IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලින්

එක්සත් ජාතීන්ගේ 24වන ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කොට පැරීසියේ ජාත්‍යන්තර යුනෙස්කෝ මූලස්ථානයේදි විශේෂ දහම් වැඩ සටහන් ඇතුලත් වෙසක් උත්සවයක් හා බෞද්ධ සංස්කෘතිය ප‍්‍රධාන කොට විවිධ ජාතීන්ගේ ජාතික සංස්කෘතික සංදර්ශනයක් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් සහ ප‍්‍රධානත්වයෙන් පසුගිය මැයි 23 වෙනි වෙසක් පුන් පොහෝය දාා පැරීසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත් විණි.

වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජ්ය, ශ්‍රී ලංකාව යන රටවල භික්ෂූන් වහන්සේ විවිධ තානාපතිවරු එහි නිලධාරීන්ද උත්සවයට සහභාගී වූහ. 

ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති මනිෂා ගුණසේකර මහත්මිය විසින් ප‍්‍රධාන දේශනය සිදු කළාය.

ඉන් අනතුරුව ප‍්‍රංශ යුනේස්කෝ මූලස්ථානයේ විධායක මන්ඩලයේ සභාපති වෙරා එල් කොහොරි මහත්මිය, යුනෙස්කොවේ සමාජ හා මානව විද්‍යාව පිලිබඳ සහාකාර අධ්‍යක්ෂක ගැබ්රියෙලා රාමෝස් මහත්මිය, ප‍්‍රංශයේ සමස්ත බෞද්ධ සංගමයේ සම සභාපති අන්තොනී බුසේමාර්ට් මහතා, ශ්‍රීලංකාවේ සති පාසැල් ව්‍යාපෘතියේ නිර්මාතෘ උඩඊරියගම ධම්මවිජය හිමි, ලාබුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක  පරවාහැර චන්ද්‍රරතන හිමි, ශ්‍රීලංකාවේ වර්ථමාන අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයනත් යන ආරාධිතයන් විසින් වෙසක් දිනයේ විශේෂත්වය හා බෞද්ධ දර්ශනය පිලිබඳ විශේෂ දේශන පවත්වැත් වූහ.

 පැරීසියේ ධම්මචක්ක දහම් පාසැලේ දුදරුවන් විසින් භක්ති ගී වැඩ සටහනක්ද ඉදිරිපත් කලේය.

ශ්‍රීලාංකික, චීන, කාම්බෝජ්, වියට්නාම් හා වෙනත් විවිධ ජාතීන් විශාල පිරිසක් සංස්කෘතික උත්සවය එක් වූහ.

ශ්‍රීලංකාවේ පාරම්පරික නර්තන, වියට්නාම්, තායිලන්ත, නේපාල්, ඉන්දුනීසියානු , චීන, මොංගෝලියානු , බංගලදේශය යන රටවල පාරම්පරික සංස්කෘතික නර්තන හා සංගීතමය වැඩ සටහන් වලින් එදින වෙසක් සැඳෑව ආලෝකමත් කළේය. සංදර්ශනය අවසානයේ විවිධ ජාතීන් විසින් සකස් කල එම රට වලට ආවේනික ප‍්‍රනීත රසවත් කෑම වර්ග ඇතුලත් වෙසක් දන්සැලක්ද පැවැත්වීය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

 

 



අදහස් (5)

පැරීසියේ ජාත්‍යන්තර වෙසක් උළෙලින්

Hewage Paris Monday, 27 May 2024 07:57 PM

තානාපති තුමිය එය හොඳට සංවිධානය කරලා තිබුණා .

:       1       10

පිටරැටියා Tuesday, 28 May 2024 12:09 AM

ගිය සැරේ පැරීසියේ වෙසක් බලන්ඩ ලන්කාවේ ඉන්දලා හෙරළියත් ඇවිල්ලා උන්නා.

:       0       0

නිරෝෂිනී ද සිල්වා Tuesday, 28 May 2024 06:35 AM

සතිපාසල සංකල්පය ප්‍රචලිත කිරීම සදහා තවත් එක් පියවරක් ඉදිරියට තැබීම ගැන සතුටුයි . අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ උත්සාහයන් සාර්ථක වේවා !!!

:       1       6

ප්‍රියන්ති මහානාම Tuesday, 28 May 2024 05:19 PM

අපේ ලොකු හාමුදුරුවන් ගෙනයන වැඩ පිළිවෙල ඉතාමත් අගය කළයුතුයි .ලංකාවෙ පමණක් නොවෙයි මුලු ලොකයම පිළිගෙන බව පෙනෙනවා

:       0       2

සුභද්‍රා දේවසුරේන්ද්‍ර Wednesday, 29 May 2024 09:55 PM

අති පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ උත්සාහය සාර්ථක වේවා..! සතිමත් පරපුරක් බිහිවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6145 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site