වෘත්තීය තානාපතිවරයකු වන ජෝන් මැරැන් ෂූ , මෛත්‍රිපාල සිරිසේන ජනපතිට පසුගියදා ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති වශයෙන් සිය අක්තපත්‍රය බාරදුන්නේය.
1962 වසරේ දෙසැම්බර් 26 වැනිදා උපත ලද ඔහු වසර 25කට අධික කාලයක් තිස්සේ ආසියා කටයුතු ගැන විශේෂඥ දැනුමක් ලබා සිටින අතර චීනය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානයේ තානාපති සේවාවල නිරත විය.
ප්‍රංශයේ නයිට්වරයකු වන ඔහු පැරිසියේ දේශපාලන අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන්ද ප්‍රාචීණ භාෂා හා ශිෂ්ටාචාරය පිළිබඳ පැරිස් ආයතනයෙන්ද පැරිසියේ ජාතික විශ්ව විද්‍යාලයෙන්ද උපාධි හිමිකරගෙන සිටී. ඵෙතිහාසික ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දර්ශනපති උපාධියද ඔහු ලබා ඇත.
චීන භාෂා පිළිබඳ විශාරදවරයකු වන ඔහු ප්‍රංශ බසට අමතරව ඉංග්‍රීසියද ප්‍රගුණ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ එ්කේ අනිත් පැත්ත 8 පාස් සහ දේසපාලුවන්ට කඩේ ගොසින් ඇති පළපුරුද්ද (බ)
චීනය හඳුනන ආසියාවට ගැලපෙන කෙනෙක් (බ)
හරියටම අපේ තානාපති සේවයේ අය වගේමයි. එක සුදුසුකම් තියෙන්නේ (බ)
ගන්නවානම් මේවා හොඳ උදාහරණ අපිට. මේ රටවලින් එවන අය සහ අපි යවන අය අතරේ වෙනස වටහා ගන්න.(බ)