පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ඔක්තෝබර් 26 වැනි ඉරු දින උත්කර්ෂවත් ලෙස පැවැත් විණි.
ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පැරීසියේ ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඥණිස්සර නාහිමි, විතාරන්දෙණියේ අස්වත්තාරාමාධිපති මැදගම චන්දවිමල හිමි, සුවාරපොල ශ්‍රී විජයාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය හේමාලෝක හිමි, දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරාධිපති විශ්‍රාමලත් ධර්මාචාර්ය මිහිරිපැන්නේ සෝභිත හිමි, බෙල්ලන්විල රජමහා විහාරවාසී වැල්ලවත්ත සාම විහාරාධිපති කොළඹ ආනන්ද විදුහලේ විශ්‍රාමලත් අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරවාසී රත්මලාන කොතලාවලපුර සමාධි විහාරාධිපති මාපලගම බුද්ධසිරි නාහිමි ,ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය විහාරාධිපති මාපලගම ඡිනානන්ද හිමි, හපුගොඩ සුභෝද හිමි, කැන්දේවින්නේ රාහුල හිමි, කදුරුපොකුන පිරිවෙනේ ගජනායකගම සෝමරතන, ඇටම්වෙල අනෝමදස්සී හිමි, බුරුම ජාතික ඌ කුමාර හිමි, බංගලදේශ් ජාතික ජෝකිසාර හිමි, එම ජාතික බුද්ධප්‍රියහිමි, නාගල උපනන්ද හිමිද මෙම පිංකම් මාලාවට සහාභාගි වුහ.
විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලාඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන් කඨින පිංකම සිදුවිය. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසුහු කඨින පෙරහරක් ද පැවැත්වූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරීසියේ ලාකුරනව්හි ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගෙන් පැරිසියේ වසන දහස් ගණනක ශ්‍රී ලාංකික බෞද්ධයින්ට ඉටුවන සේවය මෙපමණ යැයි කියා නිම කරන්න බැහැ. ඒ හිමියන් මේ හැම දෙයක්ම ඉටු කරන්නේ දුෂ්කරතා රාශියකට මුහුණ දෙමින් බව පසුගිය දිනක එහි ගිය අපට දැක ගැනීමට හැකිවුණා. සිය ගණනක් ලාංකික දරුවන් සිංහල භාෂාව හා බුදු දහම ඉගෙනගන්නේ කුඩා කාමර වල සිරවී සිටිමිනුයි. මේ පන්සලෙන් ඉටුවන උදාර මෙහෙය ගැන සිතා විහාරස්ථානය වැඩිදියුණු කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට අඩු වශයෙන් යුරෝපය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් උත්සුක වියයුතුයි. (නි)
ඊළඟ පාර කටිනය කරන්නේ අලුත් පන්සලේ. පැරිසියේ සියලු දෙනාම එයට ආධාර කල යුතුයි. පිනක් දහමක් කරගන්න තියෙන එකම පන්සල එය රැක ගැනීම අපි කාගේත් වගකීමක් බව සිත් තබා ගන්න. (ර)
ඉතාලියේ වගේ නිර්ලෝභීව වියදම් කරන අය ප්‍රංශයේ නැහැ වගෙයි. (ර)
ඉතාමත් විශිෂ්ටයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. (නි)