වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිය මෝරීන් රණතුංගට ලබන 14 වැනි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නොතීසි නිකුත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන සිංගප්පූරුවට ගොස් සිටින බව කියන කොහුවල නරේෂ් සහ ශිවන්ති වනිගසේකර දෙදෙනාට වරෙන්තු නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ ඉන්න ඔක්කොම දන්නවා මේ ගැන (නදී)
මොකද සේන ඔය හිතුවද පරණ ජනාධිපති නැවත බලයට පැමිණය් කියලා. නඩු කැලේ යන්න නැවත රටේ නිතිය වල්වද්දන්න ඒවා දැන් හරියන්නේ නැහැ යාළුවා. (නදී)
අලි බබා වෙනුවෙන් දඟලකොට මම හිතුවා ගේමක් දීලා ඇති කියලා රණතුංග කියන නමත් කනවා මෙයා (අ)
අනේ මේ මැඩම්ලා වැරදි කරන උදවිය නෙමෙයි. ඔන්න අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගේ නෝනලා තමයි ගන්නම දෙයක් නැත්තේ. (නි)
ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? නීතිය සැමටම එකයි (නි)
අන්තිම තීන්දුව මොකක් වෙයිද කියලයි අපි නම් බලාඉන්නේ (නි)
මේ අපි වැදගත් යැයි සම්මත කරගෙන සිටි උදවිය නේද? (නි)
අනේ පව් මේගොල්ලෝ නරක දේවල් කරන මිනිස්සු නොවේ. (නදී)
හානා හීය පානා අඩහැරෙන් දැනේ කිවුවලු (නි)
පුද්ගලයා දේශපාලනයට එන්නේ මේ නිසාද? දේශපාලකයා මෙවැනි ක්‍රියාවන් කිසිවෙකුගේ බාධාවක් නොමැතිව කර ගැනීමට වාතාවරණය සකසාගෙන තිබෙනවා (නි)
ඔක්කොම කෙලි තව එක මාසයකට විතරයි. ඊට පස්සේ නඩු කැලේ. (නදී)
අනේ පව්! (නි)