වසර කීපයකට පෙරදී විකාශය වූ මුතුකිරිල්ලී සහ අමා නාට්‍ය දැන් නැවතත් විකාශය වෙනවා. මේ නිසා මේ දිනවල අලූත් නිර්මාණ සමග පෙනෙන්නට නැති වුණත්, වත්සලා ගැන ආයෙත් බොහෝ දෙනා කතා කරන්න පටන්ගෙන. වත්සලා පසුගිය වසර දෙකක කාලයේදී රඟපෑමට සහ නිවේදන කටයුතුවලට දායක නොවුණේ, විවාහයෙන් පසුව මවක වීමේ අපේක්ෂාවෙන් සිටි නිසයි.

දැන් ඒ කටයුත්ත සම්පූර්ණ කරගෙන ඇය සිටින්නේ හරිම සතුටින්. ඒත් ඇයගෙ සැමියා වන ප‍්‍රසංග ගුණසිංහ අද වැඩියෙන්ම ආදරේ ඇයට නොවෙයිලූ හිතෛෂිටලූ. කවුද මේ කියන හිතෛෂි? වත්සලා සැඳැල්ල කතාබහට ඒ ගැන කිව්වේ මේ විදියටයි.
ඉස්සර වගේ නෙවෙයි, ගොඩාක් වෙනස් වෙලා. බබා එක්ක ගත කරන කාලය හොඳයි, සුන්දරයි, ඒත් වගකීම් වැඩියි.
බබාගේ නම?
හිතෛෂි වෙනායා ගුණසිංහ
දැන් රඟපෑමෙන් ඈත්වෙලා කොච්චර කාලයක් වෙනවද?
අන්තිමට රඟපෑවේ නාලන් මහතාගේ අංගනාවෝ නාට්‍ය මාලාවේ. ඉන්පසුව අවුරුදු දෙකක්ම රඟපෑවේ නැහැ. ඒත් අද මම පෙනෙන්න නැති වුණාට පේන්න ඉන්නවා.
ගොඩාක් දෙනෙක් එදා මාව හඳුනාගත්ත මුතුකිරිල්ලි සහ අමා නැවත විකාශය වෙනවා. ඒ නිසා ආයෙත් මා ගැන කතා කරන්න පටන්ගෙන.
ගෙවී ගිය වසර දෙකක කාලය ගත කළ විදිය ගැන කිව්වොත්?
ඒක ඇත්තටම අමුතුම ඇත්දැකීමක්. මවක් වීමේ අපේක්ෂාව ඇතිව සැමියා සහ පවුලේ හැමෝගෙම ආදරය ලබමින්, කාලා, බීලා සතුටින් ජීවිතය ගත කළා. බබා ලැබුණාට පස්සෙ කාර්ය බහුල වුණා. මුලදී ඒ වැඩ තේරුම් ගන්න අමාරු වුණා. ඒත් දැන් මවකගෙ වැඩ ගැන ටික ටික තේරෙනවා.
මවක වූ ඒ දවස් කොහොමද සිහිපත් වෙන්නෙ?
මහා පුදුමාකාර දෙයක්. වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ මහා පුදුමයක්. රෝසමලක් වගේ පෙනුමැති බබා මගේ ළඟට ගෙනැත් තැබුවාම හරි පුදුම හිතුණා. ප‍්‍රසංග මගේ ළඟම හිටියා.
බොහෝ දෙනාගේ ගීතවලට රූප රචනා නිර්මානය කරන ප‍්‍රසංග, දුව ගැන නිතරම ගී මුමුනණවලූ නේද?
සුනිල් එදිරිසිංහයන්ගේ ‘‘දුවේ නුඹ මගෙ ප‍්‍රාණයයි’’ ගීතයට එයා හරිම ආසයි. ඒ ගීතය මුමුණන්නත් ආසයි. එයාගෙ සැබෑ වුණ සුබ සිහිනය දුවයි. අද මට වඩා එයා ආදරේ දුව හිතෛෂිටයි.
මොනවද බබාගෙ කේන්දරේට සටහන් වෙලා තියෙන්නෙ?
කලාවට ගොඩාක් සමීප චරිතයක් වේවි කියලා කේන්දරයට කියැවුණා. හොඳ ලස්සන කටහඬක් හිමි බවයි කියන්නෙ.
ඇයි මෙච්චර දවසක් වත්සලා ඡුයාරූපවලට පෙනී නොසිටියේ?
බබාට මාස 6ක් වෙනකල් කිසිම දෙයකට සහභාගී වුණේ නැහැ. ඒක කෝකටත් හොඳයි කියලා හිතුණා.
සැමියා හැටියට ‘‘ප‍්‍රසංග’’ තෝරා ගත්ත එක ගැන අද ඔබට හැෙඟන්නෙ කොහොමද?
මම ජීවිතයේ ගත්ත හොඳම තීරණයක්. ප‍්‍රසංග කියන්නෙ ඇත්තටම ආදරණීය සැමියෙක්. කවදාවත් ඒක කරන්න බැරිවුණා කියන අතපසුවීම් එයා ළඟ නැහැ. මගේ සිතැඟි හොඳින්ම හඳුනන සැමියෙක්.
එයා ජීවිතය ගැන හිතන විදියට මම හරි ආසයි. එයා මට හරිම ආදරෙයි. ඉතින් ආදරේ නිසා සෑම දෙයක්ම මං වෙනුවෙන් කරනවා.
දැන් නැවතත් ඔබ රඟපෑමට එක්වෙන්න නේද සූදානම?
ඔව් 2015 දී නැවතත් රඟපෑමට සූදානමින් ඉන්නෙ. ආරාධනා ලැබෙන විදියට හොඳ චරිත බාර ගන්න සූදානම්. ඔන්න ආයෙත් මං එනවා කියලා පේ‍්‍රක්ෂකයින්ට කියන්න කැමතියි.
හොඳ චරිත වෙනුවෙන් එයා තහංචි දාලා නැහැ. ඒ හැරත් ප‍්‍රසංගට ටෙලිවිෂන් මාධ්‍ය අමුතු දෙයක් නෙවෙයිනෙ. වයිඞ්ඈන්ගල් (Wide Angle) එකේ වැඩවලට අමතරව චැනල් C මියුසික් විකාශය පවත්වාගෙන යන්නෙත් එයා. අපේ අම්මත් උදේ ඇවිත් හවස් වෙනකල් බබා බලා ගන්නවා. ඉතින් මේ දේවල් නිසා හොඳ දෙයක් රංගනය වෙනුවෙන් කිරීමට අවකාශය තියෙනවා.
දැන් ඔබ නැති අඩුව රූපවාහිනියෙ පුරවන්නෙ, නැගණිය බුවනිකා නේද?
ඔව්, අපි දෙන්නා ඇත්තටම හොඳ යාළුවෝ වගේ. අක්කයි - නංගියි වුනාට ඊට වඩා හොඳ බැඳීමක් අපට තියෙන්නෙ.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ප‍්‍රසංග අද මට වඩා ආදරේ හිතෛෂිට’
ශ්‍යාමිලා Thursday, 18 December 2014 06:30 AM
දුක්වෙන්න එපා.දුවට ආදරේ කළා කියන්නේ ඔයාට ආදරේ කළා වගේ තමයි.සුබ පතනවා ඔයාලගේ පවුල් ජීවිතේ හැමදාමත් ආදරෙන් අවංකකමින් පිරුණු පවුල් ජීවිතයක් වෙන්න කියලා. (නි)