පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයට යාබද ගොඩනැගිල්ල මිලදී ගැනීම හා විහාරස්ථානයේ සංවර්ධනය ප‍්‍රධාන කොට ඊට ආධාර පිණිස තරු රැයක් සංගීත සැඳෑව නොවැම්බර් මස 02 ඉරු දින සවස 05ට පැරිස් කළාප අංක 15 මොන්ට්ෆරනාස්හී රූ ඩෙ ඩෙෆාර් පාරේ අංක 36 හි පිහිටි බ‍්‍රසිල් ට්‍රොපිකල් ශාලාවේදි පැවැත්වේ.

එදිනට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය වේදිකා හා ටෙලි කලා ශිල්පීන් වන බුද්ධික රඹුක්වැල්ල , අර්ජුන කමලනාත් , රගිත හිරාන්, තිලංක විදුෂ, උමයාංගනා වික‍්‍රමසිංහ, අමිෂා කාවින්ද, නිරෝෂා තලගල ආදීන්ගේ ගී හා රංඟන වේදිකා ගත වීමට නියමිතය. පැරීසියේ ඡායා වයිබ්‍රේෂන් සංගීතයට එක්වේ.

Tharu-rathiriya