(ඩයනා උදයංගනී)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ කටයුතු සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ෂණයක් අනුව ඔහුගේ සේවය අත්හිටුවා තාවකාලිකව අමාත්‍යාංශ නිලධාරී සංචිතයට ඇතුළත් කිරීමට මීට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කෙරිණි.
නව පත්වීම ලැබ ඇති පී.බී මණ්ඩාවල මහතා පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙන්ම වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ද වන අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණ පීඨයේ පීඨාධිපතිවරයා ද වේ.
යාපනය ලන්දේසි බලකොටුව සුරැකීමේ හා ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියේ උපදේශකවරයෙක් ලෙස මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක‍්‍රියාත්මක කළ මහා විහාර, ජේතවනාරාම සහ පොළොන්නරුව සංරක්‍ෂණ ව්‍යාපෘතීන්හි අධ්‍යක්‍ෂවරයා ලෙස ද මහාචාර්ය මණ්ඩාවල මහතා කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd