අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියට අදාළ සිසුවාට ජීවීතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි කියන සිද්ධියට අදාළ සිසුවාට ජීවීතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ. අනාගත දේශපාලකයෙක් වෙන්න දැනටමත් ඉහළම සුදුසුකම් ලැබිලා තියනවානේ .
මේ පාර නම් විභාග දෙපාර්තමේන්තුව මේ ගත්ත තීරණය අපි බොහොම අගය කරනවා. මේ වරදත් සුළුවෙන් ගත්තා නම් හැමදාමත් සල්ලි තියන අයම විතරක් විභාග පාස් වෙයි. ගමේ පාසල් වල ගොඩක් දුක් විඳලා බොහොම මහන්සියෙන් කැපවීමෙන් ඉගෙන ගන්න ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවා... පොදුවේ මේ වගේ වැරදි කරන සහ වැරදි නොකරන, වැරදි කරන්න හිතාගෙන ඉන්න අයට මේක නම් ලොකු පාඩමක්, මේ ළමයාගේ තාත්තායි, ගුරුවරුයි කියා ගන්න අයයි මේ ළමයට වැරැද්ද පෙන්නලා දීලා, ඔය වියදම් කරපු සල්ලි දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න වියදම් කළා නම් ඒ පිනෙන් මේ ළමයා විභාග පාස් වෙන්න තිබුණා. එහෙම නැත්තම් හිතේ සතුට හරි ඉතුරු වෙනවා. දැන් මුළු ජිවිත කාලෙම මැරී මැරී ජීවත් වෙනවා නේද?
ඇත්තටම මේක හොඳ තීරණයක්, නිදිමරාගෙන කට්ට කාලා ඉගෙනගත්තු අපි දන්නවා එ්කේ තියෙන අමාරුකම. සල්ලි වලින් විභාග ගොඩ යන්න හිතන් ඉන්න අනිත් මිනිස්සුන්ටත් පාඩමක් ඉගෙනගන්න එක්ක මෙහෙම කරන එක හොඳ දෙයක්...
මිනිහව අපි ජීවිතාන්තය දක්වාම හොරෙක්, මිනීමරුවෙක් නුගත් මිනිහෙක් බවට තල්ලුකරනවද ...? මේ පොඩි වරදකට මෙහෙම නම් මෙච්චර හොරකම්, දූෂණ කරන දේශපාලකයන්ට..
බොහොම හොඳයි.. මේ වගේ අයට දෙන්න ඕනේ මේ වගේ දඬුවම් තමයි. අනිත් හොරුන්ටත් හැදෙන්න...
මෙය එතරම් හොද තීරණයක් නෙමෙයි. ළමයාගේ මුළු ජීවිතයම අඳුරු වෙනවා. වැඩිහිටියෙක් වුණාට පසු තමයි තේරෙන්නේ පොඩි කාළේ කරපු දේවල්වල බරපතලකම... මේ තුලින් වැරැද්ද හදාගන්න අවස්ථාවක් නැහැ. අන්තිමට එයාට ඉතුරුවෙන්නේ හොරෙක් මිනිමරුවෙක් වෙන්න. ටික කාලයකට විභාගය තහනම් කරානම් වැරැද්දට දඬුවමක් ලැබෙනවා වගේම පස්සේ ජීවිතේ හරි ගස්ස ගන්න අවස්ථාවක් ලැබෙනවා.
දැන් කාලේ හැමෝම බලන්නේ මහන්සි වෙලා ජීවිතය ජයගන්න නෙමෙයි. මුදල් සහ වෙනත් බලයන් පාවිච්චි කරලා හොර පාරෙන් වැඩ කරගන්න. හොඳම නිදසුනක් තමයි සයිටම්. වෙනත් පුද්ගලික විශ්ව විද්‍යාලවල ළමයි මහන්සි වෙලා විභාග පාස් වෙද්දී මේ ගොල්ලෝ සල්ලි සහ දේශපාලන බලය පාවිච්චි කරලා හොරට උපාධි ගන්න බලනවා.
මගේ නම් අදහස මේ ළමයාගේ අනාගතය අඳුරු නොකර පියා සහ ගුරුවරුන් දෙදෙනා බරපතල වැඩ සහිතව වසර 5 හෝ 10 සිරදඬුවමකට ලක් කල යුතුයි. මේ ගුරුවරුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා අධ්‍යාපන සේවය අදාල කිසිම රැකියාවක් හෝ පුද්ගලික සේවාවක් පැවැත්වීම හා රජයේ රැකියාවන් ලබාදීම තහනම් කල යුතුයි.
මට නම් හිතෙන්නේ මේ ළමයට මේ ආකාරයෙන් දඬුවම් නොකර, දැඩිසේ අවවාද කර, මේ විභාගයේ ප්‍රතිඵල අත්හිටුවා ලබන අවුරුද්දේ විභාගයට ලියන්න අවසර දුන්නා නම් හොඳයි. මුලු ජීවිතයක්ම අඳුරු වෙයි නැත්නම්. රටේ වෙන දේවල් එක්ක බලනකොට මේක ළුෑණු බිකක්. මේ තීරණයත් සමග ළමයාගේ ජීවිතේ හොඳ අතට හැරුණොත් හොඳයි. නැතිවුණොත් ඊට පස්සේ වෙන දේ හිතාගන්න බැරිවේවි. !!!
