(ගයාන් සූරිය ආරච්චි සහ සිතුම් චතුරංග)
ඉඩමක ආරවුලක් විසඳා කරදරයක් නොමැතිව එය පවත්වාගෙන යෑම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලස් ගත් බව කියන පුරවසම් කුලම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (21) අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි.
සෙට්ටි කුලම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුගේ නිල කාර්යාලය තුළදී රුපියල් ලක්ෂ පහක් අල්ලස් මුදල් ලබා ගැනීමේදී අල්ලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් දෙපාර්තමේන්තුවේ ජාතික ජන බලවේගය විසින් ප්‍රධාන වෙනස්කම් සිදු කර නොමැත. වෙනස්කම් මගින් නැවත සංවිධානය කිරීමෙන් පොලිස් කටයුතු වේගවත් කළ හැකිය. සුදුසු නිලධාරීන් පමණක් ස්ථානගත කළ යුතුය. දෙපාර්තමේන්තුවේ ඉතා කාර්යක්ෂම PCC සහ PSS ඇත, වර්තමාන උසස්වීම් ක්‍රමය නිසා ඔවුන්ට ඔවුන්ගේ සේවාවන් නිසි ලෙස ලබා දීමට අවස්ථාවක් නොලැබේ. බ්‍රිතාන්‍ය පාලකයන් පොලිස් දෙපාර්තමේන්තු නියෝගවල ප්‍රකාශ කරන පරිදි වෙනස් වීමට නියමිත උසස්වීම් ක්‍රමය. වර්තමාන ක්‍රමයට අනුව දැනුමැති නිලධාරීන් පැත්තකට වී සිටින අතර රළු අයට දෙපාර්තමේන්තුව සහ රට විනාශ කිරීම සඳහා උසස්වීම් සහ තනතුරු ලබා ගත හැකිය.