ඉහළ ශ්‍රේණි වලට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුදුම විදියට වරප්‍රසාද දෙන බවත් එමගින් සමාගමේ ලාභය පහළ වැටෙන බවත් කියමින් එහි වෘත්තීය සමිති පෙරමුණ අද (06) කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
සංදේශයක් භාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට ගත් උත්සාහය පොලිස් යකඩ වැටෙන් අවහිර කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුල කියන විදිහට දැන් මිනිස්සු ස්ටයික් කරන්නේ , උද්ගෝෂණය කරන්නේ ඉස්සර බැරිවුන නිසා දැන් ජොලියටයි . දැන් මිනිසුන්ට කාල-බීලා කෑමදිරවගන්න, මහපාරට ඇවිත් උද්ගෝෂණය කරනවද?(අ)
මේ රජය බලයට පත් වුණාට පස්සෙ රටේ මිනිස්සුන්ට දකින්න වුණේ සංවර්ධනය වෙනුවට වැඩ වර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ පමණයි. මේ රජයේ දුර්වලකම ගැන කියන්න අලුතින් වචන හදන්න වෙනවා. (ම)
වැඩකරන මිනිස්සු පාරට බසින තැනට කටයුතු නොකර, සාකච්ඡා මාර්ගයෙන් කාර්මික ආරවුල් විසඳා ගැනීමට හැකිවීම ඕනෑම ආයතනයක කළමනාකාරීත්වයේ වගකීමක්. (ම)
රත්නේ ඕක රජයේ දුර්වල කමක් නෙමෙයි.ඒ කාලේ මිනිස්සු ඕවා කරන්න බය වුණා.හැබැයි දැන් එහෙම නැති නිසා මිනිස්සු ඕනෑ දෙයක් නිදහසේ කරනවා. (ම)
මේ හැමෝම අනෙක් ආයතනත් එක්ක බලන කොට හොද පඩියක් ගන්නවා. (ර)
හැමදේකටම මිනිස්සු පාරට බහින එක දැන් නිකන් කලාවක් වෙලා. අනික් අතට පාලකයිනුත් මිනිස්සුන්ට පාරට බහින්න ඉඩ දීලා ඔහේ බලන් ඉන්නවා. නැත්තම් මිනිස්සුන්ට පාරට බහින තැනට වැඩ කරනවා. මට නම් දැන් මේ රටේ සිදු වෙන දේවල් ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්. (ර)
දැන් සතියක විතර ඉඳලාම ටෙලිකොම් සේවාවන් අඩාලයි. ඩිජිටෙල් ඇමතිලාටවත් අපේ රටේ දේ රැකගන්න උවමනාවක් නැති බවයි පේන්නේ (නි)
මේ මිනිස්සු අද පාරට බැහැලා. කොච්චර තණ්හාවක් ඇද්ද කියලා හිතෙන්නේ මට විතරද? (නි)
තණ්හාව ශෝකයට මුලයි (නි)
මේ කට්ටිය ගොඩක් මහන්සිවෙලා වැඩ කරන බව නම් පෙනෙනවා (නි)
එ අය හොද පඩියක් ගන්නෙ ගොඩක් මහන්සිවෙල කැපවිමෙන් වැඩකරල. එත් කළමනකරනයෙ පොඩි පිරිසක් ආයතනය කොටස් කොටස් විකුනලා විනාශ කරනවා. එයට විරුද්දව තමයි මෙ විරොදය. ලංකාදිපයෙ විතරයි මෙ ගැන මෙහෙම හරි විස්තරයක් ගියෙ. එයට ස්තුතියි. (ර)
මේ ප්‍රශ්න දුරදිග යවන්න එපා (නි)
අතුල, පසුගිය රජය කාලෙත් ඕනෑතරම් වර්ජන උද්ඝෝෂණ තිබුනා. ඔයාගේ වයස මම දන්නේ නැති නිසා, දන්නා කෙනෙකුගෙන් අහලා දැනගන්න 1988/89 ආණ්ඩුව යටතේ කිසිම වර්ජනයක් තිබුනේ නැහැ. ඒ මොකද කියනවා නම් එහෙම කරපු කෙනා පහුවදාට ඉන්නේ ටයර් සෑයේ (නි)
අද මාධ්‍ය නිදහස කොහෙද? මාධ්‍ය කරුවොත් මුදල් වලට යට වෙලා ද? එහෙම නැත්නම් බියගුල්ලො වෙලා ද? මේ වර්ජන මේ ආයතන වල ප්‍රශ්න ජනතාව දැන ගන්නවට බය ඇයි..? ප්රශ්ක වල නියම ස්වභාවය පෙන්නල කතාකරන්න ඉන්න එකම මාධ්‍ය ලංකාදීප පමණ ද? එක මාධ්‍යක් හරි ඉන්න එක ගැන සතුටුයි (ම)
මෙයාලගේ පඩිය ප්‍රසිද්ධ කරන්න කියන්න. එතකොට තේරෙයි සටන සාධාරනද කියලා (නි)
ආයතනයක දක්ෂ සහ පුළුල් දැක්මක් ඇති ඉහළ නිලධාරීන් ඉන්නවා නම් සේවකයන්ට මෙහෙම පාරවල් ගානේ කෑ ගහන්න වෙන්නෙ නැහැ. මට මතක විදියට ඉස්සර ජපන් කළමනාකාරීත්වය තියෙනකොට ටෙලිකොම් ආයතනයේ මෙහෙම වැඩවර්ජන, පෙළපාලි, උද්ඝෝෂණ කියන දේවල් නිතරම දකින්න ලැබුනෙ නැහැ. දැන් ඒකට හැම මාස කීපයකටම සැරයක් මොකක්හරි දෙයක් තියෙනවා. (නි)
මේක ඉතින් සිරි ලංකාවනේ (නි)
සමහර අර්ධ රාජ්‍ය ආයතන වල තතවයත් මෙයමයි. සාමුහික ගිවිසුම් යැයි කියමින් සාමාන්‍ය සේවකයට පඩි වැඩි කරන්නේ රු.1000 කින් විතර. නමුත් නිකන් පුටු රත් කරන, වෘත්තිය සමිති බදාගෙන සිටින අයගේ පඩි ලක්ෂ ගණනින් හොරෙන්ම වැඩි කරගෙන. (නි)
සමහර අර්ධ රාජ්‍ය ආයතන කෝටි ගණන් පාඩු යැයි කියමින් උදේ සවස චක්‍රලේඛන එවනවා සේවකයින්ට ඉක්මනින් විශ්‍රාම යන්න කියලා. නමුත් ඒවායෙ ඉන්න දේශපාලනය කරන දෙපැත්තෙම අයගෙ පඩි ලක්ෂ ගණන්. හිතා ගන්න බැරි ගණන්. එ් අය විශ්‍රාම යනකොට රටේ භාණ්ඩාගාරය හිස්වෙන තරමට ගෙවන්න වෙනවා. (නි)
හේෂානිගේ අදහස එක්ක මාත් එකඟයි. ඒත් එක්කම දැන් තියෙන රටේ තත්වෙ එක්ක, පාරට නොබැස්සොත් වැඩක් කර ගන්න වෙන්නෙත් නෑ. ඒ තරමටම රට පිරිහිලා කියලා තමා මට නම් හිතෙන්නේ. (අ)