියම වැඩකාරයෝ. (ර)