
(ලලිත් නවරත්න)
තොඩුවාව තල්විලවැල්ලේ නීතිවිරෝධි ලෙස පවත්වාගන ගිය සම්භාහන මධ්‍යස්ථානයකදී විදෙස් තරුණියකට ලිංගික අතවරයක් සිදු කළ සම්භාහනකරුවකු සහ සම්භාහන මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවිල සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 සහ 43 වයසැති පුද්ගලයෝ දෙදෙනෙකි. මෙම සිදුවීමෙන් අගතියට පත්ව ඇත්තේ 23 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියෙකි.
මෙම සම්භාහන මධ්‍යස්ථානය තල්විල වැල්ල ප්‍රදේශයේ පවත්වාගන ගොස් ඇති අතර ඒ සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක්ද නොමැති බව පොලීසිය පවසයි.
මෙම සම්භාහන මධ්‍යස්ථානයට ප්‍රංශ ජාතික තරුණිය සහ ඇයගේ මව්පියන් සම්භාහනයක් සිදුකර ගැනීම සඳහා පැමිණ ඇති අතර පළමුවෙන් තරණිය ඒ සඳහා සම්භාහනය සිදුකරන කාමරයට ගෙන සම්භාහනය කරමින් අතවරයට ලක්ව ඇති අතර ඇය එම ස්ථානයෙන් ඉවත්වී මේ බව තම මව්පියන්ට සැලකිරීමෙන් අනතුරුව ඔවුන් මෙම පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කර ඇත.ෙ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයො නැතිකරගන්නෙ කර්මාන්තයෙ යෙදෙන උන්මයි
මිරික මිරික හිටියා නම් නම් ඉවරනේ... සම්බාහනේ කියන්නේ ආයේ මිරිකන එක නොවැ...
මේ වගේ නොහොබිනා වැඩකරලා දැන් මේ ගොඩනැගීගෙන එන සංචාරක කර්මාන්තය ආපහු නැති කරලාම දාමු. මේ වගේ අසහනකාරයින්ට දියහැකි උපරිම දඬුවම් ලබාදෙන්න.