පසුගියදා පැරීසියේදී පැවැත්වූ යුරෝපා ලක් රූ රැජිණ සැණකෙළියේ අරමුණ ශ්‍රී ලංකාවේ වකුගඩු හා පළිකා රෝගීන්ට සරණ වීමයි. එම කටයුත්ත පසුගියදා ශ්‍රී ලංකාවේදී සිදුවිය. ප්‍රංශ ශ්‍රී ලංකා සුභ සාධක සංවිධානය කැබිතිගොල්ලෑව අයියතිගේ වැව විදුහල, වාහල්කඩ සුනේත්‍රාදේවි මහ විදුහල, පුත්තූර්හී මඩිහේ පඤ්ඤාසීහ ප්‍රාථමික හා මහ විදුහල්හිදී ධාරිතාව ලීටර් 300 ක ජල පෙරණ යන්ත්‍ර පිරිනැමීම පාසල් ලිපි ද්‍රව්‍යයද බෙදාදුන්නේය.
ඔවුහු තෙල්ලිපලේ හා මහරගම පිළිකා රෝහල් හි නේවාසිකයන්ට දැඩි සත්කාර ඖෂධ හා මූලික වෛද්‍ය උපකරණද කුරුණෑගල ජාතික ආරක්ෂක බළ මුළුවේ ආබාධිත රණ විරුවකුට පරිගණකයක්ද ජල පෙරන යන්ත්‍රයක්ද හා මියගිය රණවිරු පවුල්වල දූ දරුවන්ට පාසල් පොත් පිරිනැමූහ.
මෙම පිංකමට දායකවූ පැරීසියේ හා ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම ප්‍රංශ ශ්‍රී ලංකා සුබ සාධන සංවිධානයේ සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා ස්තුති කළේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරිත්‍යාගයට සම්බන්ධ වුණ අය මේ ඡායාරූප දකිද්දී මොනතරම් සතුටක් ලැබෙනවා ඇද්ද?මේ රටේ ඉපදිලා මේ රටටම අපහාස කරමින් පිටරටවල් වලට වෙලා ඉන්න අයට නම් කවදාවත් මේ සැනසීම ලැබෙන්නෙ නැහැ (නි)
හිත් පිත් ඇති මිනිස්සු තවමත් අපේ රටේ ඉන්නවා.මේවා හොඳ ආදර්ශ රටට වින කටින මිනිසුන්ට.(අ)
හරිම ලස්සනයි!
"ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨී පරමං ධනං " යන බුද්ධ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පැරිස් ලක් මිතුරු කැළ විසින් තම මව්බිමේ වැසියන් රෝගවලින් මුදවා ගැනීමත් ,අසරණභාවයට පත්වුවන්ට දැක්වූ මෛත්‍රී කරුණාවත් ලෝකයේ වෙනත් රටවල වාසයකරන සියලුම ලාංකිකයින්ටද ඉමහත් ආදර්ශයක් වේවා ! (නි)
ඉපදුන රටට සැනසිල්ලක් ගෙනදෙන්න..... ගන්නා දිරිය අගයමි සිත පතුලෙන්ම...... එකමුතුකමේ බලමහිමයෙ සවිය ලැබ...... සුරපුරයක් කරමු සුන්දර අපගෙ රට! (නි)