ළමයට වගේම ආධාර හා අනුබල දීම උදෙසා තාත්තටත් එම දඬුවම දීම වඩාත් සුදුසුයි. තාත්තා පිටරට ගිහිල්ලා උපාධි ගත්ත කෙනෙක් වගේ. ඒ වගේම පුතාටත් තියෙන්නේ පිටරටකට ගිහිල්ලා උපාධියක් අරගෙන අනාගත ජීවිතය පිටරටකම පදිංචි වෙන එකයි.
වරදට දඩුවමක් දෙන්න නමුත් තරුණ ජීවිතයක් අඳුරු නොකරමු. දරුවන් මල් මෙන් ලස්සනයි. වරද නිවැරැදි කර යහපත් පුරවැසියෙක් රටට දායාද කරමු..
Neesha ඔයාගෙ අදහසට මමත් එකඟයි. ඔහුගෙ වරදට සමාවදී සමාජගත කරන්නේ නම් එය ඉදිරි ජීවිතයේ දී වැරදි නොකිරීමට මනා පිටුවහලක් වෙයි කියා මම හිතනවා.
විභාග දෙපාර්තමේන්තුවේ තීරණය අගය කලයුතු වෙනවා. එයින් ඉතාම දුප්පත් එදිනෙදා කාගේ හෝ කුලියක් කර ජීවත්වන දෙමාපියන්ගේ දරුවන්ටත් උසස් අධ්‍යාපනයකට ඉඩ ලබනවා නැත්නම් එවැනි දරුවෝ හැමදාම අසරණ වෙනවා හොරු තක්කඩින් රජවනවා සාධාරනය රජ කරවමු
සමහර මහත්තුරු සලකන්නේ මේක බොහොම සුළු වරදක් කියලයි. අපූරුයි. මේ වරදට අනුබල දුන්නු තාත්තා මේකේ බරපතලකම දන්නේ නැද්ද? මෙහෙම වංචා කරලා විභාගවලින් පාස් වෙන්න ජිල්මාට් දමන්නේ පාස් වෙන්න බැරි බව දන්නා අන්තිම අදක්ෂ ළමයි. මෙවැනි වංචාවලින් වෙනත් ළමයින්ට තියන අවස්ථා පැහැර ගැනීමක් සිදුවන බව තේරුම් ගන්න බැරිද? ළමයාගේ අනාගතේ ගැන බය වෙන්න එපා. දැනටමත් ජිල්මාට් පුහුණුව තාත්තගෙනුයි, ටියුෂන් ගුරාගෙනුයි ලැබිලා තියනවනේ! ඉදිරියේදී ළමයා බොහොම දක්ෂයෙක් වේවි, මේ වගේ අනියම් කර්මාන්තවලට!
අති දක්ෂ සිසුවෙක්. නිකමෙක් වගේ කෝටිගනන් හමීබකරන කෙනෙක් නෙවෙයි. අනාගතය අදුරු නොකර රඡයේ ආරක්ෂක අංශයේ තනතුරක් දී ඔහුගෙන් රටට ප්‍රයෝජනවත් සේවයක් ඉටුකර ගැනීමට බුද්ධිය පහල වේවා. රටට තවත් වැඩදායක පුරුෂයෙක් බිහිකරගන්න ලැබේවා. ඔවැනි තීරණ නිසා ඔහුගේ අනාගතය අදුරු කරන්න එපා.
අපේ උ.පෙළ නැති වුණාට, ලන්ඩන් උ.පෙළ තියෙන්නේ කරලා ගොඩ යන්න. දඬුවම නම් සැර වැඩියි තමයි.
අපොයි ඔව් නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන රටක්නේ ලංකාව. ඔය තහංචි දැම්මට ඕවාට වෙට්ටු දාලා ඔය ළමයා අපූරුවට මින් පස්සෙත් විභාග වලට ලියාවි...
පියා සහ ගුරුවරුන් දෙදෙනා බරපතල වැඩ සහිතව සිරදඬුවමකට ලක් කල යුතුයි. මේ ගුරුවරුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා අධ්‍යාපන සේවය අදාල කිසිම රැකියාවක් හෝ පුද්ගලික සේවාවක් පැවැත්වීම හා රජයේ රැකියාවන් ලබාදීම තහනම් කල යුතුයි.
ඉතාමත්ම හොඳ, නිවැරැදි තීරණයක්... මට ඇති සැකය මේකත් බලරහිතයිද කියලයි...
විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග වලින් ජයගන්න කෙනෙක් විතරද ජීවිතේ ජය ගන්නේ?
තාත්තට සල්ලිත් තියෙන එකේ අනේ මේ ළමයා ඇමරිකාව පැත්තට යවලා දක්ෂතාවය පෙන්නන දෙයින් ඉදිරියට යවන්න. අපේ අය එක්ක කැම්පස්වල රස්තියාදු වෙන්න අරින්න එපා.
ඔහුගේ පියා වූ දොස්තරට අමතක නොවන දඬුවමක් දෙන්න බැරිද? මේ රටේ දරුවෙකුගේ ජීවිතය විනාශ කිරීමට උදව් දීම ගැන....