මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයේ අගමැති අපේක්ෂක කළ යුතු බව කියන පාර්ශ්වයේ ඉදිරිපෙළ පුද්ගලයකු වන  බස්නාහිර පළාත් මහා ඇමති ප්‍රසන්න රණතුංග මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ගැනීම සදහා   එම පක්ෂ මුලස්ථානයේ පැවති  සම්මුඛ පරිෂණ මණ්ඩලයට සහභාගි විය 
රණතුංග මහතා  දුටු සම්මුඛ පරීක්ෂණ  සිටි පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා "මේයාගෙන් නම් ඉතින් මොනවා දැනගන්නද " යැයි කීවේය.    "පසුගිය දවස් වල කරපු දේවල් වල හැටියට හරි නම් අපියි ප්‍රසන්නට අඩගහල  නාමයෝජනා දෙන්න ඕනේ ' යැයි එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයත් මහතා පැවසීය.

ඊට ප්‍රතිචර දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා කීවේ  තමන් මෙවර මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වන පිලෙන්  ඉදිරිපත් වීමට තීරණය කළ බවයි.    හිටපු ජනපතිට නාමයෝජනා දීමට සන්ධානය එකඟවූ නිසා තමන් ද නාමයෝජනා මණ්ඩලයට පැමිණි බවත් රණතුංග මහතා  සිනා සෙමින්  කිවේය. 

මහලේකම්වරු දෙදෙනා හා මහ ඇමැති පැය එක හමාරක් පමණ කතාබහ කළහ.   

DSC_2303-(1)