පුරා වස්තු විනාශයන් පිළිබඳව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය මන්දගාමීව කටයුතු කිරීම හේතුවෙන් අනුරාධපුර පුදබිමේ පුරාවස්තු මත අනසවසර ඉදිකිරීම් හා විනාශ කිරීම් ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පොලිස්පතිට දැනුම් දී ඇත.
අගෝස්තු හා සැප්තැම්බර් මාසවල දී පමණක් අනුරාධපුර පුරා විද්‍යා පළාත් අධ්‍යක්ෂවරයා විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි 10ක් ඉදිරිපත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව උතුරුමැද පළාත් සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ ඩී.එම්.පී.කේ.බී.දිසානායක මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති තුමාට කවුරුහරි ඇමතුමක් නොදුන්නොත් නම් එතුමා ඔය වැඩේට මැදිහත් වේවි. මේ අපි ඉන්න රටවල පුරාණ. දේවල් රැකගන්නේ පුදුම භක්තියකින්. (ම)
මේක ඉතින් සිරි ලංකාවනේ! (නි)
පුරාවස්තු කියා වැනසෙන්නේ ද්‍රව්‍යයම දේවල් පමණක් නොවෙයි. ඊටත්වඩා වටිනා ජාතියේ ඉතිහාසයයි. මොවුන් විනාශ කරන්න උත්සාහ කරන්නෙත් එයමයි. (නි)
ඉහළ නිලධාරීන් සුපිරි ජරාවක් කනවා ඇති. මේක ලංකාවනේ! (නි)
පොලිසිය මර නින්දේ නම් යුදහමුදාවට බාරදෙන්න. එසේ කිරීමටත් මේ රටේ දේශපාලකයන්ට කොන්දක්, හැකියාවක් නැත්නම් සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් වැඩකරන ස්වේච්ඡා බලකායක් සාදා ඔවුන්ට බාරදෙන්න. (නි)
කොහොමද අත්අඩංගුවට ගන්නේ? පුරාවස්තු, වනසම්පත් සංහාරය වැනි පරිසරයට අයිති සියලුම සම්පත් අවභාවිතා කරන්නේත් ඒවාට හානිකරන්නෙත් කව්ද? ඉතින් පොලිසිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාකරයිද? (නි)
සමහරු බලාගෙන ඉන්නවා අපිට ඉතිහාසයක් තිබුණු බව පෙන්වන්නවත් නැති අවස්ථාවක් වෙනතුරු. දැනටමත් පරක්කු වැඩියිද මන්දා. සෙම්බුවත්ත වැව ගැනත් සමහරු දැන්මම අයිතියක් කියාගෙන එනවා (නි)
පොලිස්පතිතුමා මොනවා හරි කරාවි. (අ)