IMG-LOGO

පැරීසියේ ධම්ම චක්ක විහාරයේ කඨින පිංකම

පැරීසියේ ලාකුරනව් හී  ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙවර ඔක්තෝබර් 26 වැනි ඉරු දින උත්කර්ෂවත් ලෙස පැවැත් විණි.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පැරීසියේ ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඥණිස්සර නාහිමි, විතාරන්දෙණියේ අස්වත්තාරාමාධිපති මැදගම චන්දවිමල හිමි, සුවාරපොල ශ්‍රී විජයාරාමාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය හේමාලෝක හිමි, දෙහිවල ශ්‍රී මහා බෝධි විහාරාධිපති විශ්‍රාමලත් ධර්මාචාර්ය මිහිරිපැන්නේ සෝභිත හිමි, බෙල්ලන්විල රජමහා විහාරවාසී වැල්ලවත්ත සාම විහාරාධිපති කොළඹ ආනන්ද විදුහලේ විශ්‍රාමලත් අතපත්තුකන්දේ ආනන්ද හිමි, මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරවාසී රත්මලාන කොතලාවලපුර සමාධි විහාරාධිපති මාපලගම බුද්ධසිරි නාහිමි ,ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය විහාරාධිපති මාපලගම ඡිනානන්ද හිමි, හපුගොඩ සුභෝද හිමි, කැන්දේවින්නේ රාහුල හිමි, කදුරුපොකුන පිරිවෙනේ ගජනායකගම සෝමරතන, ඇටම්වෙල අනෝමදස්සී හිමි, බුරුම ජාතික ඌ කුමාර හිමි, බංගලදේශ් ජාතික ජෝකිසාර හිමි, එම ජාතික බුද්ධප්‍රියහිමි, නාගල උපනන්ද හිමිද මෙම පිංකම් මාලාවට සහාභාගි වුහ.

විහාරස්ථානයේ ශ්‍රී ලාංකික බෞද්ධ දායක දායිකාවන්ගේ හා කාම්බෝජ, වියට්නාම්, ලාඕස් , බංගලදේශ බෞද්ධ පිංවතුන්ගේ ප්‍රමුඛත්වයෙන් කඨින පිංකම සිදුවිය. පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසුහු  කඨින පෙරහරක් ද පැවැත්වූහ.

02 04 07 08 10 11 DSC09187 DSC09192 DSC09193 DSC09201 DSC09206

 

 



අදහස් (0)

පැරීසියේ ධම්ම චක්ක විහාරයේ කඨින පිංකම

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 31 October 2014 02:36 AM

පැරීසියේ ලාකුරනව්හි ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගෙන් පැරිසියේ වසන දහස් ගණනක ශ්‍රී ලාංකික බෞද්ධයින්ට ඉටුවන සේවය මෙපමණ යැයි කියා නිම කරන්න බැහැ. ඒ හිමියන් මේ හැම දෙයක්ම ඉටු කරන්නේ දුෂ්කරතා රාශියකට මුහුණ දෙමින් බව පසුගිය දිනක එහි ගිය අපට දැක ගැනීමට හැකිවුණා. සිය ගණනක් ලාංකික දරුවන් සිංහල භාෂාව හා බුදු දහම ඉගෙනගන්නේ කුඩා කාමර වල සිරවී සිටිමිනුයි. මේ පන්සලෙන් ඉටුවන උදාර මෙහෙය ගැන සිතා විහාරස්ථානය වැඩිදියුණු කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට අඩු වශයෙන් යුරෝපය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් උත්සුක වියයුතුයි. (නි)

:       0       0

ගුණපාල - පැරිසිය Thursday, 30 October 2014 12:49 PM

ඊළඟ පාර කටිනය කරන්නේ අලුත් පන්සලේ. පැරිසියේ සියලු දෙනාම එයට ආධාර කල යුතුයි. පිනක් දහමක් කරගන්න තියෙන එකම පන්සල එය රැක ගැනීම අපි කාගේත් වගකීමක් බව සිත් තබා ගන්න. (ර)

:       0       0

සජාන් Thursday, 30 October 2014 05:09 PM

ඉතාලියේ වගේ නිර්ලෝභීව වියදම් කරන අය ප්‍රංශයේ නැහැ වගෙයි. (ර)

:       0       0

ශ්‍රීලාල් Saturday, 01 November 2014 01:53 AM

ඉතාමත් විශිෂ්ටයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site