තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම හෝ ඊට අදාළ තීන්දු ගැනිම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ගොනු කළ රිට් පෙත්සම අද (11) අභියාචනාධිකරණය ඉවත දැමීය.
විජිත් මලල්ගොඩ (සභාපති) සහ එච්.සී.ජේ.මඩවල විනිසුරුවරු මෙම තීන්දුව දුන්හ.
පෙත්සම්කරු තම ඉල්ලීම තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බැවින් පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව අභියාචානාධිකරණය තීන්දු කළේය.
පළාත් පාලන ලේකම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ! දැන් ඉතින් ආණ්ඩුවට බනීද දන්නෙ නැහැ (නි)
මේ නටන තාලෙට වැඩි කලක් නොගිහින් මහජනයාම හොඳ තීන්දුවක් දෙයි. බලා ඉඳිමු. (නි)
වීරයෙක් වගේ හිටපු මහා ඇමති තුමාට මොකද වෙලා තියෙන්නේ ? (අ)
ඇයි මෙතරම් බලයට මිනිස්සු පොර කන්නේ.(හේ)
ජිවිතයේ අනිත්‍ය වටහා ගැන්මට අවැසි ශක්තිය ලැබේවා!! සියලු දේ අනිත්‍ය බව වැටහේවා!! ජනමතයට හිස නමන්න . මිනිසුන් උසිගැන්වීම නවත්වන්න. පාප මාර්ගයට යොමු නොකරන්න.(හේ)